ඝූමර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ රාජස්ථානයේ සම්ප්‍රදායික ජන නර්තනයකි. මෙම නර්තනය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරනු ලබන්නේ ඝාඝරා යනුවෙන් හැඳින්වෙන ලිහිල්ව එල්ලා වැටෙන වස්ත්‍රයක් හැඳගත් වේලයක් පැළඳි කාන්තාවන් විසිනි.[1] 2013දී මෙය "ලොව වටා ඉහළම ප්‍රාදේශීය නර්තන 10" නම් ලැයිස්තුවේ 4වන ස්ථානයට නම්කෙරිණි.[2][3] සාමාන්‍යයෙන් මෙම නර්තනයේ දී පුළුල් කවයක ඇතුලත සහ පිටතට චලනය වෙමින් භ්‍රමණ නර්තනයේ යෙදීම සිදු වේ. ඝූම්න නම් වදනෙන් නර්තන ශිල්පීන්ගේ භ්‍රමණ චලන රටාව විස්තර කෙරෙන අතර, එම වදන අනුසාරයෙන් ඝූමර් යන වදන බිහි වන්නට ඇත.[4][5] සම්ප්‍රදායික චාරිත්‍ර අනුව, නව විවාහපත් මනාලිය සිය නව නිවසට පිළිගැනීමේ දී ඇය විසින් ඝූමර් නර්තනයේ යෙදිය යුතු ය.[6] විවාහ, උත්සව සහ වෙනත් ආගමික චාරිත්‍රවල දී ඝූමර් නර්තනයේ යෙදෙනු දැකගත හැක.[7] මෙය ඇතැම් අවස්ථාවල පැය ගණනක් සිදුකෙරෙන නර්තනයකි.
සම්ප්‍රදායික නර්තනයක් ලෙස ඝූමර් නර්තනයේ දී "ගෝර්බාන්ද්", "පෝඩිනා", "රුමාල්" සහ "මෝර් බෝලේ රේ" වැනි සම්ප්‍රදායික ගීත භාවිතා කෙරේ. මෙම ගීත මගින් රාජකීය පුරාවෘත්ත හෝ සම්ප්‍රදායික ජනශ්‍රැති විස්තර කෙරේ.