විමල් වීරවංශ | |
---|---|
![]() | |
ජාතික නිදහස් පෙරමුණේ නායක | |
තනතුර දරමින් 14 මැයි 2008 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවා ඇත |
කර්මාන්ත අමාත්‍ය[a] | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 3 මාර්තු 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | දයා ගමගේ |
අනුප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම |
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | රවී කරුණානායක |
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය | |
තනතුර දරමින් 9 නොවැම්බර් 2018 – 15 දෙසැම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස |
අනුප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස |
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය | |
තනතුර දරමින් 23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | ෆෙරියල් අෂ්රොෆ් |
අනුප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2000 | |
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී | |
තනතුර දරමින් 1999–2000 | |
කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී | |
තනතුර දරමින් 1997–1999 | |
පුද්ගලික තොරතුරු | |
උපත | වීරසංගිලිගේ විමල් වීරවංශ 7 මාර්තු 1970 |
පුරවැසිභාවය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ (2008ට පෙර) ජාතික නිදහස් පෙරමුණ (2008ට පසු) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
කලත්‍රයා | ශෂී වීරවංශ |
ළමයි | 2 |
රැකියාව | දේශපාලනඥ |
වෙබ් අඩවිය | wimalweerawansa.lk |
වීරසංගිලිගේ විමල් වීරවංශ, (උපත 7 මාර්තු 1970) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක් වන අතර ජාතික නිදහස් පෙරමුණේ වත්මන් නායක වේ.[1] වීරවංශ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු මීට පෙර ශ්‍රී ලංකා රජයන්හි කර්මාන්ත අමාත්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් දාම කළමනාකරණ, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කර කරමිණි.
වීරවංශ උපන්නේ 1970 මාර්තු 7 වැනිදාය.[2][3][4][b] ඔහු නර්තන ගුරුවරයෙකු සහ වෘත්තීය සංගීතවේදියෙකු වූ වීරසංගිලිගේ පොඩිනේරිස් සහ වඩච්චාරිගේ සාලිගේ පුත්‍රයාය.[6] වීරවංශට එක් සහෝදරයෙක් (සරත් වීරවංශ) සහ සහෝදරියන් තිදෙනෙක් (වීරසංගිලිගේ සුමනාවතී, චාන්දනී වීරවංශ සහ නිලානි වීරවංශ) සිටී.වීරවංශ කළුතර නුවරේ තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය සහ පාසල් ක්‍රිකට් කණ්ඩායමට එක් වුණා.[8][9] වීරවංශ අ.පො.ස. සා.පෙළ අටක් සමත් වී අ.පො.ස. උසස් පෙළ ඉගෙනීමට පටන් ගත් නමුත් පන්ති නොපැමිණීම නිසා නෙරපා හරින ලදී.[6]
වීරවංශ විවාහ වී සිටින්නේ රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති (සෂී) සමඟයි.[6] ඔවුන්ට පුතෙක් (විභූති විශ්වජිත් වීරවංශ) සහ දියණියක් (විමාෂා විශ්වදාරි) සිටිනවා.[6]
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතිකයන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ගෙන ඒම හේතුවෙන් 2012 මාර්තු මස විමල් වීරවංශ විසින් ඇමතූ රැලියකදී ඔහු, ඇමරිකානු නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන් විසින් වර්ජනය කල යුතු බවට ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ "තමා සිය ගූගල් ගිණුම භාවිතය අත්හැර දමන බවයි. එසේම පෙප්සි, කොකාකෝලා, ගූගල් හා මැක්ඩොනල් ආදීන්ගෙන් වැළකෙමු" යනුවෙන්ද ඔහු සිය කථාවේදී ඉල්ලා සිටින ලදී.[10]