යේ හේ මොහාබ්බතයින්(සිංහල: මේ ආදරයයි)[2] යනුවෙන් හැඳින්වෙන්නේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි ඉන්දියානු සෝප් ඔපෙරාවකි. 2013 දෙසැම්බර් 3 දින විකාශය ඇරඹි මෙය[3] සඳුදා සිට ඉරිදා දක්වා සවස සහ රාත්‍රියේ ප.ව. 07:30ට සහ ප.ව. 11ට විකාශය වේ. මෙය නිෂ්පාදනය කරන ල්දදේ බාලාජි ටෙලිෆිල්ම්ස් වෙනුවෙන් ඒක්තා කපූර් විසිනි.[4] මෙම කතාමාලාව අර්ධ වශයෙන් මංජු කපූර්ගේ නවකථාවක් වන කස්ටඩි නවකථාව පාදක කරගනිමින් නිර්මාණය වූවකි.[5] දිල්ලිය පසුබිම්ව නිර්මාණය වූ මෙම කතාමාලාව[6][7] තුළින් දෙමළ ජාතික කාන්තාවක වන වෛද්‍ය ඉෂිතා අයියර් සහ පන්ජාබි ජාතිකයකු වන රමන්කුමාර් භල්ලාගේ ප්‍රේම කථාව නිරූපණය වේ. ඉෂිතා වඳ තැනැත්තියක වන අතර, සිය දික්කසාද වූ පියා සමග වෙසෙන රමන්ගේ දියණිය වන රුහි ඇයට ප්‍රිය කරයි. රමන්ගේ හිටපු බිරිඳ වන ෂගුන්, රමන් සමග විවාහයෙන් ඇගේ පුත්‍රයා වන ආදිත්‍ය සමග සිය පෙම්වතා වන අශෝක් ඛන්නා සමග දිවි ගෙවයි. නොයෙකුත් සිදුවීම් සිදු වන අතර, රමන් සහ ඉෂිතා විවාහ වෙයි.[8] විකාශය වන කාලය තුළ යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඉහළ ඇගයුම් හිමිකරගත් මෙම කතාමාලාව මේ වන විට ඉන්දියානු රූපවාහිනියේ ඉහළම වැඩසටහන් අතුරින් එකක් ලෙස රැඳී සිටියි. 2016 අප්‍රේල් මස සිට මෙම කතාමාලාව අවුරුදු 7ක් ඉදිරියට කථාව නිරූපණය කරයි.[9][10] මේ වන විට, මෙම කතාමාලාව සම්මාන 49ක් හිමි කරගැනීමට සමත්ව සිටියි.
මෙම රූපවාහිනී කතාමාලාව මගින් දෙමළ ජාතික කාන්තාවක වන ඉෂිතා අයියර් සහ පන්ජාබි පාතිකයකු වන රමන් භල්ලාගේ ප්‍රේම අන්දරය නිරූපණය වේ. ඉෂිතා වඳ තැනැත්තියකි. සිය දික්කසාද වූ පියා සමග සිටින රමන්ගේ දියණිය වන රුහි ඉෂිතා වෙත සමීප වන්නේ හැඟීම්බර අයුරෙනි. මේ අතර රමන්ගේ හිටපු බිරිඳ වන ෂගුන් අරෝරා ඇගේ පෙම්වතා වන රමන්ගේ හිටපු ප්‍රධානියා මෙන් ව්‍යාපාරික සතුරා ද වූ අශෝක් ඛන්නා සමග දිවි ගෙවයි. ඇය රමන්ට දාව උපන් ඇගේ පුත්‍රයා වූ ආදිත්‍ය (ආදි) ද තමන් සමීපයේ තබා ගනියි. භල්ලා පවුල සහ අයියර් පවුල අසල්වැසියෝ වෙති. නොයෙකුත් සිදුවීම් මධ්‍යයේ රුහිගේ ආරක්ෂාව පිළිබඳ සිතා රමන් සහ ඉෂිතා විවාහ වෙති ක්‍රමයෙන් ප්‍රේමයෙන් බැඳෙන ඔවුහු ප්‍රීතිමත් දිවියක් ගත කරති.
මේ අතර ෂගුන්, ඉෂිතා සහ රමන්ගේ විවාහ දිවියට බාධා සිදු කරයි. ෂගුන්ට අශෝක් සමග විවාහ වීමට අවශ්‍ය වන අතර, ඉෂිතාගේ සොහොයුරිය වන මිහිකා, ෂගුන්ගේ සොහොයුරා වන මිහිර් සමග විවාහ වීමට අදහස් කරයි. මිහිර් රමන්හට සිය සොහොයුරකුට මෙන් සලකයි. අශෝක් මිහිකාට හිරිහැර කිරීමට උත්සාහ දරයි. ෂගුන් සහ අශෝක්ගේ විවාහය අවලංගු කෙරේ. අශෝක් මිහිකාට තර්ජන එල්ල කරන අතර, මිහිර්ව බේරාගැනීම සඳහා ඇය අශෝක් හා විවාහ වෙයි. මඳ කලකින් රමන්ගේ පුත් ආදිත්‍ය (ආදි) සහ ෂගුන් යළි ඔවුන් වෙත පැමිණෙන අතර, ඔවුන් සමග ජීවත් වේ. ආදි යොදාගෙන ෂගුන් ඉෂිතා සහ රමන්ගේ විවාහය අවුල් කිරීමට උත්සාහ දැරුව ද, එය අසාර්ථක වේ. ඉෂිතා රමන්ගේ සොහොයුරිය වන රින්කි හට මිහිර්ව විවාහ කර දෙන්නට උත්සාහ ගනියි. ශගුන් භල්ලා නිවස හැර යයි. අශෝක් සමග විවාහය පසුපස ඇති සැබෑ හේතුව පැහැදිළි කරන මිහිකා අශෝක්ව දික්කසාද කරයි. රමන්ගේ සොහොයුරා වන රොමි ගැබිනියක වන සරිකා සමග විවාහ වෙයි. මුලින් රොමි ඇයව අත්හැර සිටිය ද, සිය පුත්‍රයා වන රෝහිත් වෙනුවෙන් ඔහු ඇයව පිළිගනියි. ඉෂිතා සමග මුලින් විවාහ ගිවිසගෙන සිටි සුබ්‍රමනියම් චන්ද්‍රන්/ සුබ්බු කථාවට පිවිසෙයි. පලිගැනීමක් ලෙස ඉෂිතා සහ රමන් අතර ගැටලු ඇති කිරීමට සුබ්බු උත්සාහ දරයි. නමුත් පසුව වැරදි වැටහීම් පහ වී සත්‍යය හෙළි වේ. ෂගුන් ද නැවත යහපත් තත්ත්වයට පත්ව ඇති අතර, සැමදෙනාම සතුටින් ජීවිතය ගත කරති...
- දිව්යාංකා ත්‍රිපති, වෛද්‍ය ඉෂිතා එන් කුමාර් භල්ලා ලෙස (විවාහයට පෙර: ඉෂිතා විශ්වනාත් අයියර්) : වන්දිතා-මිහිකා යන අයගේ සොහොයුරියයි. මාධවි සහ විශ්වනාත් යන අයගේ දියණියයි. රමන්ගේ බිරිඳයි. රුහි, ආදි සහ පිහුගේ මවයි (2013-) ප්‍රධාන කාන්තා චරිතය
- කරන් පටෙල්, රමන් කුමාර් ඕම්ප්‍රකාශ් භල්ලා ලෙස: රොමි, සිම්රන් සහ රින්කිගේ සොහොයුරායි. සන්තෝශ් සහ ඕම්ප්රකාශ්ගේ පුත්‍රයායි. ඉෂිතාගේ සැමියායි. රුහි, ආදි, පිහු යන අයගේ පියායි. (2013-) ප්‍රධාන පිරිමි චරිතය
- ඇනිටා හසනන්දනි, ෂගුන් අභිමන්යු රාඝව් ලෙස: පූර්ණිමා ප්‍රකාශ්ගේ දියණියයි. මිහිර්ගේ සොයුරියයි. රමන්ගේ හිටපු බිරියයි. රුහි සහ ආදිගේ මවයි. පිහුගේ හදාගත් මවයි. අශෝක් සහ මනෝජ් යන අයගේ කලින් පෙම්වතියයි. මනිගේ බිරියයි. (2013-) ප්‍රධාන එදිරිවාදිනියයි
- ආදිති භාටියා, රුහි රමන් කුමාර් භල්ලා ලෙස: රමන් සහ ඉෂිකාගේ දියණියයි. ආදි සහ පිහුගේ සොහොයුරියයි (2016-) සමාන්තර ප්‍රධාන කාන්තා චරිතයකි
- රුහනිකා ධවාන්, පිහු රමන් කුමාර් භල්ලා / හිටපු රුහි රමන් කුමාර් භල්ලා ලෙස : රමන් හ ඉෂිතාගේ දියණියයි, ආදි සහ රුහිගේ සොයුරියයි (2013-) සමාන්තර ප්‍රධාන චරිතයකි
- අභිෂේක් වර්මා, ආදිත්‍ය රමන් කුමාර් භල්ලා (ආදි) ලෙස : රමන් සහ ඉෂිතාගේ පුත්‍රයායි. රුහි සහ පිහුගේ සහෝදරයායි. ආලියාගේ පෙම්වතායි. (2016-) සමාන්තර පිරිමි ප්‍රධාන චරිතයකි.
- ක්‍රිෂ්ණා මුඛර්ජී, ආලියා ලෙස : ඉෂිතාගේ හදාගත් දියණියයි. අභිමන්යුගේ ලේලියයි. ආදිත්‍ය පෙම්වතියයි
- සිද් මක්කාර්, විද්‍යුත් සහායි ලෙස (ඉෂිතාගේ ඕස්ට්‍රේලියාවේ මිතුරෙකි)
- ෂිරීන් මිර්සා, සිම්රන් ඕම්ප්‍රකාශ් භල්ලා/ මුලින් සිම්රන් පර්මීත් ඛුරානා (සිම්මි) ලෙස : රමන්-රොමි-රින්කිගේ සොහොයුරියයි. සන්තෝෂි සහ ඕම්ප්රකාශ්ගේ දියණියයි. පර්මීත්ගේ හිටපු බිරියයි. සුබ්රමනිය්මගේ හිටපු පෙම්වතියයි. අනන්‍යාගේ මවයි (2013-)
- විවේක් දාහියා, ඒ. සී. පී. අභිෂේක් සිං ලෙස : රමන්-ඉෂිතාගේ මිතුරෙකි. සරිකාගේ සොහොයුරායි (2015-)
- රාජ් සිං අරෝරා, මිහිර් අරෝරා ලෙස: පූර්ණිමා ප්‍රකාශ්ගේ පුත්‍රයායි. ෂගුන්ගේසොහොයුරායි. මිහිකාගේ හිටපු පෙම්වතායි. රින්කිගේ සැමියායි (2013-)
- අවන්තිකා හුන්දාල්, මිහිකා රොමේෂ් භල්ලා ලෙස : ඉෂිතා සහ වන්දිතාගේ සොයුරියයි. මාධවිගේ ලේලියයි. මිහිර්ගේ හිටපු පෙම්වතියයි. අශෝක්ගේ හිටපු බිරියයි. රොමිගේ දෙවන බිරිඳයි (2016-)[11]
- ආලි ගෝනි, රොමේෂ් ඕම්ප්‍රකාශ් භල්ලා (රොමි) ලෙස : රමන්, සිම්රන්, රිනකි යන අයගේ සොහොයුරායි. සන්තෝෂි සහ ඕම්ප්රකාශ්ගේ පුත්‍රයායි. සරිකාගේ හිටපු සැමියායි. මිහිකාගේ සැමියායි (2013-)
- සුමීත් සච්දේව්, අභිමන්යු ආඝව් (මානි) ලෙස: ඉෂිතාගේ මිතුරෙකි. ෂගුන්ගේ සැමියායිත ආලියාගේ මාමායි. (2014, 2016-) [12]
- සංග්රාම් සිං, අශෝක් ඛන්නා ලෙස: රම්නගේ ව්‍යාපාර සතුරා/තරගකරුවායි. ෂගුන්ගේ හිටපු පෙම්වතායි. මිහිකාගේ හිටපු සැමියායි (2013-) ප්‍රධාන පිරිමි එදිරිවාදී චරිතය
- පවිත්‍රා පුනියා, අධිනීතිඥ නිධි ඡබ්රා ලෙස: ඉෂිතාලේ ව්‍යාජ නීතිඥයායි. රමන්ගේ හිටපු පෙම්වතියයි. රුහිගේ කළමනාකාරිණියයි. (2016-) සමාන්තර කාන්තා අදිරිවාදී චරිතයකි
- පංකජ් භාටියා, බාල චන්ද්‍රන් ලෙස : දේව්යානිගේ පුත්රයායිත වන්දිතාගේ සැමියායි. ශ්රවන් සහ ක්ෂිතිජගේ පියායි (2013-)
- ශ්රැති බාප්නා, වන්දිතා බාල චන්ද්‍රන් ලෙස : ඉෂිතා සහ මිහිකාගේ සොහොයුරියයි. බාලාගේ බිරියයි. ශ්රවන් සහ ක්ෂිතිජගේ මවයි (2013-)
- මිහිර් අරෝරා, ශ්රවන් බාල චන්ද්‍රන් ලෙස : බාලා සහ වන්දුගේ පුත්‍රයායි. ක්ෂිතිජගේ සහෝදරයායි (2016-)
- කාව්‍යා රම්නානි, අනන්‍යා පර්මීත් ඛුරානා ලෙස : සිම්රන් සහ පර්මීත්ගේ දියණියයි (2016-)
- කෞෂාල් කපූර්, ඕම්ප්‍රකාශ් භල්ලා ලෙස : සන්තෝෂිගේ සැමියායි. රමන්, රෝමි, සිම්රන්, රින්කි යන අයගේ පියායි, ආදි, රුහි, පිහු සහ අනන්‍යාගේ සීයායි (2013-)
- ෂාහ්නාස් රිස්වාන්, සන්තෝෂි ඕම්ප්‍රකාශ් භල්ලා (තෝෂි) ලෙස : ඕම්ප්රකාශ්ගේ බිරියයි. රමන්, රොමි, සිම්රන් සහ රින්කිගේ මවයි. ආදි, රුහි, පිහු, අනන්‍යා යන අයගේ මිත්තණියයි (2013-)
- අභය් භාර්ගව, විශ්වනාදන් අයියර් ලෙස : මාධවිගේ සැමියායි. ඉෂිතා, වන්දිතා යන අයගේ පියායි. ආදි, රුහි, පිහු, ශ්රවන්, ක්ෂිතිජ යන අයගේ මුත්තණුවන් ය (2013-)
- නීනා කුල්කර්ණි, මාධවි විශ්වනාදන් අයියර් ලෙස : විශ්වනාදන්ගේ බිරියයි. ඉෂිතා, වන්දිතා යන අයගේ මවයි. ආදි, රුහි, පිහු, ශ්රවනන් සහ ක්ෂිතිජගේ මිත්තණියයි. (2013-)
- ස්වාති කපූර්, සචි ලෙස : රොමි සහ ඉෂිතාගේ ගුරුතුමියයි (2016-)[13]
- කිරාන් භාර්ගව, ශෝභනා වෙන්කටේෂ් ලෙස : අභිමන්යු රාඝව්ගේ සොයුරියගේ නැන්දණියයි. ආලියා සහ විහ්වාන්ගේ මිත්තණිය (දාදි) ද වේ.[14]
- මිහිකා වර්මා, මිහිකා අයියර් ලෙස : ඉෂිතා සහ වන්දිතා සොහොයුරියයි. මාධවිගේ ලේලියයි. මිහිර්ගේ හිටපු පෙම්වතියයි. අශෝක්ගේ හිටපු බිරියයි (2013-2016) (ප්‍රතිස්ථාපිත)[15]
- භානුජීත් සුදාන්/අමිත් ටන්ඩන්, වෛද්‍ය. සුබ්‍රමනියම් චන්ද්‍රන් ලෙස : දේව්යානිගේ පුත්‍රයායි. ඉෂිතාගේ හිටපු පෙම්වතායි. සිම්රන්ගේ හිටපු පෙම්වතායි. බාලාගේ සොහොයුරායි. ලක්ෂ්මිගේ සැමියායි (2013, 2015) (හැරගිය)
- ෂහීනා සුර්වේ, ලක්ෂ්මි සුබ්‍රමනියම් චන්ද්‍රන් ලෙස : සුබ්‍රමනියම්ගේ බිරියයි (2015) (මියගිය)
- අංජු මහේන්දෘ, සුජාතා කුමාර් ලෙස : ලක්ෂ්මිගේ මවයි (2015) (හැරගිය)
- ගෞතම් අහුජා, ළමා ආදිත්‍ය රමන් කුමාර් භල්ලා (ආදි) ලෙස : රමන් හා ඉෂිතාගේ පුත්‍රයායි. රුහි, පිහු ගේ සොහොයුරායි. (2014-2016) (ප්‍රතිස්ථාපිත)
- භවේශ් ජයිස්වාල්, ළමා ශ්රවන් බාල චන්ද්‍රන් ලෙස : වන්දු සහ බාලාගේ පුත්‍රයායි. ක්ෂිතිජගේ සොහොයුරායි (2013-2016) (ප්‍රතිස්ථාපිත)
