සිද්ධාර්ත් නිගම් | |
---|---|
උපත | 13 සැප්තැම්බර් 2000 |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු, ජිම්නාස්ටික් ශිල්පියකු |
සක්‍රීය වසර | 2011 – වර්තමානය |
සිද්ධාර්ත් නිගම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නව යොවුන් නළුවකු වන අතර ඔහු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී ක්ෂේත්රයෙහි රංගනයේ නියැළෙයි. ඔහු ජනයා අතර ජනප්‍රිය වූයේ ධූම් 3 (2013) චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ චරිත සහ ඓතිහාසික නාට්‍ය රූපවාහිනී කතාමාලාවක් වූ චක්‍රවර්තින් අශෝක සම්රත් කතාමාලාවේ අශෝක අධිරාජයාගේ ළමා විය නිරූපණය කිරීම හේතුවෙනි.[1]
නිගම් උපත ලැබූයේ 2000දී වන අතර, ඔහු උපත ලබා හැදී වැඩුණේ උත්තර් ප්‍රදේශ්හි අලහබාදයේ ය.[2][3] ඔහු සිය දසව ශ්‍රේණියේ අධ්‍යාපනය ඛේල්ගාඔන් මහජන පාසලේ දී සම්පූර්ණ කළේ ය. එම පාසලේ දී ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවෙහි ද නිරත වූයේ ය.[2] පසුව ඔහු අලහබාද් සිට මුම්බායි වෙත පදිංචියට පිටත් විය.[3] පූනේහි 58වන ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී නිගම් සමාන්තර දඬු ඉසව්වේ දී රන් පදක්කමත්, උස් දඬු ඉසව්වේ දී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය.[4] ඔහුට වැඩිමහල් සොහොයුරකු ද වේ. ඔහුගේ මව විසින් රාජ්‍ය නොවන සංවිධානයක් සහ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.[5][6]
නිගම් සිය වෘත්තිය ආරම්භ කළේ ජිම්නාස්ටික් ශිල්පියකු ලෙසයි. එහි දී ඔහුව ජාතික මට්ටමේ ජිම්නාස්ටික් තරග සඳහා තේරීපත් වූ අතර, ඔහු රන් පදක්කමක් ද හිමි කරගෙන තිබේ.[7] අනතුරුව 2011දී රංගන දිවිය ආරම්භ කරමින් ඔහු බෝර්න්විටා වෙළඳ දැන්වීමකට පෙනී සිටියා ය.[7] මෙම වෙළඳ දැන්වීමෙහි ඔහුගේ රංගන ප්‍රතිභාව දුටු චිත්‍රපට නිෂ්පාදකයෝ ඔහුව ධූම් 3 චිත්‍රපටයට දායක කරගත්හ. මෙහි දී ඔහුව යොදාගැනුණේ ආමිර් ඛාන්ගේ චරිතයේ ලාබාල විය නිරූපණය සඳහා ය.[8] මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ විජේ ක්‍රිෂ්ණා ආචාර්ය විසිනි. 2013 දෙසැම්බර් 20 දින මෙම චිත්‍රපටය මුදාහැරිණි.[9] බොලිවුඩ් හුංගාමා නැමැති රසවින්දන ද්වාරයේ තරන් ආදර්ශ් සිය විචාරයෙහි සඳහන් කොට ඇත්තේ, "සිද්ධාර්ත් නිගම්හට ඇත්තේ නැරඹිය යුතුම දක්ෂතාවයකි. ඔහු විශිෂ්ටයි!" යනුවෙනි.[10] ඉන්ඩියා ටුඩේ පුවත්පත වෙනුවෙන් සුහානි සිං පවසා ඇත්තේ, "ඔහු තමන්ගේ ස්ව ධෛර්යයයෙන් යුතු ප්‍රතිභාව සහ මනහර විලාසය මගින් තිරය ඒකාලෝක කරයි."[11]
මෙම චිත්‍රපටයෙන් ලද සාර්ථක ප්රවේශයත් සමග, ඔහු පුංචි තිරයේ රංගනයට ද පිවිසියේ ය. ඔහු විසින් මිත්‍යාමය රූපවාහිනී මාලා නාට්‍යයක් වන මහා කුම්භ්: ඒක් රහාසයා, ඒක් කහානි කතාමාලවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ය. එහි දී ඔහු සුවිශේෂී බලයයන්ගෙන් යුතු රුද්‍රාගේ ළමා විය නිරූපණය කරන ලදී.[12] 2014 දෙසැම්බර් 15 දින මෙම කතාමාලාව ලයිෆ් ඕකේ රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය ආරම්භ විය.[13][14]
