අමුණ යනු කෙත්වලට හෝ වැවකට දිය හරවා යැවීම සඳහා ගලායන ජල මාර්ග හරස්කර බඳින උසින් අඩු වේලි වර්ගයකි. ජල මාර්ගයේ ජලය අධික අවස්ථාවලදී අමුණට උඩින් වතුර කලා යයි. විශේෂයෙන් වී ගොවිතැනේදී අමුණකින් ලැබෙන සේවය අතිමහත්ය. ජලාශයකදී මෙන් විශාල ජල සංචිතයක් රඳවාගැනීම අමුණකින් සිදු නොකෙරේ.