![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි සියළුම ආසන බහුතරය සඳහා ආසන 113 අවශ්‍ය වෙයි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 75.89% | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() දිනාගත් මැතිවරණ කොට්ඨාශ ■ – ශ්‍රීලංනිපොස ■ – සජබ ■ – දෙජාස ■ – ශ්‍රීලංනිප ■ – ඊජප්‍රප ■ – වෙනත් පක්ෂ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ශ්‍රී ලංකාවෙහි 16වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනෙකු තෝරා පත් කර ගනු ලැබීම සඳහා ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 5 දිනදී පැවැත්විණි. මෙහිදි ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහනුවර දිස්ත්‍රික්කය හා නුවරඑලිය දිස්ත්‍රික්කයට ජලකරාමය යටතේ තරඟ කල අමිත් වීරසිංහයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ පරදවා තුන්වන ස්ථානයට පත් වීම ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායමක් ලැබු වාර්තාවකි. එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ
ඡන්ද ප්‍රතිශතය තුලින්ද සැලකිය යුතු මට්ටමක් ලබා ගත් මැතිවරණයකි. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු ආසනයට ඡන්ද 416 ක ඡන්ද ප්‍රමාණයක් මදි වීම නිසා අමිත් වීරසිංහයන් හට පාර්ලිමේන්තු අසුන අහිමි විය. නමුත් එතුමා නැවත ඡන්ද ගණන් කල යුතු යැයි කල පෙත්සම් සියල්ලම විභාග නොවීය.
මැතිවරණය සඳහා තරග වැදුණු ප්‍රධාන පක්ෂ සහ සන්ධාන අතර ශ්‍රී ලාංකික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලක ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (ශ්‍රීලංනිපොස), ප්‍රධාන විපක්ෂය වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය (සජබ) සහ අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය (ජාජබ) විය.
2020 මාර්තු 19 දිනදී, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හෙළිදරව් කලේ කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමනු ලැබෙන බවයි.
මුල් ජන්දදායක මත විචාරණ වාර්තා සහ මත විමසුම් සඳහන් කලේ, ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය මැඩ පැවැත්වීමෙහිදී පාලක රජය ලත් අතිප්‍රමුඛ සාර්ථකත්වය සහ 2019 පාස්කු ප්‍රහාර තුලදී එජාප-නායකත්වය දැරුණු රජය වෙතින් ප්‍රධාන බුද්ධිතොරතුරු නොසලකාහැරීම් සිදුවූ බවට ඉන්පසුව කෙරුණු විමර්ශන තුලින් හෙළිවීම නිසාවෙන් එය කෙරෙහි සෘණාත්මක කුප්‍රකටත්වයක් ඇතිවීම යන කරුණු නිසා මැතිවරණයෙහිදී ජයග්‍රහණය ලැබීමට ජනප්‍රියත්වයක් දරන්නේ පාලක ශ්‍රීලංනිපොස බවයි.
මැතිවරණ ව්‍යාපාරය තුලදී අපේක්ෂකයන් විසින් රුපියල් බිලියන 2.2 ප්‍රමාණයක මුදලක් වියදම් කොට තිබුණු අතර, අනෙකුත් පක්ෂ සමග සංසන්දනය කෙරුණු විට සජබ විසින් වැඩි මුදලක් වැය කර තිබුණි.
2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය තුලදී සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට නියම කලේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා ඔහුගේ නාමික මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ නාමිකත්වය අනුමත කිරීමට පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබා ගැනුමට අපොහොසත් වීම හා සමගය.[3]
විවෘත පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 තෝරා ගනු ඇත.
2020 අගෝස්තු 6 දිනදී පළමු නිල ප්‍රතිඵලය නිකුත් කෙරුණේ ගාල්ල දිස්ත්‍රික්කයෙහි තැපැල් ඡන්ද ප්‍රතිඵලය හා සමගිනි.[4]
සිව්වන වරට ශ්‍රී ලංකාවෙහි අග්‍රාමාත්‍යවරයා ලෙසින් 2020 අගෝස්තු 9 වන දිනදී කොළඹ අසබඩ කැලණිය රාජ මහා විහාරයෙහිදී මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන්නේය.[5][6]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ආසන 145
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය: ආසන 2
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය: ආසන 1
දෙමළ මක්කල් විදුතලෙයි පුලිකල්: ආසන 1
ජාතික කොංග්‍රසය: ආසන 1
සමගි ජන බලවේගය: ආසන 54
එක්සත් ජාතික පක්ෂය: ආසන 1
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය: ආසන 1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය: ආසන 1
ඉලංකෙයි තමිල් අරසු කච්චි: ආසන 10
ජනතා විමුක්ති පෙරමුණ: ආසන 3
අකිල ඉලංකෙයි දෙමළ කොංග්‍රසය: ආසන 2
අපේ ජනතා පක්ෂයේ බලය: ආසන 1
දෙමළ ජනතා ජාතික සන්ධානය: ආසන 1
මුස්ලිම් ජාතික සන්ධානය: ආසන 1
<ref>
ටැගය;
parliamentdissolved
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි