සංස්ථාපනය | 7 මැයි 2012 |
---|---|
වර්ගය | බෞද්ධ සංවිධානයකි |
අභිප්‍රාය | Religious activism |
මූලස්ථානය | බොදු බල සේනා මෙහෙයුම් කාර්යාලය, බෝධි බෞද්ධ මධ්‍යස්ථානය, හයිලෙවල් පාර, කිරුලපන, ශ්‍රී ලංකා, |
ඛණ්ඩාංක | 6°53′45.90″N 79°51′36.20″E / 6.8960833°N 79.8600556°Eඛණ්ඩාංක: 6°53′45.90″N 79°51′36.20″E / 6.8960833°N 79.8600556°E |
ප්‍රදේශය සේවය සැපයෙන | ශ්‍රී ලංකාව |
Secretary General | පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි |
නායක | පූජ්‍ය කිරම විමලජෝති හිමි |
ජාතික සංවිධායක | පූජ්‍ය විතානන්දෙනියේ නන්ද හිමි |
ප්‍රධාන විධායක නිලධාරි | ඩිලන්ත විතානගේ මහතා |
වෙබ් අඩවිය | bodubalasena.net |
බොදු බල සේනා යනු ශ්‍රී ලංකාවේ කොළඹ අගනුවර පදනම් කොට ගත් සිංහල බෞද්ධ දේශානුරාගී සංඟ සංවිධානයකි.[1]
ටයිම් සඟරාවට අනූව බොදු බල සේනා සංවිධානය "ශ්‍රී ලංකාවේ වඩාත් බලවත්ම බෞද්ධ සංවිධානය" ලෙස හැඳින්වේ.[2]
පූජ්‍ය කිරම විමලජෝති සහ ගලගොඩ අත්තේ ඥාණසාර හිමිවරු, ජාතික හෙළ උරුමය වෙතින් ඉවත්වීමෙන් අනතුරුව, උන්වහන්සේලා විසින් බොදු බල සේනා නමින් මෙම සංවිධානය ආරම්භ කරන ලදී.[3] ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මීට පෙර ජාතික හෙළ උරුමයෙන් 2004 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී තිබුණි. [4]
පූජ්‍ය කිරම විමලජෝති හිමි බොදු බල සේනා සංවිධානයේ නායක පදවිය උසුලන අතර පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සංවිධානයේ මහ ලේකම් පදවිය දරයි.[5]
සංවිධානයට අයත් ප්‍රධාන මූලස්ථානය කොළඹ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පිහිටුවා තිබෙයි.[6] ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අයත් වන්නක් වන අතර, එම සංවිධානය පිහිටුවන ලද්දේ එහි නායක පදවිය දැරූ පූජ්‍ය කිරම විමලජෝති හිමි විසිනි.[7] බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 2011 මැයි 15 වන දින ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී.[8][9]
බුදු දහම පරපුරින් පරපුරට සුරකින බෞද්ධ සමාජයක් බිහි කිරීම
“බුදු දහම පරපුරිප් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා බුදු දහමේ චිරස්තිථිය හා ආරක්ෂාව තහවුරු කිරීමේ පරම අපේක්ෂාවෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලීව පෙළ ගස්වා නායකත්වය ලබාදීම පිණිස , ගෝලීය අභියෝග ජවගත හැකි උත්තරීතර භික්ෂු පරපුරක් නිර්මාණය කොට බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන බෞද්ධ සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සකස් කොය රට ජාතිය නගා සිටුවීමට නායකත්වය ලබාදීම”
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජයේ වගකීම වන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිණිස විවිධ වැඩ සටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බොදු බල සේනාව කටයුතු කරයි. උක්ත දැක්ම කරා ළඟාවීමට ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන් හා ව්‍යාපෘති, ප්‍රධාන දිශානතීන් දොළසක් ඔස්සේ සම්පිණ්ඩනය කළ හැක.
රට යලිත් බෙදන පළාත් සභාවට එරෙහිව බොදුබල සේනා බෞද්ධ සංවිධාන 60ක් සමග 2013/07/02/ මහරගමදී.මෙම බොදු සමලුවට පහළොස්දහසකට අධික ජනකායක් හා බෞද්ධ භික්ෂුන් සහ භික්ෂුණින් වහන්සේලා රැසක්ද සහභාගී වුයේය.
පනස්දහසකට අධික බෞද්ධ ජනයා රැස්වූ මහියංගනය බොදු බල සේනා බොදු මහා සමලුව 2013/08/02 දින මහියංගන නගරයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීම
බොදු බල සේනා මහනුවර බොදු සමලුව 2013/03/17 වන දින නුවර දළදා මාලිගාව අභියසදී පැවැත්වුණි.මෙම බොදු සමලුව සදහා බෞද්ද භික්ෂුන් ඇතුළු බෞද්ධ ජනයා තිස්දහසකට අධික ප්‍රමාණයක් පැමිණියේය.
{{cite journal}}
: |access-date=
requires |url=
(help)