ඔරෙගන්හි, පෝ(ර්)ට්ලන්ත නගරය, එළිමහන් රෝස වගාව සඳහා කල්පිත වන්නේ එහි පිහිටීම බටහිර මුහුදුබඩ වෙරළ දේශගුණයට අයත් කලාපයක් අතුළත වීමත්, එහි උෂ්ණත්වයත්, වියළි ග්‍රීෂ්ම ඍතු සහ වැසි සහිත නමුත් සෞම්‍ය ශීත ඍතු, සහ එහි මැටි බහුල පාංශු තිබීමත් ය.[1][2][3] කැරෝලින් මහත්මියගේ පරීක්ෂාවෙන් අනතුරුව, විශාල රෝස පැහැති දෙමුහුන් තේ රෝස ප්‍රභේද ප්‍රංශයෙහි අභිජනනය කිරීම නගරයට හඳුන්වා දීමත් සමඟ, 1888 සිට පෝ(ර්)ට්ලන්තය හඳුන්වනු ලැබුවේ "රෝස මල් සහිත නගරය" නොහොත් "රෝස පුරය" යනුවෙනි. 1905, ලුවිස් සහ ක්ලාර්ක් ශතසංවත්සරය විභාවනයට සූදානම් වීම සඳහා දහස් ගණනින් රෝස පඳුරු සැතපුම් 20 ක් (32 කි.මී.) පමණ පෝ(ර්)ට්ලන්තයෙහි වීථි වල අවසානයෙහි රෝපණය කෙරිණි.[4]
1907, ඊශාන දිග පෝ(ර්)ට්ලන්තයෙහි රෝස පුර උද්‍යානය ස්ථාපිත කිරීමත්, එම වර්ෂයෙහිදීම පළමු වන වාර්ෂික පෝ(ර්)ට්ලන්ත රෝස උලෙළත් පැවැත්විණි. පළමුවන ලෝක යුද්ධය අතරතුර, පෝ(ර්)ට්ලන්ත තවාන් හිමිකරුවන් විසින් යුරෝපයෙහි රෝස විශේෂයන් යුද්ධයෙන් ආරක්ෂා කර ගැනීමට, විශාල රෝස උද්‍යානයක් සැළසුම් කිරීමට ආරම්භ කලහ. 1917 දී එම උද්‍යානය ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය යන නමින් වොෂින්ටන් උද්‍යානයෙහි පිහිටුවන ලදී. වර්තමානයේදී නගරය දියුණු කිරීම සඳහා, සෑම ජුනි මාසයකදීම පෝ(ර්)ට්ලන්ත රෝස උළෙලෙහි සැණකෙළි, පෙළපාලි, සහ නාවික හමුදා නෞකාවන්, ටොම් මැකොල් ජලතීර උද්‍යානය ඔස්සේ නැංගුරම් ලා තිබේ. ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය, වර්තමානයේ එක්සත් රාජධානියෙහි පැරණිතම මහජන රෝස උද්‍යාන අතුරින් එකක් වන අතර, 8000 කට අධික රෝස පැළ සහ 550 කට අධික විවිධාකාර ප්‍රභේදයන්, අක්කර 4.5 ක් (හෙ.යා. 1.8) ආවරණය කරයි. 2003 වර්ෂයේදී පෝ(ර්)ට්ලන්තය "රෝස පුරය" නිල අන්වර්ථ නාමය ලෙස තෝරා ගන්නා ලදී.
1888 දී ඔරෙගන්හි ප්‍රවෘත්ති පත්‍ර ප්‍රකාශකයකු සහ ධනපති ව්‍යාපාරිකයකු වන හෙන්රි පිටොක්ගේ භාර්යාව වන, ජෝ(ර්)ජියානා බර්ට්‍රන් පිටොක් විසින් ඔවුන්ගේ රෝස මල් ප්‍රදර්ශනය කිරීම සඳහා ඇයගේ උද්‍යානයේ කූඩාරමක් සකස් කොට, මිත්‍රයන් සහ අසල්වාසීන්ට ආරාධනා කළා ය. එම ඉඩ ප්‍රමාණය වර්තමානයේ හඳුන්වනු ලබනුයේ "පිටොක් කුටිය" යනුවෙනි. 1889 දී පෝ(ර්)ට්ලන්ත රෝස සංගමය ස්ථාපිත කිරීම සඳහා, නීතීඥවරයකු සහ ප්‍රජා නායකයකු වන ෆ්‍රෙඩ්‍රික් වෑන් වූහීස් හොල්මන්ගේ සහය ලැබිණි.[5]කැරලයින් මහත්මියගේ පරීක්ෂාවෙන් අනතුරුව රෝස ප්‍රභේද, දෙමුහුන් තේ රෝස ප්‍රභේද ලෙස නම් කිරීම සිදුවූයේ, 1890 ඇඟලුම් නිර්මාණකරුවකුගෙන් පසුව, ප්‍රංශ ජාතික රෝස මල් වගා කරන්නෙකු වන ජෝසෆ් ප(ර්)නට් ඩුචර්ගේ හඳුන්වන්වා දීමෙන් අනතුරුව ය. වගා ප්‍රභේද සඳහා ජනප්‍රියභාවය ලැබීමත් සමඟ, 1905 දී ලුවිස් සහ ක්ලාර්ක් ශතසංවත්සරය ප්‍රදර්ශනය කිරීමට ආගන්තුකයන් ආකර්ෂණය කිරීම සඳහා, සැතපුම් 20 ක් පමණ රෝස මල් පාත්ති පෝ(ර්)ට්ලන්තයේ වීථිවල තිබිණි. පෝ(ර්)ට්ලන්තයේ වීථි දිගේ මිලියන බාගයක් පමණ රෝස පඳුරු රෝපණය වූයේ, ලුවිස් සහ ක්ලාර්ක්ගේ විභාවනය සඳහා ය.[6]
1915 දී විනෝදාංශයක් ලෙස රෝස වගාවෙහි නිරත තැනැත්තෙකු සහ ඔරෙගන් පුවත්පත් කතෘ කෙනෙකු වන, ජෙසී කුරේ විසින් පළමුවන ලෝක යුද්ධය අතරතුර යුරෝපයේ දෙමුහුන් රෝස වගාවන් ආරක්ෂා කර ගැනීමට, රෝස පර්යේෂණ උද්‍යානයක් පිහිටුවන ලෙස නගර නිළධාරීන්ට ඒත්තු ගන්වන ලදී. එංගලන්තයේ රෝස පිළිබඳ උද්යෝගීන්ගේ සියලුම රෝස තවාන් සංරක්ෂණය සඳහා පෝ(ර්)ට්ලන්තයට පිටත් කිරීමට අවස්ථාව ලබා දීමේ අදහස,පෝ(ර්)ට්ලන්තයේ උද්‍යාන කාර්යාංශය විසින් 1917 දී අනුමත කර ඇත. 1921 දී නගර, භූමි ගෘහනිර්මාණ ශිල්පී ෆ්ලෝරන්ස් හෝම්ස් ග(ර්)කෙ විසින් ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය සැලසුම් කිරීම ආරම්භ වීම සහ එය සමඟම රංගපීඨය ද සැලසුම් කෙරිණි. පළමු වන භාරකරු ලෙස කුරේ මහතාට 1924 ජුනි මාසයේදී උද්‍යානය කැප කරන ලදී. 1927, ඔහු මිය යන තෙක් සේවයෙහි නිරත විණි. ආරම්භකයකු ලෙස කුරේ මහතාගේ කාර්යය, උද්‍යානයේ ඇති ශෛලමය ඵලකය ගෞරව දක්වයි.[7]
පෝ(ර්)ට්ලන්තය සඳහා නිල සහ වඩාත්ම පොදු අන්වර්ථ නාමය වනුයේ "රෝස සහිත නගරය" නොහොත් "රෝස පුරය" ලෙසය. 1888 දී බිෂොප්වරුන් පිළිබඳ වූ දේවස්ථාන ස්ම්මේලනයේදී, ආගන්තුකයන් විසින් පෝ(ර්)ට්ලන්තය සඳහා පළමුවන නිර්දේශය ලෙස "රෝස සහිත නගරය" නිර්මිත වූ බව, 1917 සිට 1950 තුළ පෝ(ර්)ට්ලන්තයේ උද්‍යාන පාලකයකු වන, චාල්ස් පෝල් කේසර් විසින් පැවසිනි.[8]නගරයේ පළමුවන වාර්ෂික රෝස ප්‍රදර්ශනය ඊළඟ වර්ෂයෙහි පැවැත්වුණ අතර, 1904 දී පෝ(ර්)ට්ලන්ත රෝස සංවිධානය විසින් සැණකෙළි සමඟ ප්‍රදර්ශන පැවැත්වීමට අනුග්‍රහය දැක්වීම ආරම්භ කරන ලදී. අන්වර්ථ නාමයේ ජනප්‍රියභාවය වර්ධනය වීම සිදු වූයේ, 1905 න් පසු එනම් ලුවිස් සහ ක්ලාර්ක් ශතසංවත්සරය විභාවනයේදීය. එහිදී නගරාධිපති හැරී ලේන් යෝජනා කර සිටියේ නගරය සඳහා "රෝස සැණකෙළියක්" අවශ්‍ය බවය.[9] පළමුවන පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළිය අවුරුදු දෙකකට පසුව පැවැත්වූ අතර, නගරයේ ප්‍රධාන වාර්ෂික සැණකෙළිය අවුරුදු සියයකට පසු ඉතිරිව පවතී. "රෝස වගාව" පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් පිරිනැමීම සහ භූමීන් තුළ රෝස වගාව භාවිතය වෙනුවෙන් පෙනී සිටීම, පෝ(ර්)ට්ලන්තයේ රෝස සංවිධානය මගින් වර්තමානයේ ඉටු කරන කාර්යයන් වේ.[10]
1906 දී ඔරෙගන් ජීවිත රක්ෂණ සමාගමේ ආරම්භකයා වන ලියෝ සැමුවෙල්, පෝ(ර්)ට්ලන්තයේ අන්වර්ථ නාමය නිරන්තරයෙන් ආරෝපණය කර ගත්තේය. සැමුවෙල් විසින් ඔහුගේ නිවසින් පිටත රෝස වගා කල අතර, නිවසින් පිටත කතුරු යුගලයක් තබා, එමගින් ඔහුගේ උද්‍යානයෙන් රෝස මල් කපා මිනිසුන්ට ඔවුන්ගේ නිවෙස්වලට ගෙන යාමට ඉඩ සලස්වා දුන්නේය.[11] 2003, ජුනි 18 වන දින නගර සභාව විසින් නගරයේ නිල අන්වර්ථ නාමය ලෙස "රෝස පුරය" යන යෝජනාව එකහෙළාම අනුමත කර ඇත.[12]
පො(ර්)ට්ලන්තයෙන් බහුල වශයෙන් රෝස උද්‍යාන හමු වුවත්, ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය ප්‍රමුඛ වේ. 1909 දී පෙනිසියුලා උද්‍යානය, නගරයේ ප්‍රථම මහජන රෝස උද්‍යානය වූ අතර, 1908 දී ආධාර රැස් කිරීමත් සමඟ එය $60000(2014 දී $1,574,889[13])කට මිලට ගන්නා ලදී. එමනුඑල් එල්. මිෂේ විසින් නිර්මාණය කෙරුණු , අක්කර දෙකක පමණ (හෙ.යා. 0.81) උද්‍යානය විවිධ වර්ගයේ රෝස ප්‍රභේද හැටපහක් පමණ පැළ 8900 ක් අන්තර්ගත වේ. කැරලයින් මහත්මියගේ පරීක්ෂාවෙන් අනතුරුව, පෙනිසියුලා උද්‍යානයේ පො(ර්)ට්ලන්ත රෝස වගා කෙරිණි. 1917 දී, ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය ලෙස[14]වොෂින්ටන් උද්‍යානය තෝරා ගැනුණු අතර, ඉන්පසුව 1913 දී වාර්ෂික රෝස ප්‍රදර්ශනයට ස්ථානයක් ලෙස එම පෙනිසියුලා උද්‍යානය තෝරා ගැනිණි. එම උද්‍යානය පො(ර්)ට්ලන්තයේ ප්‍රකට සංචාරක නවාතැනක් ලෙස පවතින අතර, 9500කට අධික රෝස පදුරු සහ ප්‍රභේද 600 කට වඩා නියෝජනය කරයි.[15][16]
ලැඩ්ගේ දියමන්ති හැඩැති රෝස උද්‍යාන සතර ආරම්භයේදී නිර්මාණය වූයේ 1890 දී විලියම් සාජන් ලැඩ් විසිනි. 1909 දී එමනුඑල් මිෂේ විසින් උද්‍යානයේ භූමි ප්‍රදේශය නිර්මාණය කෙරිණි. මිෂේ විසින් වර්ණකාරක වීදුරුවක් මෙන් පෙනුමක්, දියමන්ති ආකාර උද්‍යාන වලට රෝස වගා කිරීම තුළින් ලබා දුන්නේය. එම උද්‍යානය 1981 දී පො(ර්)ට්ලන්ත උද්‍යාන සහ විනෝද ක්‍රීඩා ආයතනය මගින් අත්පත් කර ගන්නා ලද අතර, 20 වන ශතවර්ශයේ ප්‍රකට වූ 3000කට අධික රෝස ප්‍රභේදයන් 60ක් නියෝජනය කරමින් වර්තමානයේ පවතී.[17]
පො(ර්)ට්ලන්ත පුරය අවටින් පිහිටි අනෙකුත් රෝස උද්‍යාන වන්නේ, වැන්කූවර්, වොෂින්ටන්හි පිහිටි ඒස්තර් කුඩා උද්‍යානයත්, කෝ(ර්)වලිස්හි ඇව(ර්)රි රෝස උද්‍යානයත්, ඉයුජින්හි ඕවන් රෝස උද්‍යානයත් සහ ශාන්ත පෝල්හි පිහිටි හෙය(ර්)ලූම් රෝස උද්‍යානයත් ය.[18]
පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළිය යනු, ජුනි මාසය තුළ පවත්වනු ලබන වාර්ෂික ප්‍රජා සැණකෙළියකි. එහි අන්තර්ගත වන ඉසව් වන බහුවිධ පෙළපාලි, නාවික බළඇණි සතිය, ක්‍රීඩෝත්සවයක් සහ රැජිනකට කිරුළු පැළඳීම,[19][20] ආදීන් සංවිධානය කරනු ලැබුවේ, පෝ(ර්)ට්ලන්ත ප්‍රදේශය දියුණු කිරීමේ අරමුණ සහිතව, ලාභ නොලබන ස්වෙච්ඡා සේවක, පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළි සංගමය විසිනි. සැණකෙළිය සහ වාර්ෂික වසන්ත රෝස ප්‍රදර්ශනය, දේශයේ විශාලතම සහ දීර්ඝ කාලයක් පැවැත්වෙන සැණකෙළි අතුරින් එකක් ලෙස සලකනු ලබයි. පෝ(ර්)ට්ලන්තයේ උත්කෘෂ්ටතම රෝස උත්සවයේ අංගයක් සඳහා, අනුග්‍රහය දෙනු ලැබුවේ 1996 දී ආරම්භ වූ පෝ(ර්)ට්ලන්ත රෝස සමාජය විසිනි. උසස් ප්‍රභේදයන්හි ඉතා වැදගත් නොවන තරඟ සඳහා ද විනිසුරුකරුවන් සියයක් පමණ තරඟාවලියේ අන්තර්ගත වේ.[21][22]තරඟාවලියට දිනකට ප්‍රථමයෙන්, මහජනයාගේ කැමැත්ත මත කුසලානය ලැබිය යුත්තා තේරීම සඳහා, ඡන්දය ලබා දීමට මහජනයාට ආරාධනා කරයි.[23]
රෝස නගර උද්‍යානය යනු, ඊශාන දිග පෝ(ර්)ට්ලන්තයෙහි අසල්වාසි උද්‍යානයකි.[24] එය 1907 දී, එනම් පළමු වන පෝ(ර්)ට්ලන්ත රෝස සැණකෙළිය පැවැත් වූ වර්ෂයේදීම ආරම්භ විණි.[25][26] රෝස සැණකෙළියෙහි ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේ, ආගන්තුකයන්ගේ තොරතුරු මධ්‍යස්ථානයෙහි වන අතර, එය රෝස ගොඩනැගිල්ල යනුවෙන්ද හඳුන්වයි. එම ගොඩනගිල්ල නිර්මාණ කරනු ලැබුවේ 1948 දී ගෘහ නිර්මාණ ශිල්පී ජෝන් යෙඔන් විසින් වන අතර, ඔහු වාණිජ කාර්යාල මණ්ඩලයේ සහ ආගන්තුක මධ්‍යස්ථානයේත්, නගර කාර්යාලයන්හීත්, ආපන ශාලාවකත් තවද රෝස සැණකෙළි මූලස්ථානවලත් සේවය කොට ඇත.