සුසිල් ප්‍රේමජයන්ත් | |
---|---|
சுசில் பிரேமஜயந்த Susil Premajayantha | |
![]() | |
සභානායක | |
තනතුර දරමින් 27 ජූලි 2022 – 24 සැප්තැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
අනුප්‍රාප්තිකයා | බිමල් රත්නායක |
අධ්‍යාපන අමාත්‍ය | |
තනතුර දරමින් 20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | රමේෂ් පතිරණ |
අනුප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
තනතුර දරමින් 23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
අනුප්‍රාප්තිකයා | බන්දුල ගුණවර්ධන |
තනතුර දරමින් 2000–2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | රිචඩ් පතිරණ |
අනුප්‍රාප්තිකයා | සරත් අමුණුගම |
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය [a] | |
තනතුර දරමින් 4 සැප්තැම්බර් 2015 – 12 අප්‍රේල් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | චම්පික රණවක |
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය | |
තනතුර දරමින් 28 ජනවාරි 2013 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
අනුප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන |
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය | |
තනතුර දරමින් 23 අප්‍රේල් 2010 – 28 ජනවාරි 2013 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
අනුප්‍රාප්තිකයා | අනුර ප්‍රියදර්ශන යාපා |
විදුලිබල හා බලශක්ති අමාත්‍ය | |
තනතුර දරමින් 10 අප්‍රේල් 2004 – 23 නොවැම්බර් 2005 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
අනුප්‍රාප්තිකයා | ජෝන් සෙනෙවිරත්න |
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් | |
තනතුර දරමින් 20 ජනවාරි 2004 – 14 අගෝස්තු 2015 | |
Leader | මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | තනතුර නිර්මාණය කරන ලදී |
අනුප්‍රාප්තිකයා | විශ්වා වර්ණපාල |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 19 දෙසැම්බර් 2001 – 24 සැප්තැම්බර් 2024 | |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 18 ඔක්තෝබර් 2000 – 10 ඔක්තෝබර් 2001 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 10 ජනවාරි 1955 ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018 - වර්තමානය) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2018ට පෙර) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2020 - වර්තමානය) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004 - 2018) පොදු ජන එක්සත් පෙරමුණ (2004ට පෙර) |
උගත් ශාස්ත්‍රාලය | ශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ |
රැකියාව | දේශපාලඥ |
වෘත්තිය | නීතිඥ |
ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් (1955 ජනවාරි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු, හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙයි.[1]
සුසිල් මහතා සිය මූලික ඉගෙනීම් කටයුතු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හදාරණ ලදී.[2] ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් 1982 දී නීතිවේදී උපාධියක් ලබා 1984 දී නීතිඥ බවට පත් විය.[3] පසුව, 2004 දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේය.[4]
ප්‍රේමජයන්ත් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1991 වසරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වෙමින්.[3]1993 දී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූණා වන අතර 1995 දී ඒ පළාතේ ප්‍රධාන අමාත්‍ය ලෙස තේරී පත් විය.[3][4]
2000 දී ඔහු ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වූණා සහ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් විය.[3] 2001 මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ පරාජය වුවද, ප්‍රේමජයන්ත් කොළඹ දිස්ත්‍රික්කයෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව පැවති මැතිවරණවලදී ඔහුගේ ආසනය දැරීය.
2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමත් සමඟ ප්‍රේමජයන්ත එහි මංගල ප්‍රධාන ලේකම්වරයා බවට පත් කරන ලදී.[3]මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන විට ඔහුට විදුලිබල හා බලශක්ති අමාත්‍ය තනතුර ලබා දෙන ලදී.[5]මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ විට ඔහු නැවතත් අධ්‍යාපන ඇමති ලෙස පත් කරන ලදී.[6]මහා මැතිවරණයෙන් පසුව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ලෙස ඔහු පත් වුණා.[7] 2013 වසරේ කැබිනට් සංශෝධනයත් සමඟ ඔහු පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා බවට පත් වුණා.[8]
2015 අගෝස්තු 25 වින දින, මහ මැතිවරණයෙන් දින කිහිපයකට පසු ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය.මැතිවරණයට දින කිහිපයකට පෙර ඔහු පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම තනතුරෙන් ඉවත් කරන ලදී.[9] ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව,[10] ප්‍රේමජයන්ත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා බවට පත් වුණා.[11][12][13] ඔහු 2022 මැයි 20 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සහ 2022 ජූලි 23 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නැවත අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
{{cite news}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)
{{cite journal}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)
{{cite journal}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)
{{cite journal}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)
{{cite news}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)