1971 කැරැල්ල | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
![]() |
![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
![]() ![]() ![]() |
![]() | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
1,200 (නිල), 4-5,000 (නිලනොවන)[1] |
කට වහරේ සාමාන්‍යයෙන් 71 කැරැල්ල ලෙසින් හැඳින්වෙයන 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල යනු, ලංකාවේ රජතුමියට සහ අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ වූ ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කොමියුනිස්ට් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් දියත් කෙරුණු පළමු අසාර්ථක අවිගත් විප්ලවය විය. 1971, අප්‍රේල් 5 දින ඇරඹුනු කැරැල්ල, 1971 ජූනි මස වන තුරු පැවතිනි. සන්නද්ධ හමුදාවන් විසින් එම ප්‍රදේශ යළි-අල්ලා ගැනුමට පෙර, සුළු නගර සහ ගම්බද පළාත් කිහිපයක්, සති කිහිපයක් මුළුල්ලෙහි අල්ලා ගෙන යටත් කරගෙන සිටුමට කැරළිකරුවෝ සමත් වූහ.[1]
ස්වයං-පාලනය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් සමග කතිතාවන්හී යෙදීමට පෙරමුණ ගෙන ක්‍රියා කල ඩී.එස්. සේනානායක මහාමාන්‍යවරයා යටතෙහි මධ්‍යස්ථ මතධාරී රජයක් පිහිටුවීම හා සමග, 1948 වසරෙහිදී ලංකාව ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. දක්ෂිණාංශයට බර සහ ඩොමීනියන්වාදී පක්ෂ තුනක් එක් කරමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) තැනූ ඔහු, මහා මැතිවරණයෙහිදී පාර්ලිමේන්තු බහුතරයක් දිනාගත්තේය. ජාතිකවාදී මතවාදී රැල්ලක් මත, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1956 වසරෙහිදී අග්‍රාමාත්‍යවරයා වත්ම, එජාප පරාජයට පත් විය. ඔහුගේ ඝාතනය හා සමගම දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිය සිරිමාවෝ බණ්ඩාරනායක 1960 වසරෙහිදී ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූවාය.