මහජන චීන සමූහාණ්ඩුව සතුව අන්තර්ජාලය, දුරකථන, ටෙලිග්‍රාෆ්, ගුවන් විදුලි යන්ත්‍ර හා රූපවාහිනී හරහා රටේ සියලුම ප්‍රදේශ එකිනෙක සම්බන්ධ කරන විවිධාංගකරණය වූ සන්නිවේදන පද්ධතියක් පවතී. ෆයිබර් තන්තු හරහා ජාලගත කරන ලද අති නවීන පුළුල් ස්වයංක්‍රීය දුරකථන හුවමාරු පද්ධතිය, සමක්ෂක කේබල පද්ධතිය, ක්ෂුද්‍ර තරංග ප්‍රතිචාරණ පද්ධතිය හා දේශීය චන්ද්‍රිකා පද්ධතියක් හරහා රටේ සන්නිවේදන කටයුතු සිදුවේ. ජංගම දුරකථන සේවා පුළුල්ව සපයා ගත හැකි අතර, වේගයෙන් ව්‍යාප්ත වේ. එමෙන්ම විදේශීය රටවලට දුරකථන හරහා සම්බන්ධ වීමට රෝමිං පහසුකම්ද ඇත. FTTX තාක්ෂණය මෑත වසර වලදී වේගයෙන් ව්‍යාප්ත වී ඇත.
මහජන චීන සමූහාණ්ඩුව 1949 දී ආරම්භ කළ විට, පලමුව විදුලි සංදේශ පද්ධති සහ පහසුකම් ක්විං සහ රිපබ්ලිකන් අයි.ටී.ඒ හා තැපැල් හා සන්නිවේදන අමාත්‍යාශය විසින් ස්ථාපිත කරන ලදී. එහෙත් තිස් අවුරුද්දක් පුරා පැවති චීන සිවිල් යුද්ධය නිසා එම පද්ධතීන්ට බරපතල ලෙස හානි සිදුවුනි. 1950 වර්ෂයේ දී එවකට පැවති පහසුකම් සෝවියට් රුසියාවේ සහාය ඇතිව, සැලකිය යුතු ප්‍රගතිශීලී මට්ටමකට අලුත්වැඩියා කරන ලදී. පළාත් මට්ටමේ අගනුවරවල සිට බීජිනය සම්බන්ධ කරන දිගු-දුර දුරකථන කම්බියක් ජාලය ස්ථාපිත කරන ලදී.
චීනයේ සන්නිවේදන ක්ශේත්‍රය 1950 දශකයේ මුල් භාගයේ දී වේගයෙන් ස්ථාපිත කරන ලදී. 1952 වන විට බීජිං කේන්ද්‍ර කොටගත් ප්‍රධාන සන්නිවේදන ජාලය සහ සියලු විශාල නගරවලට සබැඳි කම්බි ජාලයන් ස්ථාපිත කර ඇත. 1956 දී පද්ධති අලුත්වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණය හා පුළුල් කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුම් නිසා විදුලි සංදේශ මාර්ග වැඩි වේගයෙන් දීර්ඝ විය. සන්නිවේදන පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා එකම රැහැන් විදුලි පණිවුඩ හා දුරකථන සේවා සඳහා යොදා ගන්නා ලද අතර, ටෙලි ටයිප් සහ රූපවාහිනී (විකාශන) සේවා ද එකතු විය. මීට අමතරව, සම්මන්ත්‍රණ දුරකථන සේවා හා ගුවන් විදුලි සන්නිවේදනය දියුණු කිරීම ආරම්භ කළ අතර, විදුලි සංදේශන උපකරණ නිෂ්පාදනය කිරීම වේගවත් විය.
1963 වසර වන විට දුරකථන කම්බි හරහා සියලුම පළාත් අගනුවරවල් ස්වාධීන කලාප සහ විශාල නගර බීජිනය වෙත සම්බන්ධ කරන ලදී.
1949 වසරට පසුව විදුලි පණිවුඩ හා දුරකතන සන්නිවේදනය සදහා ප්‍රධාන වශයෙන් වයර් බාවිතා විය; කෙසේ වෙතත් 1970 වසර වන විට ගුවන් විදුලි සංදේශන උපකරණ වැඩි වැඩියෙන් භාවිතා වූ අතර කම්බි රැහැන් වෙනුවට ඒවා භාවිතා කිරීම ආරම්භ විය. වර්තමානයේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති සූක්ෂම තරංග සහ චන්ද්‍රිකා සම්ප්‍රේෂණය මේ කාලය තුල හඳුන්වා දෙන ලදී. (චීනය 1986 දී එහි පළමු රූපවාහිනී-විකාශන චන්ද්‍රිකාව දියත් කරන ලදී.) 1956 දී ප්‍රථම ස්වයංක්‍රීය වේගවත් ටෙලිටයිප් මාර්ගය බීජිං-ලාසා අතර ස්ථාපනය කරන ලදී. 1964 වන විට එවැනි යන්ත්‍ර චීනයේ ප්‍රධාන නගර බොහොමයක ස්ථාපනය කරන ලදී. ගුවන් විදුලි-රූපවාහිනී සේවයක් ද ප්‍රධාන නගරවල ස්ථාපනය කරන ලදී, එමෙන්ම ගුවන් විදුලි ටෙලි-ප්‍රින්ටර්ස් බහුලව භාවිතා විය.
හතරවන පස් අවුරුදු සැලසුම (1971-75) විදුලි සංදේශ පද්ධතිය සඳහා වැදගත් අංගයක් විය, මෙය එරට ප්‍රධාන විදුලි සංදේශන සංවර්ධන වැඩසටහන විය.
විශේෂඥයන් කියා සිටින ආකාරයට, '2003 දී ස්ථාවර දුරකතන ප්‍රමාණය ඉක්මවා ඒක පුද්ගල ජංගම දුරකථන සංඛ්‍යාව ඉතා විශාල ලෙස වර්ධනය වී ඇති අතර මෙහි සමස්ත අනුපාතය සංවර්ධිත රටවල් වලට වඩා කුඩා අගයකි.'[1]
චීනය 2007 නොවැම්බර් වන විට මිලියන 51 ක ස්කයිප් පරිශීලකයන් ප්‍රමාණයක් සමග අන්තර්ජාල ප්‍රොටෝකෝල හරහා කටහඬ (VoIP) වැඩිම වශයෙන් බාවිතා කරන රට බවට පත් විය.[2]