නානුම් රෞඩි දාන් | |
---|---|
අධ්‍යක්ෂණය | විග්නේෂ් ශිවන් |
රචනය | විග්නේෂ් ශිවන් |
නිශ්පාදනය | ධනුෂ් |
රංගන ශිල්පීන් | විජයි සේතුපති නයන්තාරා පාර්තිබන් රාධිකා ආර්ජේ බාලාජි |
සිනෙමාරූපණය | ජෝර්ජ් සී. විලියම්ස් |
සංස්කරණය | ඒ. ශ්‍රීකර් ප්‍රසාද් |
සංගීතය | අනිරුධ් රවිචන්දර් |
නිෂ්පාදන company | |
බෙදාහැරීම | ලයිකා ප්‍රොඩක්ෂන්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 140 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
නානුම් රෞඩි දාන් (සිංහල: මමත් මැරයෙක් තමයි) යනු 2015 ඉන්දියානු දෙමළ-භාෂා කළු ප්‍රහසන චිත්‍රපටයකි.[1] මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ විග්නේෂ් ශිවන් විසිනි. විජයි සේතුපති සහ නයන්තාරා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙය නිෂ්පාදනය කරන ලද්දේ නළු ධනුෂ් විසින් ඔහුගේ වුන්ඩර්බාර් ෆිල්ම්ස් බැනරය යටතේ ය. චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ අනිරුධ් රවිචන්දර් විසිනි.[2] දින 75ක් පුරා මෙම චිත්‍රපටය රූගත කෙරුණේ පුදුචෙරි සහ චෙන්නායිහි ය.[3] මෙය 2015 ඔක්තෝබර් 21 දින මුදාහැරිණි. විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර ලද මෙය බොක්ස් ඔෆීස් අතින් ද වාසිදායක විය.[4] මෙම චිත්‍රපටය තෙලිඟු බසින් හඬකවා "නේනු රෞඩි නේ" ලෙස ප්‍රදර්ශනය කෙරිණි.
<ref>
ටැගය;
TOINR
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි