ආර්නෝල්ඩ් එෆ්රේම් රොස් | |
---|---|
![]() ආර්නෝල්ඩ් රොස්, 1970 | |
උපත | 24 අගෝස්තු 1906 |
මියගිය දිනය | 25 September 2002 | (වයස 96)
පුරවැසිබව | ඇමෙරිකා එක්සත් ජනපදය |
උගත් ශාස්ත්‍රාලය | චිකාගෝ විශ්වවිද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | ගණිත අධ්‍යාපනය (රොස් ගණිත වැඩසටහන) |
කලත්‍රයා(යන්) | බර්තා(‘බී’) හැලේ හොරෙකර් මැඩිලෙන් ග්‍රීන් |
Scientific career | |
ක්ෂේත්රය | අංක සිද්ධාන්තය |
ආයතන | කැලිෆෝනියා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි, ශා.ලුවිස් විශ්වවිද්‍යාලය, නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලය, ඔහියෝ ස්ටේට් යුනිවර්සිටි |
Thesis | "On Representation of Integers by Indefinite Ternary Quadratic Forms of Quadratfrei Determinant" (1931) |
ආචාර්ය උපදේශක | ලියොනාර්ඩ් ඉයුජින් ඩික්සන්ස්ගේ |
Other academic advisors | සැමුවෙල් ෂැටුනොව්ස්කිගේ, ඊ.එච්. මුවර් |
ආර්නෝල්ඩ් එෆ්රේම් රොස් (21 අගෝස්තු, 1906 – 25 සැප්තැම්බර්, 2002) වෘත්තියෙන් ගණිතඥයෙක් සහ අධ්‍යපකයෙක් වන අතර රොස් ගණිත වැඩසටහනේ නිර්මාපකයාද වේ.මෙය ගිෆ්ටඩ් උසස් අධ්‍යාපන ආයතනයේ ග්‍රීෂ්ම ඍතු වැඩසටහන වෙනුවෙන් සැකසුනු අංක ගණිතය මත පදනම් වූ වැඩසටහනකි.ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ උපත ලැබුවත් ඔහුගේ තරුණ අවධිය ගෙවෙනුයේ යුක්රේනයේඔඩෙස්සා හිදීය.ඔහු, සැමුවෙල් ෂැටුනොව්ස්කි සමඟ අධ්‍යාපනය ලද්දේය.විධිමත් අධ්‍යාපනික පුහුණුවක් ලබා නොසිටියද ඔහු චිකාගෝවට පැමිණ චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ඊ.එච්. මුවර් යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේය.එහිදී ඔහු ආචාර්ය උපාධියක් ලබාගැනීමට සමත් වූ අතර 1931දී ‘බී’ සමඟ විවාහපත් විය.
රොස් ශා.ලුවිස් විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන රැසකම කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර පසුව 1946දී නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මුලසුනට පත්විය.රොස් ගණිතය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කල අතර පසුව 1957දී උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යන්ගේ දායකත්වයද ඇතිව ‘රොස් ගණිත වැඩසටහන’ නිර්මාණය කළේය.1963දී ඔහු ඔහියෝ ස්ටේට් යුනිවර්සිටි නම් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානියා වීමත් සමඟ ඔහුගේ එම වැඩසටහනද විශ්වවිද්‍යාලයට සංක්‍රමණය විය.1976දී ඔහුව බලහත්කාරයෙන් විශ්‍රාම යැව්වද ඔහුගේ ග්‍රීෂ්ම ඍතු වැඩසටහන වසර 2000 දක්වා ක්‍රියාත්මක විය.ශිෂ්‍යයන් 2000 කට වඩා ඔහුගෙන් ඉගෙනගෙන තිබුණු අතර ග්‍රීෂ්ම ඍතු 40කට වැඩ ඔහු සේවය කර තිබුණි.
