Fat32

FAT (File Allocation Table) යනු 1977 දී Bill Gates සහ Mark McDonald විසින් දත්ත ගබඩා කිරීම සඳහා හඳුන්වාදුන් ක්‍රමවේදයකි. මෙය මුලින්ම FAT16 ලෙස යොදා ගැනුණු අතර පසුව එය FAT32 දක්වා වැඩි දියුණු කෙරිණි. මෙම තාක්ෂනය මඟින් කෙරෙන්නේ දෘඩ තැටියක (Hard Disk) හෝ මෙමරි චිපයක (Memory Chip) කිසියම් ෆයිල් එකක් පවතින ස්ථානය සටහන් කර තබා ගැනීමයි. 32 යනුවෙන් දැක්වෙන්නේ එම සටහන සඳහා වැය වන බිටු (Bits) ගණනයි. උදාහරණයක් ලෙස ඔබ අලුතින් ෆෝල්ඩර් එකක් සෑදු විට මෙම තාක්ෂනය මගින් එය හාඩ් ඩිස්කය තුල පිහිටා ඇත්තේ කුමන ස්ථානයේද යන්න පිලිබඳ සටහනක් තබා ගනී.

@ MP3 Players, Flash Drives(Pen Drive), Memory Chip වැනි බොහෝ පෝටබල් උපාංගයන් සඳහා සුදුසු වන්නේ FAT32 වේ.

@ FAT32 යොදා ගන්න උපාංගයක 4GB ට වඩා විශාල ෆයිල් ගබඩා කල නොහැක. FAT16 හීදී නම් 2GB ට වඩා විශාල ෆයිල් ගබඩා කල නොහැක.

@ FAT32 මතක උපාංගයක් NTFS මාදිලියට පහසුවෙන් පරිවර්තනය කිරීමේ හැකියාව පවතිනවා.

@ Windows 2000 මෙහෙයුම් පද්ධතිය දක්වා මෙම තාක්ෂනය යොදා ගැනිණි.

NTFS (New Technology File System) යනු Microsoft සහ IBM යන සමාගම් දෙකෙහි සාමුහිකත්වයෙන් දියුණු කෙරුණු තාක්ෂණයකි. මුල් වරට Windows NT මෙහෙයුම් පද්ධතිය සමඟ යොදා ගැනිණි. FAT32 මාදිලියට වඩා ඉතා දියුණු, වේගවත්, සංකීර්ණ සහ ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස NTFS හැඳින්වේ. නමුත් මෙමගින් හාඩ් ඩිස්කය තුල ෆයිල් වල තොරතුරු ගබඩා කර ගැනීම සඳහා වැඩි ඉඩක් වෙන් කර ගනී. ඊට හේතුව වන්නේ NTFS මගින් ෆයිල් පිහිටි ස්ථාන වල තොරතුරු මෙන්ම එම තොරතුරු වල අමතර පිටපතක් (Backup Copy) ද රඳවා ගනී. මේ නිසා හාඩ් ඩිස්කයේ ඇති තොරතුරු වලට ඇති ආරක්ෂාව වැඩිය.

ඔබගේ පරිගණකය තුල ඇති හාඩ් ඩිස්කයේ පාටිෂන් 2ක් හෝ ඊට වැඩි ගණනක් ඇත්නම් මෙහෙයුම් පද්ධතිය පිහිටා ඇති පාටිෂන් එක NTFS ලෙසත් අනෙක් පාටිෂන් FAT32 ලෙසත් යොදාගැනීම වඩාත් උචිතය. එවිට වරින් වර ඔබ වෙනස් මෙහෙයුම් පද්ධති භාවිතා කලත් අනෙක් පාටිෂන් තුල ඇති ෆයිල් කිසිදු ගැටලුවකින් තොරව භාවිතා කල හැකිය.