- ස්වීටි වාලියා, පම්මි මෙහ්රා ලෙස : සන්තෝෂිගේ මිතුරියකි (2013-2016) (හැරගිය)
- විනීත් කුමාර්, සුරාජ් කුමාර් ඛන්නා ලෙස : අශෝක්ගේ සොහොයුරායි (2013-2016) හිටපු ප්‍රධාන පිරිමි එදිරිවාදී චරිතයයි (හැරගිය)
- රේෂා කොන්කර්, රින්කි මිහිර් අරෝරා ලෙස : සන්තෝෂි සහ ඕම්ප්රකාශ්ගේ දියණියයි, රොමි, රමන් සහ සිම්රන්ගේ සොයුරියයි. නිඛිගේ හිටපු පෙම්වතියයි. මිහිර්ගේ බිරියයි (2014-2015) (මියගිය)
- මනෝජ් චන්දිලා, මනෝජ් පෝල් මහතා ලෙස : ඉෂිතාගේ වෛද්‍යවරයායි. ෂගුන්ගේ හිටපු පෙම්වතෙකි. (2015-2016) (හැරගිය)
- නීල් මොත්වානි, නීල් පතාක් ලෙස : රමන්ගේ නීතිඥයා සහ මිතුරායි. ත්‍රිෂාගේ සැමියායි. (2014-2016) (හැරගිය)
- ගරිමා ජායින්, ත්‍රිෂා නීල් පතාක් ලෙස : රජීව්ගේ සොහොයුරායි. නීල්ලේ බිරියයි (2014) (පසුබිම් රංගනය)
- දීප් ජායිත්ලි, ප්‍රතීක් ලෙස : ඉෂිතාගේ හිටපු පෙම්වතෙකි (2013-2014) (පසුබිම් චරිතය)
- සරිකා දිලන්, සරිකා රොමේෂ් භල්ලා ලෙස : අභිෂේක්ගේ සොයුරියයි. රොමිගේ හිටපු බිරියයි. (2014-2016) හිටපු ප්‍රධාන එදිරිවාදී කාන්තා චරිතයයි (හැරගිය)
- අංජලි උජ්වානි, දේව්යානි චන්ද්‍රන් ලෙස : බාලා සහ සුබ්‍රමනියම්ගේ මවයි. (2013-2016) හිටපු එදිරිවාදිනියකි (හැරගිය)
- අනුරාග් ෂර්මා, පර්මීත් ඛන්නා ලෙස : සිම්මිගේ හිටපු සැමියායි. අනන්‍යාගේ පියායි (2013-2015) හිටපු ප්‍රධාන පිරිමි එදිරිවාදී චරිතයකි (හැරගිය)
- ගෞරව් නන්දා, රජීව් ටන්ඩන් ලෙස : රමන්ගේ මිතුරෙකි (2014-2015) (හැරගිය)
- දර්ශන් පාණ්ඩ්‍යා, ප්‍රතීක් ෂර්මා ලෙස : අභිෂේක්ගේ මිතුරෙකි (2015-2016) (හැරගිය)
- අර්ෂිමා තාපර්, සංජනා ලෙස : මිහිර්ගේ ව්‍යාජ සොයුරියයි (2014) (පසුබිම් රංගනය)
- නවිනා බෝලේ, ඩිම්පල් මල්හෝත්‍රා ලෙස : නිඛිල්ගේ සොයුරියයි (2015) (පසුබිම් රංගනය)
- හර්ගුන් ග්‍රෝවර් හෝ රිබ්භු මෙහ්රා, නිඛිල් මල්හෝත්‍රා ලෙස : රින්කිගේ හිටපු පෙම්වතායි (2015) එදිරිවාදී චරිතයකි (පසුබිම් රංගනය)
- කනිෂා මල්හෝත්‍රා, ඒසීපී ශාලිනි ලෙස (2015) (හැරගිය)
- රුචිකා රාජ්පුත්, විනීගේ මව ලෙස (2015) (හැරගිය)
- අර්ෂිෆා ඛාන්, විනී ලෙස : ආදිත්‍යගේ මිතුරෙකි (2015) (හැරගිය)
- ගෝපාල් සිං, චාන්ද් මිෂ්රා ලෙස : අශෝක්ගෙන් පලිගැනීමට අවශ්‍ය වූ බස් රියැදුරා (2015) (හැරගිය)
- කරිෂ්මා ෂර්මා, රයිනා ලෙස : බාලාගේ තර්ජනකරුවායි (2014) (හැරගිය)
- අව්දීප් සිධු, අනිල් නාග්පාල් ලෙස : රමන්ගේ නීතීඥයායි (2016) (මියගිය)
- වරුන් ඛන්ඩේල්වාල්, සයුෂ් චද්දා ලෙස : අමර්නාත්ගේ සොහොයුරායි (2016) එදිරිවාදියෙකි (හැරගිය)
- ලලිත් බිෂ්ත්, අමර්නාත් චද්දා ලෙස : පල්ලවිගේ සැමියායි (2016) (මියගිය)
- ගරිමා කපූර්, පල්ලවි අමර්නාත් චද්දා ලෙස : අමර්නාත්ගේ බිරියයි. රෝහිත්ගේ මවයි (2016) (හැරගිය)
- මනිෂ් ඛන්නා, ෂ්‍යාම් රායිචන්ද් ලෙස : ෂනායාගේ පියා/ඉෂිතාගේ ව්‍යාජ පියායි (2016) (හැරගිය)
- සරීනා රෝෂන් ඛාන්, ඉස්මායිල්ගේ මව ලෙස (2016) (පසුබිම් රංගනය)
මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් විසින් ඇගේ බාලාජි ටෙලිෆිල්ම්ස් යන සන්නාමය යටතේ ය. පළමුව මෙම වැඩසටහන සඳහා යොදන්නට යෝජනා වූයේ මේරා තේරා රිෂ්තා පුරානා යන නාමයයි. පසුව එය යේ හේ මොහාබ්බතයින් ලෙස වෙනස් කෙරිණි. මෙහි දිව්‍යංකා ත්‍රිපති සමග අනෙක් ප්‍රධාන චරිතය වන රමන් භල්ලාගේ චරිතය නිරූපණයට මුලින් තෝරාගැනුණේ සෙසෑන් ඛාන් (කසෞතී සින්දගී කේහි අනුරාග්ගේ චරිතය හේතුවෙන් ප්‍රකට වූ) ය. නමුත් අවසානයේ ඒ සඳහා කරන් පටෙල් තෝරා ගැනිණි. රුහි භල්ලාගේ චරිතය රඟපෑම පිණිස රුහානිකා ධවාන් තෝරා ගැනිණි. මෙහි සහායක චරිත සඳහා අවසානයේ අලි ගෝනි, ශ්රැති බාප්නා, නීලා කුල්කර්ණි, මිහිකා වර්මා, ෂිරීන් මිර්සා, ෂාහ්නාස් රිස්වාන්, සුමීත් සච්දේව්, අභය් භාර්ගව, පංකජ් භාටියා, ගෞතම් අහුජා ඇතුළු පිරිස තෝරාගැනිණි. මෙහි එන ඍණාත්මක චරිත නිරූපණයට ඇනිටා හසනන්දනි රෙඩ්ඩි සහ සංග්රාම් සිං තෝරාගැනිණි. වසර 7ක් ගතවීමෙන් පසු රුහිගේ චරිතය සඳහා ආදිති භාටියා තෝරාගැනිණි. ඉෂිතා සහ රමන්ගේ දියණිය වන පිහුගේ චරිතය ද රුහානිකා ධවාන් විසින්ම නිරූපණය කරන ලදී. වැඩුණු ආදිගේ චරිතය නිරූපණයට අභිෂේක් වර්මා යෝජනා විය. මෙහි අභිමන්යු රාඝව් (මනි) ගේ ලේලිය සහ ආදිගේ පෙම්වතිය වන ආලියාගේ චරිතයට ක්‍රිෂ්ණා මුඛර්ජී තෝරාගැනිණි.