[27] ටොම් මැකොල් ජලතීර උද්‍යානයත් සමඟම, 2010 දී එය ඓතිහාසික ස්ථාන පිළිබඳ ජාතික නාමලේඛනයට ඇතුළත් විය.[28][29][30] අනෙකුත් නාමයන් ඇතුලත්, පෝ(ර්)ට්ලන්තයේ ගොඩනැගිලිවල පැතිවල රෝස බිතු සිතුවම් වලින් විස්තර කර ඇති අතර, 1956 සිට 1969 කාලය තුළ පෝ(ර්)ට්ලන්තයේ ප්‍රධානතම මාර්ගස්ථ සේවාවන් සැපයූ ආයතනය, පෞද්ගලික රෝස නගර මාර්ගස්ථ ව්‍යාපාරයද විය. [31]
රෝස මල්, පෝ(ර්)ට්ලන්තයේ ක්‍රීඩාවත් සමඟ දිගු කලක් මුළුල්ලේ එක්ව කටයුතු කර ඇත. ක්‍රීඩා හා විනෝදත්මක කේන්ද්‍රයක් වන ලොයිඩ් දිස්ත්‍රික්කයේ,[32] රෝස උද්‍යානය යන නම ගෘහස්ත ක්‍රීඩාංගනය සඳහා යෙදුනේ,[33] රෝස මල් තිබීම හේතුවෙනි. අතළොස්සක් තරම් වූ මෙම ස්ථානය රැඳී පවතිනුයේ, ජාතික පැසිපන්දු සංගමය විසින් මෙය විකුණා නොදැමීමට පහසුකම් සලසන නිසාවෙනි.[34] මීට අමතරව 20 වන සියවසෙහි මැද භාගයෙදී, වෘත්තීමය ක්‍රීඩා කණ්ඩායම් තුනක් පෝ(ර්)ට්ලන්ත රෝස් බඩ්ස් ලෙස නම් කළ අතර, පෝ(ර්)ට්ලන්තයේ හිම අංගනයේ ක්‍රීඩා කළ වෘත්තීමය පිරිමි හිම හොකී කණ්ඩායම් සහ බටහිර වෙරළ බේස් බෝල් සංගමයේ, එක් නීග්‍රෝ බේස් බෝල් කණ්ඩායමක්ද හදුන්වනු ලැබුවේ, "පෝ(ර්)ට්ලන්තයේ රෝස" ලෙසිනි.[35][36] 1914-1918 කාලය තුළ, පළමු වන හොකී කණ්ඩායම, පැසිපික් වෙරළ හොකී සංගමය තුළින් ක්‍රීඩා කළේය.[37] 1915-1916 කාලය තුළ ස්ටැන්ලි කප් අවසාන තරඟාවලියට සුදුසුකම් ලැබූ, ප්‍රථම ඇමරිකානු හොකී කණ්ඩායම රෝස් බඩ්ස් විය.[38] දෙවන හොකී කණ්ඩායම බටහිර හොකී තරඟාවලියෙහි පස්වන සහ අවසාන තරඟ වටයන් සඳහා තරඟ වැදිණි.(1925-1926).[39] අනෙකුත් කණ්ඩායම් තමන්ගේ සන්නම් නාමය සඳහා "රෝස පුරය" යන අන්වර්ථ නාමය අතුළත් කර ගත්හ. 2004 වර්ෂයේදී පිහිටවනු ලැබූ කාන්තා තුරඟ සංගමය විසින්, සියලු කාන්තා තුරඟ තරඟාවලීන් ඇතුළත් දේශීය කණ්ඩායම් සතරකට සහ සංචාරක කණ්ඩායම් දෙකකට සහයෝගය ලබා දුන්හ.[40][41] ඔවුන් සහයෝගය ලබා දුන් කනිෂ්ඨ තරඟාවලිය හදුන්වනු ලැබුවේ, "රෝස් බඩ්ස්" ලෙස ය.[42] කාන්තාවන් දෙදෙනකුගෙන් යුත් වෘත්තීමය පා පන්දු කණ්ඩායම්, රෝස පුර කැලෑ බළලුන් ලෙස නම් කරනු ලැබූ අතර, 2001 වර්ෂයේදී කාන්තා ඇමරිකානු පා පන්දු තරඟාවලිය වෙනුවෙන් ප්‍රථමයෙන් පිහිටුවීමත්,[43] 2011 වර්ෂයේදී කාන්තා වසන්ත පා පන්දු තරඟාවලිය වෙනුවෙන් දෙවන වරටත් පිහිටුවීම සිදු විය. [44]