1 වන දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | ![]() |
ආදර්ශ පාඨය | "Our sun to shine on you" |
සහභාගී වූ රටවල් | 8 යි |
ක්‍රීඩක සංඛ්‍යාව | 359 යි[1] |
ඉසව් ප්‍රමාණය | 10 යි |
සමාරම්භක දිනය | 2011 ඔක්තෝම්බර් 8 |
නිමා වූ දිනය | 2011 ඔක්තෝම්බර් 14 |
නිල ආරම්භය සිදුකලේ | මහින්ද රාජපක්ෂ මැතිතුමා |
ප්‍රධාන ස්ථානය | හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණය |
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල එම වසරේ ඔක්තෝම්බර් 8 වන දින සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ, හම්බන්තොටදී පැවැත්විණි. සමාරම්භක උත්සවය හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණයදී පවත්වනු ලැබූ අතර, දකුණු ආසියාවේ රටවල් 8 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 359 දෙනෙක් තරඟාවලියට සහභාගී වූහ.[1]
ශ්‍රී ලංකාව හැරුණු විට, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්, ක්‍රීඩා උළෙල සත්කාරකත්වය වෙනුවෙන් තරඟ වැදුණාහ.[2]
ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය 2011 ජනවාරි 20 දින ගාල්ලදී එළිදැක්වුණි.[3]
මංගල සංඛේතය ලෙස, ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ නර්තන අංගයක් වූ "සලු පාලිය" යොදා ගන්නා ලදී.[4]
පිහිනුම් මැරතන් සහ සුළං ඔරු පැදීම තරඟ ආරුගම්බේ හීදී පැවැත්වූ අතර ඉතිරි තරඟ හම්බන්තොට, තංගල්ල සහ තිස්සමහාරාමය හීදී පැවැත්විණී.[5] තරඟකරුවන්ගේ අවම සහභාගීත්වය නිසා, තුන් ප්‍රයාම සහ වෙරළ කායවර්ධන යන තරඟ අවලංගු කරන ලදී.[6]
වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රටවලින් සහභාගී වූ තරඟකරුවන් සංඛ්‍යාව වේ.
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ තරඟ පැවැත්වූ කාල රාමුව පහත දැක්වෙයි.[5]
සඋ | සමාරම්භක උළෙල | ● | මූලික තරඟ | 1 | අවසන් තරඟ | නිඋ | නිමා කිරීමේ උළෙල |
ඔක්තෝම්බර් | 8 සෙනසුරාදා |
9 ඉරිදා |
10 සඳුදා |
11 අඟහරුවාදා |
12 බදාදා |
13 බ්‍රහස්පතින්දා |
14 සිකුරාදා |
ඉසව් සංඛ්‍යාව | |
---|---|---|---|---|---|---|---|---|---|
උත්සව | සඋ | නිඋ | |||||||
![]() |
● | ● | 2 | 2 | |||||
![]() |
● | ● | 1 | 1 | |||||
![]() |
● | ● | 1 | 1 | |||||
![]() |
● | ● | 2 | 2 | |||||
![]() |
● | ● | 1 | 1 | |||||
![]() |
● | ● | ● | ● | 2 | 2 | |||
![]() |
3 | 3 | 6 | ||||||
![]() |
2 | 2 | |||||||
![]() |
2 | 2 | 2 | 2 | 8 | ||||
![]() |
● | ● | ● | 1 | 1 | ||||
සමස්ථ ඉසව් සංඛ්‍යාව | 2 | 5 | 7 | 6 | 5 | 1 | 26 | ||
සමුච්චිත එකතුව | 2 | 7 | 14 | 20 | 25 | 26 | |||
ඔක්තෝම්බර් | 8 සෙනසුරාදා |
9 ඉරිදා |
10 සඳුදා |
11 අඟහරුවාදා |
12 බදාදා |
13 බ්‍රහස්පතින්දා |
14 සිකුරාදා |
ඉසව් සංඛ්‍යාව |
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ![]() |
11 | 9 | 7 | 27 |
2 | ![]() |
9 | 10 | 9 | 28 |
3 | ![]() |
5 | 2 | 4 | 11 |
4 | ![]() |
1 | 2 | 5 | 8 |
5 | ![]() |
1 | 1 | 1 | 3 |
6 | ![]() |
0 | 1 | 2 | 3 |
7 | ![]() |
0 | 1 | 0 | 1 |
මුළු එකතුව | 19 | 19 | 21 | 59 |