2012 ඊජිප්තියානු–ඊශ්‍රායෙල දේශසීමා ප්‍රහාරය | |
---|---|
අරාබි–ඊශ්‍රායෙල ගැටුමහී කොටසකි | |
ස්ථානය | සීනායි අර්ධද්වීපය, දකුණු ඊශ්‍රායෙලය සම්පයෙහිවූ කෙරම් ෂලෝම් දේශසීමා කපොල්ල |
ඛණ්ඩාංක | 31°13′N 34°17′E / 31.217°N 34.283°Eඛණ්ඩාංක: 31°13′N 34°17′E / 31.217°N 34.283°E |
දිනය | 5 අගෝස්තු 2012 |
ඉලක්කය | ඊජිප්තියානු හමුදා කඳවුර, කෙරම් ෂලෝම් දේශසීමා කපොල්ල. |
ආයුධය(න්) | රොකට්-ප්‍රධාවක බෝම්බ, සන්නද්ධ රථ[1][2] |
මරණ | ඊජිප්තියානු සොල්දාදුවන් 24 — 16 ,[3][4][5] තුවක්කුකරුවන් 8 [6][1] |
තුවාලකරුවන් | 7[7] |
සැකකෙරෙන අපරාධකරුවෝ | ගාසා තීරය-පදනම් කරගත් ත්‍රස්තවාදීන්ට සමීප සබඳතා සහිත සීනායි අර්ධද්වීපයෙහි බෙඩුවින් සහ අනෙකුත් තුවක්කුකරුවන් සහ බොහෝ විට ඉහත ත්‍රස්තවාදීන්ගේද සහභාගීත්වය,[8]ඉස්ලාමීය වාදී සටන්කාමීන්,[1][9][10] ගෝලීය ජිහාඩ් ත්‍රස්තවාදීන්[11] |
සහභාගිවූ සංඛ්‍යාව | 35[5][12] |
චේතනාව | නොදනී |
2012 ඊජිප්තියානු-ඊශ්‍රායෙල දේශසීමා ප්‍රහාරය 2012, අගෝස්තු 5 දිනදී සිදුවූයේ අවිගත් මිනිසුන් විසින් සීනායි අර්ධද්වීපයෙහි ඊජිප්තියානු හමුදා කඳවුරක් වෙත රැකසිට පහරදී, ඊජිප්තියානු සොල්දාදුවන් 16 දෙනෙකු මරාදමා ඊජිප්තියානු සන්නද්ධ රථ දෙකක් සොරකම් කරගෙන, ඊශ්‍රායෙලය තුලට පලා යාමත් සමගය. ප්‍රහාරකයෝ, ඊශ්‍රායෙලයේ කෙරම් සලෝම් දේශසීමා කපොල්ල තුලින් හඹායත්ම එක් රථයක් පිපිරීමට ලක්විය. ප්‍රහාරකයෝ ඉන්ඉක්බිතිව, ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවේ සොල්දාදුවන් හා ගිනිඅවි සටනක නිරතවූ අතර එහිදී ප්‍රහාරකයෝ සය දෙනෙක් මිය ගියෝය. ඊශ්‍රායෙල්වරුන් කිසිවකු තුවාල නොලදහ.
ඊශ්‍රායෙල හා ඊජිප්තියානු බලධාරින්ගේ තියුණු හෙලාදැකීමට ප්‍රහාරය විගසින් ලක්විය. මියගිය ඊජිප්තියානු සොල්දාදුවන් වෙනුවෙන් සිය සංවේගය පලකල ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතනියාහූ, ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාවන් පැසසුවේ ඔවුන්ගේ සුදානමින් සිටීම හා ප්‍රහාරය පාලනය කිරීම වෙනුවෙනි. සීනායි අර්ධද්වීපයෙහි ත්‍රස්තවාදීන් පිළිබඳ කටයුතු කිරීම සම්බන්ධයෙන් "නිදි ගැට හැරීමේ" සිද්ධියක් ලෙස ඊජිප්තුව විසින් මෙය සැලකිය යුතු බව ඊශ්‍රායෙල ආරක්ෂක ඇමති ඉහුඩ් බරක් අනතුරු ඇඟවූ අතර, ඊජිප්තියානු ජනාධිපති මෙහොම්මඩ් මෝර්ස් විසින් සීනායි අර්ධද්වීපය යළි අත්පත් කරගන්නා බව සපථ කරමින් තෙදිනක ශෝකවීමේ කාලයක් ප්‍රකාශයට පත් කලේය. ඊජිප්තු රජය විසින් ගාසා තීරය වෙතවූ රෆා දේශසීමා කපොල්ල වසා දැමීය.
2011–2012 ඊජිප්තියානු විප්ලවයට අනතුරුව, සටන්කාමී සංවිධාන විසින් සීනායි අර්ධද්වීපයෙහි සිය ක්‍රියාකාරකම් ඉහළ නැංවූ අතර, සමහරක් අල්-කයිඩා-සබැඳි කණ්ඩායම් එහි ප්‍රතිෂ්ඨාපිත වූහ.[13]
සීනායි අර්ධද්වීපය හරහා ඊශ්‍රයෙලයේ සිට ඊජිප්තුව වෙතද යළිත් ඊශ්‍රායෙලය (හා ජෝර්දානය) වෙතද දිවුනු අම්පාල් සමාගමට අයත් ගෑස් පයිප්ප වෙතට මෙම කණ්ඩායම් විසින් නිරන්තර ප්‍රහාර හා බෝම්බ දැමීම් සිදුවෙමින් තිබුණි. 2012 ජූලි වන විට, 2011 නැගී සිටීමෙහි සිට ගත් කල, ගෑස් පයිප්ප නල මාර්ග වෙත 15 වතාවක් බෝම්බ දමා තිබුණි.[14]
2011 අගෝස්තු මාසයේදී, ඊජිප්තියානු දේශසීමාව සමීපයේ දකුණු ඊශ්‍රායෙලයෙහි මහාමාර්ගය 12 හිදී සීනායි අර්ධද්වීපය ඔස්සේ දේශසීමාව-හරහා සිදුකල ප්‍රහාර මාලාවක් ඇතිවිය.[15]
<ref>
ටැගය;
AJ
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
<ref>
ටැගය;
USAT
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
<ref>
ටැගය;
Terrorists 2km
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
<ref>
ටැගය;
Israel request
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි