ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 (සී.මී.වී. 4) ලෙස හදුන්වන ප්‍රකාශ තන්තුමය (optical fibre) සබ්මැරීන් කේබල ( submarine communications cable ජාල පද්ධතිය, සිංගප්පූරුව (Singapore), මැලේසියාව (Malaysia), තායිලන්තය (Thailand), බංගලිදේශය (Bangladesh), ඉන්දියාව (India), ශ්‍රී ලංකාව (Sri Lanka), පාකිස්තානය (Pakistan), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (United Arab Emirates), සෞදි අරාබිය (Saudi Arabia), සූඩානය (Sudan) , ඊජිප්තුව (Egypt) , ඉතාලිය (Italy), ටුනීසියාව (Tunisia), ඇල්ගේරියාව (Algeria) සහ ප්‍රංශය (France) යන රටවල් ඔස්සේ විදුලි සංදේශනය සිදු කරයි. [1] මෙම ජාල පද්ධතිය ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-3 ( SEA-ME-WE 3) ලෙස හදුන්වන ජාලයට අනුපූරක ජාලයක් ලෙස නිර්මාණය කෙරුණු අතර මෙය කිලෝ මීටර 18 800 ක දුරින් යුක්ත වේ.මෙම සංනිවේදන ජාලය මගින් ගිනිකොන දිග ආසියා හා ඉන්දියානු උප මහාද්වීප අතරත් මැදපෙරදිග හා යුරෝපය අතරත් ප්‍රධාන අන්තර්ජාල සම්බන්ධීකරණ මර්ගය ලෙස ක්‍රියා කරයි.[1][2]
මෙම ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 ජාලය, භූමි දහ හතක් (17) ඔස්සේ කාණ්ඩ හතරකට (4) කට බෙදනු ලබයි.
1. මර්සෙලී Marseille, ප්‍රංශය France 2.ඇනබා Annaba, ඇල්ගේරියාව Algeria 3. බිසර්ටි Bizerte, ටුනීසියාව Tunisia 4. පලෙමෝ Palermo, ඉතාලිය Italy 5.ඇලෙක්සන්ඩ්රියාව Alexandria, ඊජිප්තුව Egypt 6. කයිරෝCairo, ඊජිප්තුව Egypt (ගොඩබිම්) 7. සුයිස් Suez, ඊජිප්තුව Egypt (ගොඩබිම්/ආපසු) 8. ජෙඩ්ඩා Jeddah, සෞදි අරාබිය Kingdom of Saudi Arabia|Saudi Arabia 9. ෆුජයිරා Fujairah, එක්සත් අරාබි එමීර් United Arab Emirates |
10. කරච්චී Karachi, පකිස්තානය Pakistan 11. මුම්බායි Mumbai], ඉන්දියාව India 12.කොලඹ Colombo, ශ්‍රී ලංකාව Sri Lanka 13. චෙන්නායි Chennai, ඉන්දියාවIndia 14. කොක්ස් බසාර් Cox's Bazar, බංගලාදේශය Bangladesh 15. සතුන් Satun, තායිලන්තය Thailand |
2004 මාර්තු මස 27 දින විදුලි සංදේශන සමාගම් දහ සයක (16) සුසංධානයක එකඟතාවය මත ගොඩ නැගුණු මෙම පද්ධතියෙහි [2] ඉදිකිරීම් ඇල්කටෙල් සබ්මැරීන් ජාලය (Alcatel Submarine Networks (දැන් Alcatel-Lucent Submarine Networks, Alcatel-Lucent හි කොට්ඨාශයකි. ) සහ ෆුජිට්සු (Fujitsu) [2] යන සමාගම් දෙක මගින් දියත් කරන ලද අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පිරිවයක් සහිතව මාස දහ අටකට පසු ඉදිකිරීම් 2005 දෙසැම්බර් 31 දින නිමවිය.[2][3] පළමු කාණ්ඩය කිලෝ මීටර් 8 000 ක දුරකින් යුතු වන අතර එය සිංගප්පූරුව සිට ඉන්දියාව දක්වා දිවෙයි. මෙය ෆුජිට්සු සමාගම මගින් සිදු කල අතර මෙම ජාලය මගින් සතර වන කාණ්ඩය සඳහා සබ්මැරීන් පුනරාවර්තක (submarine repeater) සපයනු ලබයි.[3]
සබ්මැරීන් කේබල භේදනය (2008 submarine cable disruption)
2008 ජනවාරි 30 දින, අන්තර්ජාල සේවාව පුළුල් ලෙස භේදනය වීමක් මැදපෙරදිග සහ ඉන්දියානූ උප මහාද්වීපික කලාපයන් ගෙන් වාර්තා වූ අතර සී.මී.වී. 4 සහ මෙඩිටෙරනියන් මුහුද හි පිහිටි ෆ්ලැග් ටෙලිකොම් FLAG Telecom කේබලවලට හානි විම සිදු විය. භේදනයෙන් සියයට 70 ක් ඊජිප්තුවෙන් ද, සියයට 60 ක ප්‍රතිශතයක් ඉන්දියාව ඔස්සේ බහරේන්, බංගලාදේශය, කුවේට්, පාකිස්තානය, කටාර්, සෞදි අරාබිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් වලින් වාර්තා විය.[4][5] ඉන්දියාවෙහි සුළු පිරිසකට මෙහි බලපෑම දැනුන අතර අන්තර්ජාල සේවා සැපයුම් ආයතන මූල්යදායක කොන්ත්‍රාත්තු පාරිභෝජකයන් විශාල පිරිසක් සඳහා සේවා සපයන ලදී.
