ඉන්ද්රසාල ගුහාව හෙවත් ඉන්ද්රශිලා ගුහාව හෝ ඉන්ද්රශෛල ගුහාව යනුවෙන් හැඳින්වෙන්නේ බෞද්ධ ග්රන්ථවල සඳහන් ලෙනකි. බෞද්ධ ඉතිහාසයට අනුව, මෙම ලෙනෙහි මඳ කලක් වැඩවිසූ බුදුන් වහන්සේ, ඉන්ද්ර දෙවියන්ට සක්කපඤ්ඤ සූත්රය දේශනා කොට තිබේ. මෙම සූත්රය දීඝ නිකායෙහි අන්තර්ගත ය.[1] මෙම දේශනාව කළ අවස්ථාවේ ශක්රයා (හෙවත් ඉන්ද්ර) සමඟ පංචශිඛ (හෙවත් කුබේර) ද සිට ඇත.[2] පංචශිඛගේ වීණා වාදනයෙන් පසුව, ඉන්ද්රයා බුදුන් වහන්සේගෙන් ප්රශ්න 42ක් විමසා තිබේ.[1]
19වන සියවසේ සිටම විද්වතුන් විසින් මෙම ගුහාව පිහිටි ස්ථානය සොයාගැනීමට ප්රයත්න දරා තිබේ.[3] ඉන් එක් මතයක් නම් මෙය වර්තමාන බිහාර් හි ගීර්යක් නම් ස්ථානය බවයි.[4] රජගහ අසල වේදියක පර්වතයේ මෙය පිහිටා ඇතැයි හඳුනාගෙන ඇත.[5]
මෙම සිදුවීම නිරූපිත නිර්මාණ ගණනාවක් හමුවී ඇත. ඉම් පැරණිතම නිරූපණය ක්රි.පූ. 150 පමණ අයත් වන අතර බුද්ධ ගයාවේ මහාබෝධි විහාරයෙන් මෙය හමුවේ.[තහවුරු කර නොමැත] ක්රි.ව. 89ට අයත් යැයි සැළකෙන ගන්ධාර කැටයමක ඉන්ද්ර හස්තියකු මත සිටින අයුරුත්, බිදුන් වහන්සේ ලෙනක් තුළ වැඩවසන අයුරිනුත් නිරූපිත ය.[2]