රෝස්ගේ දායකත්වය සැපයුණු සුවිශේෂීම කර්තව්‍යය ලෙස මෙම වැඩසටහන සැලකිය හැක.එම වැඩසටහනට සහභාගීවුවන් විවිධ විද්‍යා ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ පර්යේෂණධුර හොබවයි.ඔහුගේ මෙම වැඩසටහන ආදර්ශයට ගනිමින් වෙනත් වැඩසටහන් නිර්මාණය වූ අතර අතිශය වැදගත් නිර්මාණයක් ලෙස අනෙකුත් ගණිතඥයන්ගේ පැසසුමට භාජනය විය.මේ වෙනුවන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් හිමිවුණු අතර විවිධ අධිවෘත්තික සංගමයන් මගින් ඔහුගේ උපදේශනයන් හා සේවය අගයමින් තිලින පවා ප්‍රදානය කරන ලදී.
1906 අගෝස්තු 24 වන දින යුක්රේන-යුදෙව් සංක්‍රමණික[1] යුවලකට දාව පවුලේ එකම දරුවා[2] ලෙස, ආර්නෝල්ඩ් එෆ්රේම් චයිමොවිච්[2] නමින් රොස් ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේදී උපත ලැබිය.ඔහුගේ මව භෞත චිකිත්සකවරයෙක්[2] වශයෙන් සේවය කල අතර ඇයගේ නෑදෑයන්ගේ (විතත පවුලේ)[2] අනුග්‍රහයෙන් රොස් 1909දී යුක්රේනයේඔඩෙස්සා ප්‍රදේශයට සංක්‍රමණය විය.පළමු ලෝක යුද්ධය සහ රුසියානු විප්ලව අවධියේදී රොස් යුක්රේනය තුල රැඳී සිට ඇත.[1] මේ සිදුවීම් දෙක හේතුවෙන් එම කලාපය තුල දුර්භික්ෂයක් සහ මහත් ආර්ථික පරිහානියක් සිදුවිය.[2] මවගේ නියෝගය මත රොස් රුසියානු භාෂාව ඉගෙනගත් අතර මේ හේතුවෙන් ඔහුට රුසියානු භාෂාව සහ වේදිකා රංගනය පිලිබඳ ඇල්මක් ඇතිවිය.[2] රොස්ගේ මව ඔහුට ලිවිම,කියවීම සඳහා උනන්දු කරවූ අතර ඔඩෙස්සා ප්‍රදේශයේ මහජන පුස්තකාලයක් නොතිබුණු බැවින් ඔහුව පුද්ගලික පුස්තකාලයකට ඇතුලත් කෙරිණි.[2] රොස්ට ගණිත විෂයට පළමුවෙන්ම ඇල්මක් ඇතිකරන ලද්දේ, X-කිරණ සංජනනාත්මක විශේෂඥයෙකු වූ ඔහුගේ මාමා විසිනි.[2] රොස්ගේ මාමා ඔහුගේ පුතාට ගණිතය ඉගැන්වීම සඳහා ගණිතඥයෙකු වූ සැමුවෙල් ෂැටුනොව්ස්කිගේ සේවය ලබාගෙන තිබුණු අතර මෙම පන්තියට සහභාගී වීමට රෝස්ටද අවස්ථාව සැලසී ඇත.[2] උද්ධමනය හේතුවෙන් මුදල්වල වටිනාකමක් නොමැතිවූ බැවින් ළමුන් දෙදෙනාට ඉගැන්වීම වෙනුවෙන් ෆ්‍රෙන්ච් හාර්ඩ් කැන්ඩි නම් ආහාරය රාත්තල බැගින් ලබාදී ඇත.[2] මේ කාලයේදී ඡ්‍යාමිතික සාධනය පිළිබඳව උගන්වා නැති[2] අතර ගණිතය ඉගැන්වීමට පෙළපොත් භාවිත කර ඇත.පාසලේ ඡ්‍යාමිතික ඉගැන්වූ ගුරුවරයා විසින් පන්තියේ ළමුන්ට කලුලැල්ල භාවිතාකර එම සාධනයන් ඔප්පු කිරීමට සලස්වා ඇති අතර එහිදී තත් වරද ක්‍රමය භාවිතා කර ඇත.[2] දුර්භික්ෂය හේතුවෙන් බොහෝ විශ්වවිද්‍යාල වසා තිබුනද ඔඩෙස්සා විශ්වවිද්‍යාලය නැවත විවෘතකර ඇති අතර රොස් ඇතුළු තවත් තරුණයන් කිහිපදෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුලත් වී ඇත.[2]
