අයිරිස් (紙本金地著色燕子花図, shihonkinjichakushokukakitsubata-zu) යනුවෙන් හැඳින්වෙන්නේ රින්පා ගුරුකුලයේ ජපන් ශිල්පියකු වන ඔගතා කෝරින් විසින් නිර්මාණය කරන ලද පනේල සයකින් යුත් නැමුම් තිරයකි (බ්යෝබු). මෙමගින් නිරූපණය වන්නේ ජලයේ දර්ශනයක් වන අතර ජපන් අයිරිස් (Iris laevigata) මල් එහි පාවී යයි. මෙම කෘතිය බොහෝවිට 1701–05 අතර කාලයේ නිර්මාණය වන්නට ඇත.[1][2] මෙය එදෝ යුගයේ ගෙන්රොකුබුන්කා නැමැති සුඛෝපභෝගී දර්ශන කාලසීමාවක නිර්මාණය වී ඇත.
මෙම තිර වර්ෂ 200කට අධික කාලයක් කියෝතෝවේ නිෂි හොන්ගන්ජි නම් බෞද්ධ විහාරයේ තැන්පත් කොට තිබිණි. වර්තමානයේ මේවා නේසු කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති අතර, එය ජපානයේ ජාතික වස්තුවක් ද වේ.
මෙයට වසර 5[3] සිට 12[4] දක්වා කාලයකට පමණ පසුව ඔගතා කෝරින් විසින් නිර්මාණය කළ අයිරිස් මල් නිරූපිත මෙයට සමාන තිර යුගළක් නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. සියවසකට පමණ පසු ප්‍රථම වරට මෙම අයිරිස් තිර හතරම එකට ප්‍රදර්ශනය කෙරුණේ[5] 2012දී නේසු කෞතුකාගාරයේ පැවති "කොරින්: නේසු කෞතුකාගාරයේ ජාතික වස්තුව අයිරිස් සහ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පාලම්-අට" නම් ප්‍රදර්ශනයේ දී ය.[6]
මෙම තිර ද්විත්වයම ඉසේහි කථා (伊勢物語, ඉසේමොනාගතරි) තුළ එන කථා පුවතකින් ආභාසය ලබා ඇත.[7] එපමණක් නොව මෙම තිරවල පිටපතක් වින්සන්ට් වැන් ගෝගේ අයිරිස් මල් ඇතුළු උපස්ථිතිවාදී සිතුවම් සඳහා ආබාසය සපයන්නට ඇතැයි විශ්වාස කෙරේ.
බෞද්ධ කලා ශිල්පීන් සඳහා පිදෙන තෙවන ඉහළම පදවි නාමය වූ හොක්ක්යෝ (法橋) (අර්ථය "ධර්මයේ පාලම") හිමිවීමෙන් පසුව ඔගතා කෝරින් (尾形光琳) විසින් නිර්මාණය කළ පළමු කෘති අතුරින් එකක් ලෙස මෙම තිරය සැලකේ. මෙමගින් උපස්ථිතිවාදීව නිරූපිත පිපුණු නිල් ජපන් අයිරිස් පොකුරක් සහ ඒවායේ කොළ පැහැ අතුරිකිලි දක්නට ලැබේ. මෙය පනේල ඔස්සේ රිද්මයානුකූල දර්ශනයක් මවා පායි. ඇතැම් මල් පොහොට්ටුවල ඇති සමානකම් මගින් ස්ටෙන්සිල් අච්චුවක් භාවිතා වූ බැව් පෙනී යයි. මෙම කෘතියේ තවරායා සෝතත්සුගේ ආභාසය දක්නට ලැබේ. මෙය නව ශිල්පී ගුරුකුලයක් වන රින්-පා (琳派) සම්ප්‍රදායේ දර්ශීය නිර්මාණයක් වන අතර, එම ගුරුකුලයට මෙම නම ලැබී ඇත්තේ "කෝරින්" යන්නෙහි අවසන් අක්ෂරයෙනි.
කෝරින් ඉතා සීමිත වර්ණ පදාසයක් අනුගමනය කොට ඇති අතර, එය මල්වල අල්ට්‍රාමැරීන් නිල, ඒවායේ පත්‍රවල වූ කොළ පැහැය සහ රන්වන් පසුබිම තුළින් දක්නට ලැබේ. කඩදාසිය මත තීන්ත සහ වර්ණවලින් නිමවූ මෙහි රන් පත්‍රවලින් තැනූ චතුරස්‍ර සිතුවම් කළ ප්‍රදේශ වටා යෙදීමෙන් මෙයට දිදුලක පසුබිමක් ලැබී ඇත. එය ජලයේ ස්වභාවය සිහිගන්වයි. තද නිල් වර්ණය නිර්මාණය කොට ඇත්තේ කුඩු කරන ලද ඇසූරයිට් (群青 (ගුන්ජෝ)) භාවිතයෙනි.
සෑම තිර සයේ පනේලයක්ම 150.9 by 338.8 සෙන්ටිමීටර (59.4 in × 133.4 in) යන මිනුම්වලින් යුක්ත ය. මෙම තිර බොහෝවිට නිජෝ පවුල සඳහා නිර්මාණය කොට ඇති බැව් පෙනෙන අතර, ඒවා කියෝතෝවේ නිෂි හොන්ගන්ජි බෞද්ධ විහාරස්ථානයට ප්‍රදානය කොට ඇත. 1913දී විහාරයෙන් මේවා අලෙවි කරන ලදී.
අවුරුදු 5[8] සිට 12[9] දක්වා කාලයකට පසු කෝරින් විසින් මෙයට සමාන තවත් පනේල සයකින් යුත් නිර්මාණයක් සිදුකොට ඇති අතර, එය යට්සුහෂිහි (පාලම් අටේ) අයිරිස් (八橋図屏風) ලෙස හැඳින්වේ. මෙම දෙවන තිර යුගල 1953දී නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 2013දී ඒවා අවසන් වරට ප්‍රදර්ශනය කෙරිණි.[10]
1710–16 අවට කාලයේ නිමවූ මෙම දෙවන අයිරිස් තිර යුගල ද නිර්මාණය කොට ඇත්තේ රන් පත්‍ර ඇලවූ කඩදාසිය මත තීන්ත සහ වර්ණ යොදාගනිමිනි. මේවා එක එකක් සෙන්ටිමීටර 163.7 × 352.4 (64.4 in × 138.7 in) යන මිනුම්වලින් යුක්ත වේ.[11]
මුල් අයිරිස් තිර යුගල මෙන් නොව, දෙවන අයිරිස් තිර යුගලේ කෝණික පාලමක නිරූපණයක් ද ඇතුළත් ය.[12]
මෙම තිර යුගල සඳහාම පෙළඹවීමක් ලැබී ඇත්තේ ඉසේහි කථා (伊勢物語, ඉසේමොනොගතරි) තුළ එන කථා පුවතකිනි. කථාවේ එන නමක් නොමැති ප්‍රධාන චරිතය (බොහෝවිට අරිවරා නෝ නරිහිරා) ගඟකට ඉහළින් වූ පුවරු අටකින් යුත් ග්‍රාම්‍ය පාලමක් අසල දී මල් දකියි. එය ප්‍රේමාන්විත පද්‍යයකට පෙරළී ඇත. මෙහි සෑම පේළියකම පළමු අක්ෂරය එක පෙළට ලියුවහොත් අයිරිස් සඳහා යෙදෙන ජපන් වදන ලැබේ. (ක-කි-ත්සු-හ-(බ)-තා). ජපන් අයිරිස් විශේෂය වන Iris laevigata (කකිත්සුබතා (カキツバタ)) වැවෙන්නේ වගුරු සහිත තෙත්බිම්වල ය.
මුල් පෙළ | උච්චාරණය | අර්ථය |
---|---|---|
からごろも |
කරගොරොමෝ |
මෙවර මෙම ගමනේ දී මා දිගු දුරක් පැමිණ ඇති අතර, කියෝතෝවේ මා හැර දමා ආ මගේ බිරිය ගැන සිතමි |
පැහැදිළිවම වින්සන්ට් වැන් ගෝගේ අයිරිස් මල් සිතුවම සඳහා මෙම සිතුවමේ ආභාසය බලපාන්නට ඇත: ඔහුට මෙහි සැබෑ සිතුවම දැකගත නොහැකි විය. තවමත් මෙහි මුල් පිටපත ජපානයේ ඇති අතර, කොරින් හ්‍යකුසු කොහෙන් එකතුවේ දැව කැටයමක් ලෙස එය ප්‍රතිනිර්මාණය වී ඇත.
{{cite journal}}
: Invalid |ref=harv
(help)