කොණ්ඩවතී ලෙන් | |
---|---|
![]() කොණ්ඩවතී ලෙන්, අංක 2. | |
පිහිටුම | අන්ධේරි (නැගෙනහිර), ලෙන් මාවත අසල, මුම්බායි |
ඛණ්ඩාංක | 19°07′50″N 72°52′27″E / 19.130436°N 72.874133°Eඛණ්ඩාංක: 19°07′50″N 72°52′27″E / 19.130436°N 72.874133°E |
භූවිද්‍යාව | බැසෝල්ට් |
ඇතුළුවීම් | 20 |
දුෂ්කරතාවය | පහසු |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
කොණ්ඩවතී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 1වන සියවස සහ ක්‍රි.ව. 6වන සියවස අතර කාලයේ නිර්මාණය වූ ලෙන් 19කින් යුත් සමූහයකි.[1]
මෙම බෞද්ධ ආරාමය පිහිටියේ බටහිර ඉන්දියාවේ මුම්බායි හි අන්ධේරි හි නැගෙනහිරට වන්නට ය. මෙහි ලෙන් සමූහ දෙකක් ඇති අතර, ඉන් ලෙන් 4කින් යුත් එක් කාණ්ඩයක් වයඹදිගට වන්නට ද, අනෙක් ලෙන් 15 ගිනිකොණදිගට වන්නට ද පිහිටා ඇත. මින් ලෙන් බොහෝමයක් විහාර ශාලා සහ ආවාස ශාලා වන අතර, ගිනිකොණදිග කාණ්ඩයෙහි වූ ලෙන් අංක 9 චෛත්‍ය ශාලාවකි. වයඹදිග ලෙන් ක්‍රි.ව. 4වන-5වන සියවස්වල නිර්මාණය වූ අතර, ගිනිකොණදිග සමූහය ඊටත් පෙර කාලයක ඉදිවී ඇත.
මෙම ලෙන් කැන ඇත්තේ ඝන කළු බැසෝල්ට් පාෂාණයේ ය.
කොණ්ඩවතී හි විශාලතම ලෙනවන ලෙන් අංක 9 තුළ බුද්ධ රූප සහ බෞද්ධ ප්රවාදයන්හි එන චරිත නිරූපිත කැටයම් සතක් දක්නට ලැබේ. අවාසනාවට මේ සියල්ල විකෘති කොට ඇත.[2]
මහාකාලී ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
සැකිල්ල:Caves around Mumbai