අහම් ෂර්මා | |
---|---|
![]() අහම් ෂර්මා 2016 සී රිෂ්තේ සම්මාන උළෙලේ දී | |
උපත | 22 ජූලි |
තත්ත්වය | විවාහක |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 2008–වර්තමානය |
අහම් ෂර්මා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ බිහාරයේ බාර්හි නළුවකු බවට පත් ඉංජිනේරුවරයෙකි.[2] ඔහුගේ චිත්‍රපටයක් වූ 1962 My Country Land චිත්‍රපටය 69වන කෑන්ස් චිත්‍රපට උළෙලේ දී, Marche du Film හිදී ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.[3]
ෂර්මා ප්‍රකට වූයේ මහාභාරත් (2013) , දෝස්ති... යාරියන්... මන්මාර්සියාන් (2015) , සහ බ්රහ්මරාක්ෂස් (2016) යන කතාමාලාවල ඔහු නිරූපණය කළ චරිත හේතුවෙනි. මහාභාරත් රූපවාහිනී කතාමාලාවේ දී ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව හේතුවෙන් ෂර්මා සහායක චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටේලලි සම්මානයක් සහ ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ "සාති නායි සොච් කා" යන සම්මානය හිමි කරගැනීමට සමත් විය. Eastern Eye විසින් මොහුව ලොව සරාගීම ආසියානු පිරිමින් 50 අතරට ඇතුළත් කොට ඇත.[4]
අහම් ෂර්මා සිය රංගන වෘත්තිය ආරම්භ කළේ NDTV ඉමැජින් නාළිකාවෙන් විකාශය වූ චන්ද් කේ පාර් චලෝ නම් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරමිනි. මෙහි දී ඔහු විසින් ලක්නව් පසුබිමෙහි වංශවත් පෙළපතකින් පැවත එන තරුණයකු වන රෙහාන් නැමැති ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. එම කතාමාලාව අනුව ළමාවියේ දී සිය පියාගේ මරණය හේතුවෙන් රෙහාන්ව පවුලෙන් වෙන් කෙරෙන අතර, මේ නිසා ඔහු සිය මවට දැඩිව අමනාපය පළ කරන්නට පෙළඹේ.[5] අනතුරුව 2010දී ඔහු කලර්ස් නාළිකාවෙන් විකාශය වූ බයිරි පියා නම් රූපවාහිනී කතාමාලාවේ නිර්භයි පුණ්ඩීර් නැමැති සහාය චරිතය නිරූපණය කළේ ය. අනතුරුව ඔහු හම් නේ ලි හේ - ශපත් කතාමාලාවේ ඍණාත්මක චරිතයක් නිරූපණය කළේ ය. මෙහි දී 2013 මැයි 25 දින විකාශය වූ එක් කථාංගයක ඔහු "වෛද්‍ය අජේ/විද්‍යුත්" නැමැති සුපිරි බලයක් සහිත දුෂ්ට චරිතය නිරූපණය කළේ ය.[6]
ෂර්මා සී ටීවී නාළිකාවේ කතාමාලාවක් වූ ඒක් නායි ඡෝටි සි සින්දගි (2011) නම් කතාමාලාවේ රංගන කණ්ඩායම සමග සම්බන්ධ විය. මෙම කතාමාලාව ඉෂා සහ ඉරා නැමැති අනාථ සොයුරියන් දෙදෙනකු පිළිබඳ කියැවෙන නාට්‍යයකි. ෂර්මා මෙහි දී "ශ්‍රාවන්" නැමැති චරිතය නිරූපණය කළේ ය.[7]
2009දී, ෂර්මා සිය ප්‍රථම චිත්‍රපටය වූ Blue Oranges සමග සම්බන්ධ විය. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ නවක අධ්‍යක්ෂකවරයකු වූ රාජේශ් ගංගුලි විසිනි. මෙහි දී ඔහු විසින් කෙවින් ට්රැවසෝ නැමැති චිත්‍ර ශිල්පියකුගේ චරිතයක් නිරූපණය කරන ලදී. කෘතහස්ත රංගන ශිල්පියකු වූ රාජිත් කපූර් ද මෙයට රංගනයෙන් දායක විය. මීට අමතරව ෂර්මා යේ ජෝ මොහබ්බත් හේ (2012) සහ කාර්ලේ ප්යාර් කාර්ලේ (2014) යන චිත්‍රපටය සඳහා ද සිය දායකත්වය ලබා දී තිබේ.
ෂර්මා ප්රමුඛත්වයට පත් වූයේ ආස්මන් සේ ආගේ (2012) සහ පසුව නව මිත්‍යාමය රූපවාහිනී කතාමාලාවක් වූ මහාභාරත් (2013) යන රූපවාහිනී කතාමාලාවල ඔහු නිරූපණය කළ චරිත හේතුවෙනි. මෙහි දී ඔහු විසින් පිළිවෙලින් "අංගාද්" සහ "කර්ණා" යන චරිත නිරූපණය කරන ලදී. අංගාද් චරිතයේ ඔහුගේ රංගන දක්ෂතාව ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක් විය.[8] කර්ණා චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් ඔහු සිය ප්‍රථම සම්මාන වූ ස්ටාර් පරිවාර් උළෙලේ සාති නායි සොච් කා සහ ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී සහායක චරිතයක හොඳම නළුවා යන සම්මාන හිමි කරගැනීමට සමත් විය. මහාභාරත් තුළ ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව ඉන්දියාවු ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව විදෙස් ප්රේක්ෂකාකර්ෂණයට ද හේතු විය. ෂර්මා ඇතුළු මහාභාරත් රංගන කණ්ඩායමට රසික හමු සංචාරයක නිරත වීමට ද සිදු විය. 2014දී ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළ මෙම කතාමාලාව විදේශයන්ගේ පුළුල් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගැනීමට සමත්වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස කතාමාලාවේ ප්රමුඛ චරිත වෙත ඉන්දුනීසියාවේ විශේෂ උත්සවයක් සඳහා ආරාධනා කෙරිණි.[9] මහාභාරත්හි සිය සහෝදර රංගන ශිල්පීන් සමග ෂර්මා 2014 වර්ෂයේ දී "Mahabharat Show: Fan Meeting Tour" සඳහා සහභාගී විය.[10][11][12][13][14][15][16]
2014දී, බ්‍රිතාන්‍ය සතිපතා පුවත්පතක් වූ Eastern Eye පුවත්පතේ ලොව සරාගීම ආසියානු පිරිමින් 50 දෙනා ලේඛනයේ 11වන සංස්කරණයේ 27වන ස්ථානයට ෂර්මාගේ නම ඇතුළත් කෙරිණි. 2015 මුල් කාලයේ දී,[17] ස්ටාර් ප්ලස් නාළිකාව වෙනුවෙන් සිද්ධාර්ත් කුමාර් තේවාරි විසින් නිෂ්පාදනය කළ මන්මර්සියාන් නම් නව රූපවාහිනී වැඩසටහනේ ප්‍රධාන චරිතය සඳහා ෂර්මා තෝරාගැනිණි. මෙහි දී ඔහු විසින් සැඟවුණු රහසක් ඇති අර්ජුන් මෙහෙරා නැමැති චරිතය නිරූපණය කරන ලදී. මෙම චරිතය තුළින් විවිධ ස්වරූප දක්නට ලැබෙන අතර, එය ඔහුගේ යහපත සහ අයහපත අතර දෝලනය වෙමින් පවතියි.[18]
ඉන්දු-චීන යුද්ධය පිළිබඳ කියැවෙන කාලාන්තර චිත්‍රපටයක් වූ 1962 My Country Land තුළ ඔහු විසින් ඉන්දු-චීන දේශසීමාවේ සිතියම් නිර්මාණය භාරව සිටි හමුදා ලාන්ස් නායික්වරයකුගේ චරිතයක් නිරූපණය කරන ලදී.[19]
වර්ෂය | චිත්‍රපටය | චරිතය |
---|---|---|
2009 | Blue Oranges | කෙවින් ට්රැවසෝ[20] |
2012 | යේ ජෝ මොහබ්බත් හේ | සොරාවර් |
2014 | කාර්ලේ ප්යාර් කාර්ලේ | ජාස්[21] |
2016 | 1962, My Country Land | හමුදා ලාන්ස් නායික් ලුයිත්ය[22] |
වර්ෂය | සම්මාන | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | ස්ටාර් පරිවාර් සම්මාන | "සාති නායි සොච් කා"[32] | මහාභාරත් | දිනාගති |
2014 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | සහාය චරිතයක හොඳම නළුවා[33] | මහාභාරත් | දිනාගති |
{{cite web}}
: Check |archiveurl=
value (help)
{{cite news}}
: CS1 maint: bot: original URL status unknown (link)
{{cite news}}
: CS1 maint: bot: original URL status unknown (link)
{{cite web}}
: Check |archiveurl=
value (help)
{{cite web}}
: Check |archiveurl=
value (help)
{{cite news}}
: CS1 maint: bot: original URL status unknown (link)