2015 මාර්තු අග වන තෙක්ම එක්සත් රාජධානියේ ඉන්දියානු රූපවාහිනී කතාමාලා අතුරින් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිශතය පෙන්වීමට මෙම කතාමාලාව සමත් විය. එය 156, 500කි. 2015 මාර්තු අග වන විට දියා ඕර් බාති හම් නැමැති කතාමාලාව 173, 300ක ප්‍රේක්ෂක ප්‍රමාණයක් හිමිකරගත්තේ ය.[18] නමුත් 2015 ඔක්තෝබර්- නොවැම්බර් වන විට, එක්සත් රාජධානිය තුළ යේ හේ මොහාබ්බතයින් කතාමාලාව 248, 300ක ප්‍රේක්ෂක ප්‍රමාණයක් හිමිකරගත්තේ ය. වසර දෙකක් පුරා විකාශය වුවද, 2016 ජනවාරි වන විට එය TRP සටහනේ තෙවන ඉහළම ඉන්දියානු රූපවාහිනී වැඩසටහන බවට පත් විය.[19]
අනුවර්තන සහ අන්තර්ජාතික විකාශය
[සංස්කරණය]
- ^ යේ හේ මොහාබ්බතයින් කාස්ට් ටු ෂූට් ඉන් ඕස්ට්‍රේලියා. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 11 සැප්තැම්බර් 2016. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016.
- ^ "නොට් හැපී විත් නේම්, ඒක්තා කපූර් චේන්ජස් ෂෝ ටයිට්ල් ත්රයිස් - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 2013-11-22. සම්ප්‍රවේශය 2015-11-01.
- ^ කේශ්රී, ශ්වේතා. ඒක්තා’ස් ලේටස්ට් ෂෝ. ද ටෙලිග්රාෆ්. 3 දෙසැම්බර් 2013. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016
- ^ "ආෆ්ටර් මේල් ලීඩ්, ඒක්තා රීප්ලේසස් ඩෝග් ඉන් හර් ෂෝ! - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". Articles.timesofindia.indiatimes.com. 2013-11-29. සම්ප්‍රවේශය 2015-11-01.
- ^ "ඒක්තා'ස් නෙක්ස්ට් බේස්ඩ් ඔන් පොපියුලර් නවල් 'කස්ටඩි'? - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 2013-01-04. සම්ප්‍රවේශය 2015-11-01.
- ^ "ඊස් අර්වින්ද් කෙජ්රිවාල් අප්සට් විත් යේ හේ මොහාබ්බතයින් ෆෝ ෂෝවිං දිල්ලි පොලිස් ඉන් පුවර් ලයිට්?". India.com. 9 දෙසැම්බර් 2015. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2015.
- ^ පරිස්මිතා ගෝස්වාමි (14 මාර්තු 2015). "'යේ හේ මොහාබ්බතයින්': විල් ඉෂිතා සක්සස්ෆුලි එස්කේප් විත් රුහි?". ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2015.
- ^ ලෙටි මරියම් ඒබ්‍රහම් (22 November 2013). "යේ හේ මොහාබ්බතයින්: වයි ඩිඩ් ඒක්තා කපූර් රීප්ලේස් සෙසෑන් ඛාන්?". Bollywoodlife.com. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2013.
- ^ පරිස්මිතා ගෝස්වාමි (21 මාර්තු 2016). "'යේ හේ මොහාබ්බතයින්' ලීප්: රුහි ටු ටර්න් ඉන්ටු අ රිබෙලියස් ටීනේජර්? [වීඩියෝ]". ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්. සම්ප්‍රවේශය 26 මැයි 2016.
- ^ පර්මිතා උනියල් (30 මාර්තු 2016). "යේ හේ මොහාබ්බතයින් ස්පොයිලර්: නිධි ටු එලෝප් විත් රුහි ටු ඩුබායි, පෝස්ට් ලීප් : සෝප්ස්, නිව්ස් - ඉන්ඩියා ටුඩේ". ඉන්ඩියා ටුඩේ. සම්ප්‍රවේශය 1 අප්‍රේල් 2016.
- ^ DNA වෙබ් ටීම්. අවන්තිකා හුන්දාල් ටු රීප්ලේස් මිහිකා වර්මා ඉන් යේ හේ මොහාබ්බතයින්. ඩේලි නිව්ස් ඇනලයිසිස්. 13 අප්‍රේල් 2016. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016.
- ^ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා. සුමීත් සච්දේව් රිටර්න්ස් ටු ටීවී විත් 'යේ හේ මොහාබ්බතයින්'. ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්. 25 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016.
- ^ ජියර් අප් ෆෝ නිව් එන්ට්‍රි ඉන් 'යේ හේ මොහාබ්බතයින්'. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 27 ජූලි 2016. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016.
- ^ ත්රිවේදි, තාන්වි. අලෝං විත් සසුරාජ්, කරන් විල් නව් ඇක්ට් විත් හිස් සාස් ටූ. ද ටයිම්ස් ඔේ ඉන්ඩියා. 8 ඔක්තෝබර් 2016. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016.
- ^ කුමාර්, අංකිත. මිහිකා වර්මා ක්විට්ස් 'යේ හේ මොහාබ්බතයින්'. ද ටයිම්ස් ඔේ ඉන්ඩියා. 7 අප්‍රේල් 2016. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016.
- ^ සල්මන් ඛාන් ෂේක්ස් අ ලෙග් ඔන් ‘යේ හේ මොහාබ්බතයින්’. ඉන්ඩු-ඒෂියන් නිව්ස් සර්විස්. 8 ජූලි 2015. සම්ප්‍රවේෂණය 18 ඔක්තෝබර් 2016.
- ^ අංකිතා මෙහ්තා (5 මැයි 2016). "'යේ හේ මොහාබ්බතයින්:' එම්රාන් හෂ්මි ටු ප්‍රොමෝට් 'අෂාර්;' ඇක්ටර් ෂූට්ස් විත් ද ටීම්". ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්. සම්ප්‍රවේශය 20 මැයි 2016.
- ^ අංකිතා මෙහ්තා (26 මාර්තු 2015). "අනාස්-දීපිකා'ස් 'දියා ඕර් භාති හම්' බීට්ස් කරන්-දිව්‍යංකා'ස් 'යේ හේ මොහාබ්බතයින්' ඇන්ඩ් 'මාස්ටර්චෙෆ් 4'". ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්. සම්ප්‍රවේශය 2 අප්‍රේල් 2015.
- ^ පරිස්මිතා ගෝස්වාමි (8 ජනවාරි 2016). "TRP රේටිංස්: නාගින් රිමේන්ස් අන්බීටබල්; යේ හේ මොහාබ්බතයින් බීට්ස් කුම්කුම් භාග්‍යා". ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්. සම්ප්‍රවේශය 22 ජනවාරි 2016.
- ^ "නිව් ෆැමිලි ඩ්‍රාමා ඔන් ටීවී - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". Timesofindia.indiatimes.com. 2015-01-10. සම්ප්‍රවේශය 2015-11-01.
- ^ "නිව්-ඒජ් සෝප් ඔන් කොස්මොපොලිටන් කොල්කටා". Business-standard.com. සම්ප්‍රවේශය 2015-11-01.
- ^ "අවනු මාට්ටේ ශ්රාවනි නිව් කන්නජ සීරියල් ඔන් සුවර්ණා ටීවී". ඉන්ඩියන් ටෙලිවිෂන් නිව්ස්.
- ^ "Cô dâu 8 tuổi và phim ngoại ồ ạt lên truyền hình Việt". Tuổi Trẻ Online. 7 ජනවාරි 2016.
- ^ "SEA එන්ටර්ටේන්මන්ට් - ටයිම්ලයින් - ෆේස්බුක්". සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2016.
- ^ "RCTI Segera Tayangkan Serial India "Ruhi Tersayang", dari Produser Ekta Kapoor". ටැබ්ලොයිඩ් බින්ටැං (ඉන්දුනීසියානු බසින්).
- ^ "RCTI Hentikan Penayangan Ruhi Tersayang – Yeh Hai Mohabbatein". ටැබ්ලොයිඩ් බින්ටැං (ඉන්දුනීසියානු බසින්).
- ^ "ANTV Ambil Alih Hak Tayang "Ruhi Tersayang" RCTI, Judulnya Diubah Jadi "Mohabbatein"". ටැබ්ලොයිඩ් බින්ටැං (ඉන්දුනීසියානු බසින්).
මෙම අඩවියට අදාළ ලිපි |
---|
|
---|
විකාශය වෙමින් පවතින | ප්‍රධාන සෝප් ඔපෙරා | |
---|
දිවා සෝප් ඔපෙරා | |
---|
ඓතිහාසික ප්‍රබන්ධ | |
---|
සතිඅන්ත | |
---|
|
---|
|
---|
| | |
---|
2001 | |
---|
2003 | |
---|
2004 | |
---|
2005 | |
---|
2007 | |
---|
2008 | |
---|
2010 | |
---|
2011 | |
---|
2012 | |
---|
2013 | |
---|
2014 | |
---|
2016 | |
---|
2017 | |
---|
|
| වර්තමාන රූපවාහිනී වැඩසටහන් |
---|
|
| පසුගිය රූපවාහිනී වැඩසටහන් |
---|
|
|
|