![]() | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | පුළුල් පත්‍රය |
අයිතිකරු | විජය පුවත්පත් සමාගම |
ඇරඹුනේ | 1991 |
දේශපාලන නැඹුරුතාවය | මධ්‍යස්ථවාදී |
භාෂාව | සිංහල |
මූලස්ථානය | අංක. 48, පාක් වීදිය, කොළඹ 02, ශ්‍රී ලංකාව |
සංසරණය | 150,000 (දිනපතා ලංකාදීප) 350,000 (ඉරිදා ලංකාදීප) |
නිල වෙබ්අඩවිය | http://www.lankadeepa.lk |
ලංකාදීප යනු, විජය පුවත්පත් සමාගමට අයත් දිනපතා ශ්‍රී ලාංකික සිංහල භාෂා පුවත්පතකි. මෙම සංවිධානයෙහි සභාපතිවරයා වන්නේ රංජිත් විජේවර්ධන මහතා වන අතර, ඔහු ඩී. ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයා වෙයි.[1] ඉරිදා දිනවලදී, ඉරිදා ලංකාදීප නම්වූ සතිඅන්ත පුවත්පත ප්‍රකාශයට පත් කෙරෙයි. මේවා සංස්ථාපනය කෙරුණේ 1991 වසරෙහිදීය.[2] පුවත්පත විසින් ආවරණය කරන ක්ෂේත්‍ර අතරට දේශපාලනය, ක්‍රීඩාව, විනෝදය සහ හමුදාමය කටයුතු අඩංගු වෙයි.
ඉරිදා ලංකාදීප පුවත්පත 2006-2007 සහ 2008-2010 වසර සඳහා ස්ලිම් නීල්සන් ජනතා ප්‍රදානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ මහත් ජනප්‍රිය සතිඅන්ත පුවත්පත ලෙසිනි. එහි බුහුනණි පුවත්පත් වන්නේ ද සන්ඩේ ටයිම්ස්, ද ඩේලි මිරර් සහ ටැමිල් මිරර් වෙති.[3] දිනපතා ලංකාදීප සතුව 150,000 ප්‍රමාණයක සාමාන්‍ය සංසරණයක් සතු වන අතර එමි ඉරිදා සංස්කරණය සතුව 350,000 ප්‍රමාණයක සංසරණයක් වෙයි. [4]