මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
ආනන්ද විද්‍යාලය | |
---|---|
ස්ථානය | |
ඛණ්ඩාංක | 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°Eඛණ්ඩාංක: 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E |
තොරතුරු | |
වර්ගය | රජයට පවරාදුන් පාසලකි |
ආදර්ශ පාඨය | අප්පමාදෝ අමතපදං (ධම්මපදයයෙහි අප්පමාද වග්ගයේ ඇතුලත් බෞද්ධ ධර්ම පාඨයකි.) අර්ථය: "අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා, වැඩීම නිවනට හේතුවේ." |
ආරම්භ කලේ | 1886 නොවැම්බර් 01 |
විදුහල්පති | ලාල් දිසානායක |
වර්ණ(ය) | ලෝහිත සහ රන් |
අනුබැඳිය | බෞද්ධ |
වෙබ් අඩවිය | ආනන්ද විද්‍යාලය |
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය විසින් 1886 වර්ෂයේ නොවැම්බර් මස පළමුවෙනි දින කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කරන ලදි. එය ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් වන අතර විශිෂ්ඨම පාසල් අතරින් එකකි. ආනන්ද විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්වීතීක යන අංශ දෙකෙන්ම අධ්‍යාපන කටයුතු පැවැත්වේ.
ආනන්ද විද්‍යාලය ආරම්භ කරන ලද්දේ බෞදධ පරමවිඥානාර්ථ සංගමය විසිනි. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ ඉංග්‍රීසි බෞද්ධ පාසල ලෙසිනි. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබීමට මිෂනාරි පාසල්වලට යාමට සිදුවන බෞද්ධ සිසුනට, බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි බසින් ශිල්ප හැදෑරීමට අවකාශ සැලසීම යි. මන්දයත් එකල බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ මිෂනාරි ඉංග්‍රීසි පාසල් වලිනි.
1886 වසරේ නොවැම්බර් මස පළමුදින ළමුන් 37 දෙනෙකුගෙන් යුතුව නො 61, මැලිබන් වීදිය, පිටකොටුව යන ස්ථානයේදී පාසල ප්‍රථමයෙන් ආරම්භ කරන ලදි. පළමු විදුහල්පතිතුමන් වූයේ සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් මැතිඳුන්ය. 1889 වසරේදී පාසල නො 19, ප්‍රින්ස් වීදිය යන ස්ථානයට ගෙන යන ලද නමුත් 1895 වර්ෂයේදී, ඒ. ඊ. බුල්ජන්ස් මැතිඳුන් විදුහල්පතිව සිටි සමයේදී මරදානේ දැනට පිහිටි ස්ථානයට ගෙනයන ලද අතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික මහරහත් ආනන්ද හිමිගේ නමින් පාසල ආනන්ද විද්‍යාලය ලෙස නම් කරන ලදි.
ආනන්ද ඉතිහාසයේ විශේෂ අවස්ථා ලෙස, ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මාන ලාභියා වන රබින්ද්‍රනාත් තාගෝර්තුමා 1922 වසරේ නොවැම්බර් දහවන (10) දින පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට ආරාධිත අමුත්තා ලෙසින් සහභාගීවීම සහ 1927 වසරේ මහත්මා ගාන්ධිතුමන්ගේ පැමිණීම දැක්විය හැක.
අක්කර 20ක භූමි භාගයක් පුරා පැතිර ඇති පාසලේ 13 වසර දක්වා පංති පැවැත්වෙන අතර සිසුන් 8000කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි. සිප් සතර ලබා දීම සඳහා ලාල් දිසානායක විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වය යටතේ 400ක පමණ අදුරු මඩුල්ලක් සිටිති.2020 වසරේදී සත්මහල නම් ගොඩනැගිල්ලක් ඉදිකර විවෘත කරන ලදී.ද්විතීයික අංශය හා ප්‍රාථමික අංශය වෙන් කර ඇති අතර එයිනුත් 6-9 ශ්‍රේණි සත්මහලේ ඉගෙනුම ලබති.
පාසලේ ශිෂ්‍යයන් නිවාස 4කට බෙදා ඇත:
පාට - රතු
පාට - තද කොල
පාට - තද දම්
පාට - නාවික නිල්
පුරාණ සිංහලේ රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කර ඇත. නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය සෑම වසරකම මුල් වාරයේදි පැවැත්වේ.
සුලෝහිත සංග්‍රාමය යනු ආනන්ද විදුහල හා නාලන්දා විද්‍යාලය කොළඹ අතර 1925 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වෙනු ලබන මහා ක්‍රිකට් සංග්‍රාමයයි.
මේ දක්වා ආනන්ද විද්‍යාලය බිහිකල ක්‍රිකට් විරුවන් ගණන අති මහත්ය:
සිදත් වෙත්තමුණි, අජිත් ද සිල්වා, සුනිල් වෙත්තමුණි, මිත්‍ර වෙත්තමුණි, බ්‍රෙන්ඩන් කුරුප්පු, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, දුලිප් සමරවීර, සංජීව රණතුංග, ධම්මික රණතුංග, හේමන්ත වික්‍රමරත්න, තිලාන් සමරවීර, සචිත්‍ර සේනානායක, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, මහේල උඩවත්ත, චන්දික හතුරුසිංහ, අවිශ්ක ගුණවර්ධන, භාතිය පෙරේරා, ප්‍රසන්න අමරසිංහ, අකලංක ගනේගම, ඕෂධී වීරසිංහ, දිනේශ් චන්දිමාල්
|
|
|
දින දින කිතු ගොස බෝවී - වැජඹෙනු අනඳ ප මාතා //
සුදිලී - ජයවී - ලොවෙහී
සාදා දීලා සිප්සත හා - කලා ද විනේ ද පහදා //
එඩිතර සිංහල දරු කැල සදාල
දින දින කිතු ගොස බෝවී - වැජඹෙනු අනඳ ප මාතා //
ලකෙහී බෝ ආනන්දේ පතුරා
අනඳ තෙරුන් සේ ලෝ වැඩ සලසා //
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමූ තිලෝන දෙසුසේ
දින දින කිතු ගොස බෝවී - වැජඹෙනු අනඳ ප මාතා //
ගීතයට සවන් දෙන්න:[permanent dead link]
ආනන්ද විද්‍යාලයෙන් දැයට දායාද කළ විශිෂ්ඨ චරිත බොහෝ ය. මහාචාර්ය විද්‍යාජෝති වී. කේ. සමරනායක, මහාචාර්ය ඩබ්ලිවු. එස්. කරුණාරත්න, ඩී. ජේ. විමලසුරේන්ද්‍ර, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, කථානායක කරූ ජයසූරිය, ක්‍රිකට් ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, මාවන් අතපත්තු ඒ අතරින් කීපදෙනෙකි.
එමෙන්ම යුධ ජයග්‍රහණය කිරීම පිණිස දායක වූ එය මෙහෙය වූ ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා , ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලුව පොලිස්පති හා සිවිල් බලකායේ සභාපති ද යුධ සේනාංක මෙහෙයවූ සේනාංකාධිපතිවරුන් බොහෝ දෙනෙක්ද ආදි ආනන්දියෝ වූහ.