2015 පෙබරවාරි මස නිගම් විසින් චක්‍රවර්තින් අශෝක සම්රත් නැමැති ඓතිහාසික මාලා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලදී. මෙහි දී ඔහු සමග සමීර් ධර්මාධිකාරි, පල්ලවී සුභාෂ්, මනෝජ් ජෝෂි, සුමිත් කොවුල්, අංකිතා ෂර්මා සහ තුනීෂා ෂර්මා යන නළු නිළියන් රංගනයෙන් දායක වූහ. මෙහි දී නිගම් විසින් අශෝක අධිරාජයාගේ ලාබාල විය නිරූපණය කරන ලදී.[15][16] මෙම කතාමාලාව තුළ ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඔහු විචාරක පැසසුමට පාත්‍ර විය. එසේම හොඳම ආධුනික නළුවා සඳහා සී ස්වර්ණ සම්මානය, වඩාත් ජේත්තුකාර ආධුනිකයා සඳහා ටෙලිවිෂන් ස්ටයිල් සම්මානය[17] ලයන්ස් ස්වර්ණ සම්මාන හා ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙවල්හි දී හොඳම ළමා නළුවා, දේශ් කි ලාඩ්ලා සඳහා 2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් මේ සඳහා ඔහුට හිමි විය.[18][19] 2016 දී ප්‍රියතම ළමා නළුවා සඳහා රන් පත් සම්මානය ද ඔහුට පිරිනැමිණි.
2015 පෙබරවාරි 15 දින, නිගම් K9 නිෂ්පාදන විකට/කථා මාලාවක් වන කොමඩි නයිට්ස් විත් කපිල් වැඩසටහනේ විශේෂ මහාශිවරාත්‍රී කථාංගය සඳහා විශේෂ අමුත්තකු ලෙස සහභාගී විය.[20]
වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
චිත්‍රපට | ||
2013 | ධූම් 3 | ලාබාල සාහිර් / සමාර්[a] |
රූපවාහිනී වැඩසටහන් | ||
2014 | මහා කුම්භ්: ඒක් රහාසයා, ඒක් කහානි | ලාබාල රුද්‍ර |
2015–16 | චක්‍රවර්තින් අශෝක සම්රත් | ලාබාල අශෝක අධිරාජයා/අග්රදූත්[b] |
2016 | ජලක් දිඛ්ලා ජා 9 | තරගකාරයකු |
2017 | පේෂ්වා බාජිරාඕ | ලාබාල ශිවාජි (පසුබිම් නිරූපණය)[23] |
2017 | චන්ද්‍ර නන්දිනී | ළමා බින්දුසාර (ප්‍රධාන)[24] |
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දේශිත කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2015 | ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | වඩාත් බලාපොරොත්තු සහගත ළමා තරුව (දේශ් කා ලාඩ්ලා) |
චක්‍රවර්තින් අශෝක් සම්රත් | දිනාගති[18][25] |
2015 | සී ස්වර්ණ සම්මාන | හොඳම ආධුනික නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති[19] |
2015 | ලයන්ස් ස්වර්ණ සම්මාන | හොඳම ළමා නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති[26] |
2015 | ටෙලිවිෂන් ස්ටයිල් අවෝඩ්ස් | වඩාත් ජේත්තුකාර ආධුනිකයා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති[17] |
2015 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | හොඳම ළමා නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති[27] |
2016 | රන් පත් සම්මාන | ප්‍රියතම ළමා නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති[28] |
<ref>
ටැගය;
olympic- medal-all-i-want
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)