ආයුබ් ඛාන් | |
---|---|
![]() ආයුබ් ඛාන් 2012 කල්ර්ස් ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී | |
උපත | 23 පෙබරවාරි 1969 |
සක්‍රීය වසර | 1992–වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | උත්තරන්හි ජෝගි ඨාකූර් |
කලත්‍රයා(යන්) | නිහාරිකා ඛාන් |
දරුවන් | තහූරා/ සෝහ්රා |
දෙමව්පියන්(s) | නසීර් ඛාන් බෙගම් පාරා |
ඥාතීන් | දිලීප් කුමාර් (මාමා) සයිරා බානු (නැන්දණිය) |
ආයුබ් ඛාන් (උපත 1969 පෙබරවාරි 23) යනු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රකට වූයේ උත්තරන් (2008–2015) රූපවාහිනී කතාමාලාව හේතුවෙනි. ඔහු නළු නසීර් ඛාන් සහ බෙගම් පාරාගේ පුත්‍රයා වේ.[1] ඔහුගේ පියා නළු දිලීප් කුමාර්ගේ සොහොයුරා විය. ඔහුගේ මව අම්රිතා සිංගේ මෑණියන් වූ රුක්ෂානා සුල්තානාගේ මාතෘ පාර්ශ්වීය නැන්දණිය ද වේ.
1992 සිට ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවකට සහ රූපවාහිනී කතාමාලා ගණනාවකට සිය දායකත්වය ලබා දී ඇත.
හින්ද්කෝ කථා කරන අවාන් ගෝත්‍රයක උපන් මොහු, 1950 දශකයේ හිටපු නිළි බෙගම් පාරා සහ නළු නසීර් ඛාන්ගේ පුත්‍රයායි. ඔහුගේ මවගේ සොයුරිය වූ සරීනා යනු නිළි අම්රිතා සිංගේ මෑණියන් වන රුක්ෂානා සුල්තානාගේ මවයි.[2]
ආයුබ් රොක් ඔන්!! (2008) සහ ද ඩර්ටි පික්චර් (2011) වැනි චිත්‍රපට නිසා ප්‍රකට වූ නිහාරිකා භාසින් සමග විවාහ විය. ඔවුන් මුණගැසී තිබුණේ කොලිජීයේදී ය. නිහාරිකා සිය අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය කරා යාමත් සමග ඔවුහු වෙනත් පුද්ගලයන් සමග විවාහ වූහ. වසර 11කට පසු දික්කසාද වූ ඔවුහු එකිනෙකා සමග විවාහ වූහ.[3][4]
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | වැඩසටහන |
---|---|---|---|
2010 | සී ස්වර්ණ සම්මාන | හොඳම සහාය නළුවා විචාරක | උත්තරන් |
අප්සරා සම්මාන | මාලා නාට්‍යයක හොඳම නළුවා | ||
ඉන්දියානු ටෙල්ලි සම්මාන | හොඳම සහාය නළුවා ජනප්‍රිය | ||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම සහාය නළුවා | ||
2011 | අප්සරා සම්මාන | හොඳම රංගන වෘන්දය | |
සී ස්වර්ණ සම්මාන | හොඳම සහාය නළුවා ජනප්‍රිය |