2008 දෙසැම්බර් 19, නැවතත් එක විටම සී.මී.වී-3 (SEA-ME-WE 3), ෆ්ලැග් (FEA (cable system)|FEA) සහ ගෝ -1(GO-1) යන කේබල අතර සම්බන්ධතාවය බිදී ගිය අතර, [6][7] නැවත එය දෙසැම්බර් 25 ක්‍රියාවෙහි යෙදීමට බලාපොරොත්තු විය.[8]
2010 අප්‍රේල් 14 දින, ශන්ට් දෝශය shunt fault නම් ආසන්න වශයෙන් කිලෝ මීටර 1,886 දුරක් ඇලෙක්සැන්ඩ්‍රියා වේ සිට ඉතාලියෙහි පලෙර්මො (Palermo) දිසාවට ඇලෙක්සැන්ඩ්‍රියා සහ මර්සෙයිලේ (Marseille) කාණ්ඩ අතර සිදු විය.[9][10]
තවත් කේබල් දෝශයක් මැලේසියාව මගින් බොම්බාය සිට යුරෝපය දක්වා වාර්තා විය.[11]
දකුණු අප්‍රිකානු සේවාව 2010 ජූලි 5 දින 9.09 (ජී.එම්.ටී) ට බිඳ වැටුන අතර එහෙයින් මුම්බායි සිට මොම්බාසා අතර සේවාව බිඳ වැටුනි.[12] සකල කලාපයන්මමෙය අත්විදි අතර ප්රතිසංස්ථාපනය ද අත්විදීමට ඔවුනට සිදු විය. Mweb's නම් වෙබ් අඩවියහි ඒ.ඩී.එස්.එල් (ADSL) ඇණහිටුවන කාලසීමාව 8084 ලෙස සඳහන් විය.[13]
සී.මී.වී. 4 කේබල පද්ධතිය නිරිමාණයට යෝජනා කිරීම හා සංවර්ධනය කිරීම සී.මී.වී. 4 සුසංධානය මගින් සිදු වුන අතර මෙම සුසංධාන රටවල් මගින් මෙම පද්ධතිය නඩත්තුව සහ බල පවත්වාගෙන යාම සිදු කරනු ලබයි.[3][14]
මෙම සුසංධානය ධූරානුක්රමික සංවිධානයක් (hierarchical organisation) වන අතර මෙමගින්, කේබල් පද්ධතිය ක්‍රියා කරවීම, කලමනාකරණය, පාලනය කිරීම සිදු කරනු ලබයි. මෙම ධාරානුක්රමිකයෙහි මුල් තැන කලමනාකරණ කමිටුව වන අතර [15] මෙය මගින් ව්‍යාපෘති මෙහෙයවනු ලබයි. [14] එසේම මෙම කලමනාකරණ කමිටුව යටතේ ප්රතිසම්පාදන, ක්‍රියාකරවුම් හා නඩත්තු කරවීම්, මූල්‍යමය හා උප පාලන, පැවරුම්, මාරිග ගත් කිරීම් හා ප්රතිසංස්ථාපන, ආයෝජන හා එකඟතා කමිටු පවතින අතර ප්‍රධාන නීති කෙටුම් පත පාර්ශවය, මූල්‍ය හා පාලන අනුකාරක සභාව යටතේ ද ජාලකරණ කළමණාකාර අංශය, පවරා දීම්, මාර්ගගත කිරීම සහ ප්රතිසංස්ථාපනය යන මණ්ඩලය යටතේද පවතී.[15]
ඉන්දියාවෙහි ටාටා කොමියුනිකේශන්ස් (Tata Communications) පෙරාතුව Videsh Sanchar Nigam Limited (VSNL), India ජාලකරණ පරිපාලකත්වය දරනු ලබයි. මෙම අරමුණ සඳහා ටාටා කොමියුනිකේශන්ස් , විශිෂ්ඨ ජාලකරණ පරිපාලන මෘදුකාංගය පද්ධතියක් නිරිමාණය කල අතර මෙමගින් අන්තර්ජාලය ආයාචනය පිරිසැකසුම, රැකියාව උපලේඛනය කිරීම සහ වාර්තා ජනනය සිදුකල හැක. මෙම පද්ධතිය විසින් කලාප පළල හිමිකාරුවන් සඳහා වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව ධාරිතා කළමනාකාරීත්ව සිදු කරනු ලබයි. මෙම පද්ධතිය අන්තර්ජාලය ඔස්සේ මෙම වෙබ් අඩවිය at http://www.seamewe4.net තුලින් පරිශීලනය කල හැක. ටෙලිකොම් මැලේසියා බර්හඩ් Telekom Malaysia Berhad ප්‍රධාන නීති කෙටුම් පත් පාර්ශ්වය ලෙස කටයුතු කරයි.[1][16]
