වාහන ගාලක් වෙත අව්වයි වැස්සයි.
අව්වයි වැස්සයි යනු හිරු බැබළෙමින් පවතින විට වැස්ස පතිතවීමේ කාලගුණ විද්‍යාත්මක සංසිද්ධියකි.[1] හිරු ප්‍රමාණවත් තරම් අඩු කෝණයකින් පැවතුනොත්, මෙම තත්ත්වයන් යටතේ බොහෝවිට දේදුන්නක් දෘශ්‍යමාන වෙයි. [1] එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල භාවිතා වුවද , "අව්වයි වැස්සයි" යන්නට ඉංග්‍රීසි පදය "Sunshower" යන්න ශබ්දකෝෂයන්හී හමුවන්නේ ඉතා කළාතුරකිනි.[2] අමතර වශයෙන්, මෙම සිද්ධිය සඳහා ලොව පුරා සංස්කෘතින් විසින් භාවිත කෙරෙන ජනශ්‍රැතිමය යෙදුම් ඉතා පුළුල් පරාසයක පවතින නමුත් අපූර්ව ලෙසින් ඒකාකාර බවක් දක්වයි.[3] පොදු තේමාවක් වන්නේ කපටි සතුන්, යක්ෂයා, විවාහ වීම යන දේ වුවද, මෙම තේමා කොටස් වල විවිධ ප්‍රභේදන දක්නට ඇත.[2][3]
ටෙක්සාස්හී, ඔස්ටින්හී, වොලර් ආර වෙත අවව්යි වැස්සයි.
- හින්දි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ මගුල " ලෙසිනි.[2]
- කොන්කනි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ "වඳුරෙකුගේ මගුලක්" යනුවෙනි.
- සිංහලයෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි (අව්වයි වැස්සයි, නරියගෙ මගුලයි.).
- බෙංගාලියෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි .
- බ්‍රසීලයේ ජනතාව පවසන්නේ, "වැස්ස සහ අව්ව (ෂූවා එ සොල්), ගොළුබෙල්ලාගේ (කැරකොල්) මගුල ", "අව්ව සහ වැස්ස (සොල් එ ෂූවා), වැන්දඹුවගේ (ව්‍යුවා) මගුල", හෝ "කසමෙන්ටෝ ද රපෝසා" (නරියාගේ මගුල) ලෙසිනි.
- කොරියාවේ, පිරිමි කොටියෙක් නරියෙකු හා විවාහ වෙයි.
- ජපානයේ එය හැඳින්වෙන්නේ, "කිට්සුනේ නො යොමේරි", හෝ " කිට්සුනේගේ මගුල" ලෙසින් වන අතර, එයින් අදහස් වන්නේ නරියාගේ මගුල පැවතෙන බවයි.
ලිතුවේනියානු සහ එස්ටෝනියානු (vaeslapse pisarad) භාෂාවලින්, මෙම සිද්ධිය විස්තර කෙරෙන්නේ "අනාථයන්ගේ කඳුලු" ලෙසින් වන අතර, මෙම කඳුලු පිස දමන ආච්චි වන්නේ හිරුය.
- ^ a b සිමන්ඩ්ස්, ස්ටීව්, වෙදර් ටර්ම්ස්- වයිල්ඩ් වෙදර්, 2004, ABC North Coast, සම්ප්‍රවේශය නොවැම්බර් 2006.
- ^ a b c ක්විනියන්, මයිකල්, මන්කීස් වෙඩිං, 2001, වර්ල්ඩ් වයිඩ් වර්ඩ්ස්, සම්ප්‍රවේශය නොවැම්බර් 2006
- ^ a b වොක්ස්, බර්ට්, සන්ෂවර් සමරි, 1998,linguistlist.org, සම්ප්‍රවේශය නොවැම්බර් 2006