Aida Nikolaychuk | |
---|---|
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | Aida Yurijevna Nikolaychuk |
උපත | 3 මාර්තු 1982 Odessa, Ukrainian SSR, සෝවියට් සංගමය |
ප්‍රභේද | Pop, pop rock, electronic |
වෘත්තිය | Singer |
වාද්‍ය භාණ්ඩ | Vocals |
සක්‍රීය වර්ෂ | 2011–present |
වෙබ් අඩවිය | http://aidasinger.com/ |
අයිඩා යුරියෙව්නා නිකොලේචුක්, (යුක්රේනියන්: Аїда Юріївна Ніколайчук) යුක්රේනියානු ගායන ශිල්පිනියක සහ නිරූපිකාවක වෙයි. 2012 වසරේ පැවති යුක්රේනියානු X-Factor රූපවාහිනී තරඟාවලියේ තෙවන අදියරේ ජයග්‍රාහිකාව ඇයයි. තරඟාවලියේ දෙවන අදියරේ දී අයිඩා, පොලිනා ගගරිනාගේ ලුලබි (Колыбельная, Kalybelnaya) ගායනය කරමින් සිටියදී, හඬ පටයක් මගින් ඇගේ හඬ වැඩිදියුණු කරන ලදැයි සැකයට බඳුන් වීම නිසා විනිශ්චය මණ්ඩලය ඇගේ ගායනය අතරමග නැවත්වීම නිසා ඇය විශේෂ අවධානයකට ලක් වූවා ය. සංගීත වාදනය රහිතව ගීතය ගයන්නැයි විනිශ්චය මණ්ඩලය ඇයට අභියෝග කළේය. විස්මයජනක ලෙස නිකොලේචුක්, සහාය වාදනය නොමැතිවද පෙර පරිදිම ගායනය ඉදිරිපත් කළාය.
නිකොලේචුක් 1982 මාර්තු 3 දින සෝවියට් සංගමයේ ඔඩෙසා හි දී උපත ලැබුවාය. පළමු ශ්‍රේණියේ දී ම ඇය ගායනය ඇරඹුවාය.
2011 දී යුක්රේනියානු X-Factor රූපවාහිනී වැඩසටහනේ දෙවන අදියරයට නිකොලේචුක් සහභාගී වූයේ තම රැකියාවට පවා සමුදෙමින්ය.