ගිනිකොන දිග ආසියා-මැදපෙරදිග-බටහිර යුරෝප-4 (සී.මී.වී. 4) දුරකතන, අන්තර්ජාල, බහු මාධ්‍ය සහ විවිධ බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත වැඩ සටහන් සඳහා භාවිත කරන අතර [2] සී.මී.වී. 3 සහ සී.මී.වී. 4 කේබල් පණිවුඩ පද්ධති මගින් එකිනෙකට අතිරික්තතාව ඇති කර ගනු ලබන අතර,[2] මෙම පද්ධති දෙක එකිනෙකහි අඩු පාඩු මග හරින අතර සී.මී.වී. 4, සී.මී.වී. 3 ප්‍රතිස්ථාපනය සඳහා ඉදි වූවක් නොවේ.[2] මෙම ජාලයන් දෙකම සී.මී.වී (SEA-ME-WE), ව්‍යාපෘතියෙන් නිරුක්ත වූවත් වෙනස් භාවිත දැක ගත හැකියි. සී.මී.වී. 3 කිලෝ මීටර 39,000 ක [17] දුරින් යුක්ත වන අතර (සී.මී.වී. 4 ට සංසන්දනාත්මකව (18,800 කි.මි)) මෙය ජපානයේ සහ ඕස්ට්‍රේලියාව සිට යුරසියන් ඵලකයහි Eurasian Plate|Eurasian landmass පහල කෙළවර ඔස්සේ අයර්ලන්තය හා ජර්මනිය දක්වා දීර්ඝ කෙරිනි.[18] සී.මී.වී 4, තතපරයට ටෙරා බයිට් 1.28 ක දත්ත සම්ප්‍රේශණ වෙගයකින් යුක්ත වන අතර සී.මී.වී. 3 සතුව ඇත්තේ තතපරයට ටෙරා බයිට් 0.96 වේගයකි.[17] සී.මී.වී. 3 රටවල් විශාල ප්‍රමාණයකට විශාල ප්‍රදේශයක් පුරා සම්බන්ධතාව සපයනු ලබයි. එසේ වුවත් සී.මී.වී. 4 හි අරමුණ නම් අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය බලාපොරොත්තු වන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අධික දත්ත සම්ප්‍රේෂණ වේගයක් සපයනු ලැබීමයි.[2]
මෙම කේබල සඳහා භාවිත කරන wavelength-division multiplexing#Dense WDM|dense wavelength-division multiplexing (DWDM),[1] මගින් බහුවිධ සංඥා නොමැති ෆයිබර් තන්තු වලට සාපේක්ෂව, ෆයිබර් තන්තුවක සන්නිවේදන ධාරිතාව වැඩි කරන අතර එසේම දෑතට ක්‍රියා කරන සන්නිවේදනය සඳහා පහසුකම් සලසනු ලබයි. මෙම කාර්යය DWDM, වෙනස් තරංග ආයාමයන්ගෙන් (wavelength) යුත් ලේසර් ආලෝකය (laser light) බහුවිධ multiplexing කිරීමෙන් සිදු කනනූ ලබන අතර තනි ප්‍රකාශ ෆ්යිබර්, බහු ආංගිකප්රකාශ වාහක (Optical Carrier|optical carrier) සංඥා සමගාමීව සම්ප්‍රේණය කිරීමේ හැකියාව දරයි. ෆ්යිබර් යුගල් දෙකක් භාවිත කරනු ලබන අතර සෑම යුගලක්ම වාහක 64 ක් තත්පරයට ගිගා බයිට් 10ක වේගයකින් සම්ප්‍රේශණය කරනු ලබයි.[3]මෙය තත්පරයට ටෙරා බිට් 1.28ක .[3] සම්පූර්ණ ධාරිතාවයකින් යුතුව සී.වී.මී-4 කේබලය [2] හරහා ටෙරා බිට් (terabit per second) වේගයකින් දත්ත සම්ප්‍රේශණයට දායක වේ.2011 පෙබරවාරි මාසයේ මෙම සුසංධානය කොන්ත්‍රාත්තුවක් දිනා ගත් අතර මෙය සබ්මැරීන් කේබලයක් තත්පරයට ගිගාබිට් 40 බැගින් උසස් කිරීමටත් ගොඩබිම් අතර අනාගත අවශ්‍යතා සඳහා තත්පරයට ගිගාබිට් 100ක වේගයකින් සම්ප්ප්රේශණය සඳහා අවශ්‍ය උපාංග ලබා දීමටත් අනුග්‍රහ දක්වනු ලබයි.[19].
මෙවැනිම තවත් සබ්මැරීන් කේබල පද්ධතින් කිහිපයක්,
{{cite web}}
: |archive-date=
/ |archive-url=
timestamp mismatch; $1 suggested (help)
{{cite web}}
: Text "Overview" ignored (help)