රොස් 1922 දී නැවත චිකාගෝ විශ්වවිද්‍යාලයට[2] ගොස් ඊ.එච්. මුවර් යටතේ ස්ථල විද්‍යාව හැදෑරීමේ අදහසින් ඔඩෙස්සාව—දැන් සෝවියට් ජනරජයේ කොටසකි—හැරයයි.ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගියපසු ඔහුගේ පවුලේ මිත්‍රයෙකුගේ පොත් බැඳීමේ වෙළඳසලක සේවය කල අතර ඊට සමගාමිව ලුවිස් අධ්‍යාපන ආයතනයට[2] ඇතුලත්ව ඉංග්‍රීසි භාෂාව හදාරන ලදී.මිට අමතරව ඔහු 1922දී චයිමොවිච් යන පෙළපත් නාමය රොස් ලෙස වෙනස් කරගන්නා ලදී.[3] වසරක් පුරා වෙළඳසැලේ රැකියාව කිරීමෙන් ලද වේතනය එකතුකර ඔහු චිකාගෝ විශ්වවිද්‍යාලයේ මුවර් මහතාගේ පාඨමාලා වාරයකට ලියාපදිංචි වී ඇත.[2] මුවර්, රොස්ගේ අසම්ප්‍රදායික පසුබිම දැනගෙන සිටීම නිසා ඔහු කෙරෙහි විශේෂ අවධානයක් දැක්වූ අතර ස්ථල විද්‍යාව පන්තියට තනිවම සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලදී.[2]
මුවර් ඔහුගේ පන්තියේදී විවිධ තර්ක සහ කාර්යයන් ඔහුගේ ශිෂ්‍යයන්ට පවරා ඔවුන්ට ඒවා ඔප්පුකිරීමට[2] සලස්වන අතර විතර්ක ඉදිරිපත් කිරීමටත් අවකාශ ලබාදී ඇත.[2] මුවර්ගේ ඉගැන්වීමේ විලාශය, රොස්ගේ ආකර්ෂණයට ලක්වූ අතර ඔහුගේ ශික්ෂණ ශාස්ත්‍රය රොස්ගේ පැහැදීමට ලක්විය.[1] රොස් විද්‍යාවේදී උපධියක්[4] ලබාගත් අතර ලියොනාර්ඩ් ඉයුජින් ඩික්සන්ස්ගේ පර්යේෂණ සහකරුවෙකු[1] වශයෙන් කටයුතු කරමින් තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන ගියේය.පසුව ඔහු පශ්චාත් උපාධියක් ලබාගත් අතර[4] 1931 වනවිට ඔහු චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් අංක ගණිතය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් අතර ඩික්සන්[1] ඔහුගේ උපදේශක ලෙස කටයුතු කර ඇත.'පූර්ණ සංඛ්‍යා තෘතීක වර්ගජ ආකාරයෙන් නිරූපණය කිරීම' ("On Representation of Integers by Indefinite Ternary Quadratic Forms")[2] රොස්ගේ ආචාර්ය උපාධිය සඳහා නිමවුණු නිබන්ධනයයි.ඩික්සන් නිසා තමන්ට පළමු වාරයෙන් පසු විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීමට සිදු නොවුණු බව රොස් ස්තුති පුර්වකව සඳහන් කර ඇත.[2]
රොස් ජීවත් වූ චිකාගෝ නිවසේ අසල්වැසියෙකුගේ දියණියක් මෙන්ම ගායකයෙක් හා සංගීතඥයෙක් වූ බර්තා(‘බී’) හැලේ හොරෙකර් සමඟ 1931දී විවාහ විය.[2] 1932දී ජාතික පර්යේෂණ කවුන්සිලයේ සාමාජිකත්වය[5] හිමිවුණු අතර 1933 වනතුරු එරික් ටෙම්පල් බෙල් සමඟ ජාතික පර්යේෂණ කවුන්සිලයේ පශ්චාත් අධිශිෂ්‍යයෙකු ලෙස 'කැලිෆෝනියා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි' (California Institute of Technology) ආයතනයේ සේවය කළේය.[1] රොස් නැවත චිකාගෝවට සංක්‍රමණය වූ අතර මහා ආර්ථික පරිහානියක් තිබු සමයේ ‘පීපල්ස් ජුනියර් කොලේජ්’ (People's Junior College)[4] නැමති පාසලේ ගණිත දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් මෙන්ම භෞතික විද්‍යා ගුරුවරයා ලෙසද කටයුතු කළේය. 1935දී රොස්ට ශා.ලුවිස් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය පදවියක් ලැබුණු අතර ඔහු ඉන්පසු එහි වසර 11 ක් සේවය කරන ලදී.[1] ගණිතය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබාගත් පළමු කළු ජාතික දකුණු ඇමෙරිකානු(Southern United States|the South) කාන්තාවට එම උපාධිය ලබාගැනීමට සහය වූ බව රොස් එක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.[2] කළු ජාතික පුද්ගලයන් විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් කරගැනීම සමාජ සම්මුතියට පටහැනි වුවද මෙම සිදුවීම නිසා විශ්වවිද්‍යාලයට කළු ජාතික ශිෂ්‍යයන් අකමැත්තෙන් වුවත් ඇතුලත් කරගැනීමට සිදුවිය.[2] දෙවන ලෝක යුධ සමයේදී පර්යේෂණ ගණිතඥයෙකු වශයෙන් රොස් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට (U.S. Navy) තම සේවය ලබාදුන්නේය.[1]ශා.ලුවිස් හිදී රොස්ට හංගේරියානු ගණිතඥයෙකු වූ ගැබෝර් ශේග් හමුවන අතර 1941දී ලෝක යුද්ධයට සහය දීම සඳහා තරුණ විද්‍යඥයන් පුහුණු කිරීමට බ්‍රවුන් විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කල වැඩසටහන සඳහා රොස් සුදුසු යැයි නිර්දේශ කරන්නේද මේ පුද්ගලයා විසිනි.[2] 1946දී නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානියා බවට පත්වීමට[1] ප්‍රථම 1941 සිට 1945 දක්වා කාලය තුල අතරින් පතර ස්ටෝම්බර්ග්-කාල්සන් රසායනාගාරයේ ‘ප්රෝක්සිමිටි ෆියුසස්’ (proximity fuzes) පර්යේෂණ සඳහාද සහභාගී විය.[2] එම කාලය තුල ඔහු කීර්තිමත් ගණිතඥයන් කිහිපදෙනෙකුම විශ්වවිද්‍යාලයට ගෙන්වාගත් අතර පෝල් අර්ඩෝස් යනු එවන් පුද්ගලයෙකි.[2] මෙහි මුලික අරමුණ වුයේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා ශිෂ්‍යයන් තුල වූ ඇල්මැරුණු ස්වභාවය නැතිකරවීමයි.
1947දී නොට්‍රඩෑම්හිදී ‘රොස් ගණිත වැඩසටහන’ ආරම්භ වූ අතර එමගින් උසස් හා කණිෂ්ඨ පාසල්වල ගණිත ගුරුවරුන්[2] පුහුණු කරවන ලදී.මෙම වැඩසටනනේ මුලික තේමාව වුයේ 'නිරීක්ෂණය හා පර්යේෂණ මගින් ස්වයං ගවේෂණය' ("the act of personal discovery through observation and experimentation") යන්නයි.පසුව ජාතික විද්‍යා පදනමේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත වූ අතර උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන්ටත් මීට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලදී.[2] 'රොස් ගණිත වැඩසටහන' (Ross Mathematics Program)[2] යන නාමය යොදාගන්නා ලද්දේ මේ සිදුවීමෙන් පසුවයි.මෙම වැඩසටහන සති 8ක් පුරා දිවෙන අතර 'ගෞසියන් ඉන්ටිජර්ස්' (Gaussian integers) සහ 'කෝඩ්ටික් රෙසිප්‍රෝසිටි' (quadratic reciprocity)[1] යන විෂය පරාසයන් පිලිබඳ අවබෝධයක් නැති ශිෂ්‍යයන් මේ සඳහා සහභාගී කරගැනින.මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ ශිෂ්‍යයන්ට බුද්ධිමය[6] අත්දැකීමක් ලබාදීමයි.[2][7] 'වොට් හයි ස්කූල්ස් ඩෝන්ට් ටෙල් යු' (What High Schools Don't Tell You)[8] ග්‍රන්ථයට අනුව මෙම වැඩසටහන ඇමෙරිකා එකසත් ජනපදයේ අංක ගණිතය පිලිබඳව තිබුණු දරුණුම වැඩසටහනයි.රොස් පැවසු ආකාරයට අවසානයේ මේ වැඩසටහන හැරයන කිසිවෙකු තම දැනුම වර්ධනය කර නොගෙන යන්නේ නැත.(No one leaves the program unchanged.)[9]
This emphasis on computation alone too often produces students who have never practiced thinking for themselves, who have never asked why things work the way they do, who are not prepared to lead the way to future scientific innovation. It is precisely this independence of thought and questioning attitude that the Ross Program strives to nurture.
මෙම වැඩසටහනට පළමු වසර සිසුන් 40ත් 50ත් අතර ප්‍රමාණයක්ද ජේෂ්ඨ ශිෂ්‍යයන් 15ක් ද උපදේශකවරු 15 දෙනෙක්ද සහභාගී වේ.[1] ශිෂ්‍යයන් මෙම වැඩසටහනට තෝරාගන්නා ආකාර දෙකක් ඇති අතර ඉන් එක් ආකාරයක් වන්නේ ගණිත ගැටළු කිහිපයක් විසඳීමට ලබාදීමයි.ශිෂ්‍යයන් විසින් තමන් අලුත් යමක් ඉගෙන ගැනීමට බලවත් ආශාවකින් පෙලන බවට එත්තු ගැන්වීම අනෙක් ආකාරයයි.[1] පළමු වසර සිසුන් දිනපතා ‘මුලික අංක ගණිතය’ පිලිබඳ දේශනා වලට සහභාගී වියයුතු අතර ගණිත ගැටළු සම්මන්ත්‍රණ සඳහා සතියකට තෙවරක් සහභාගී වියයුතුය.[1] මෙහිදී ලබාදෙන ගැටළු සඳහා තමන්ගේම සාධනයන් සහ තර්කයන් ඉදිරිපත් කිරීමට පළමු වසර සිසුන් පොළඹවන[1] අතර මෙමගින් ඔවුන්ට විද්‍යාඥයින් අයුරින් සිතීමට සලස්වයි.[8] රොස් දිනපතාම මෙම වැඩසටහන සඳහා ගැටළු[9] නිර්මාණය කරන අතර 'සාධනය හෝ විසාධනය කර මෙම වැඩසටනනේ දිගටම රැදී සිටීමට උත්සහ කරන්න' ("Prove or disprove and salvage if possible.") ලෙසට ශිෂ්‍යයන්ට අභියෝග කරයි.[2] මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ශිෂ්‍යයන්ට ඉදිරි ග්‍රීෂ්ම ඍතු පාඨමාලාවන් සඳහා ශිෂ්‍යයන් හෝ උපදේශකයන් ලෙස සහභාගී වීමට අවකාශය ලැබුණි.[1] එසේ පැමිණෙන ශිෂ්‍යයන්ට දිනපතා දේශනවලට සහභාගී වන ප්‍රථම වසර ශිෂ්‍යයන්ට ගණිත ගැටළු විසදීමට සහය ලබාදීමට භාර කරන ලදී.[1] ඊට අමතරව ඔවුන්ට 'කොම්බිනටෝරික්ස්'(combinatorics) [1] වැනි උසස් පාඨමාලාවන් හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලදී.[9] දිනපතා ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් ඇගයීම සඳහා උපදේශකවරු සජීවීව සම්බන්ධව සිටියහ.[1]
1960 දශකයේදී ජාතික විද්‍යා පදනම (National Science Foundation) මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වූ නමුත් නැවත පැමිණෙන ශිෂ්‍යයන්ට එමගින් අනුග්‍රහයක් නොදැක්විණි.[1] ජාතික විද්‍යා පදනමේ අනුග්‍රහය උච්චාවචනයන්ට ලක්වුවත් දානපතියන්ගෙන්,ව්‍යාපාරවලින්,ජාතික ආරක්ෂක ඒජන්සිය (National Security Agency) හා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු අනුග්‍රහයන් නිසා වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක විය.[1] තවද 'ක්ලේ ගණිත ආයතනය' (Clay Mathematics Institute) [2][8] මගින්ද ‘රොස් ගණිත වැඩසටහනට’ මුල්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.
රාම් ප්‍රකාශ් බම්බා (Ram Prakash Bambah),හාන්ස් සැසේනස් (Hans Zassenhaus),තෝරැල්ෆ් කෝලම් (Thoralf Skolem) සහ මැක්ස් ඩෙන් (Max Dehn) [1] යන කීර්තිමත් ගණිතඥයන්ගේ දායකත්වය නිසා මෙම වැඩසටහන සීග්‍ර වර්ධනයක් අත්කර ගත්තේය.රොස් එදිනෙදා ඉගැන්වීම සඳහා සැසේනස්,කර්ට් මලර් (Kurt Mahler),ඩයිජන් රේ-චෞද්රි (Dijen K. Ray-Chaudhuri) යන ගණිතඥයන් ගෙන්වා ගන්නා ලදි.[2] 1963 දී රොස් ඔහායෝ ස්ටේටේ යුනිවර්සිටි විශ්වවිද්‍යාලයේ ගණිත අංශ ප්‍රධානියා බවට පත්වූ අතර 1964 ග්‍රීෂ්ම ඍතුවේ සිට මෙම වැඩසටහනද එම විශ්වවිද්‍යාලයට මාරු විය.[1] 1975 සිට 1978 දක්වා කාලය තුල ගණිත වැඩසටහන තාවකාලිකව චිකාගෝ විශ්වවිද්‍යාලයට මාරු වූ අතර එයට හේතු වුයේ ෆිලික්ස් බ්‍රෝඩර් (Felix Browder) නමැති ගණිතඥයාගේ ආරාධනාවයි.[1] මෙම වැඩසටහන කටවහරයෙන් සහ පුද්ගලික දැනහැදුනුම්කම මත ප්‍රචාරය වුවා මිස ඊට විශේෂ ප්‍රචාරණයක් ලබා නොදුනි.[1][2][8] මෙම වැඩසටහන සමකාලින ගණිතඥයන්ගේ නොමඳ පැසසුමට[8] ලක්වූ අතර වර්ෂ 2014 දීත් මෙය සංවිධානය වෙමින් පවතියි.
1976දී රොස් ‘ඔහායෝ ස්ටේටේ යුනිවර්සිටි’ විශ්වවිද්‍යාලයේ අනිවාර්ය විශ්‍රාම ගැනීමට[1] සිදුවූ අතර ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යවරයෙක් (Professor Emeritus) බවට පත්විය.[4] ඔහු විශ්‍රාම ගියද වර්ෂ 2000 වනතුරු ‘රොස් ගණිත වැඩසටහනට’ දායකත්වය ලබාදුනි.[9] එහෙත් හදිසි හෘදයාබාදයක් ඇතිවීම නිසා ඔහු ආබාධිත තත්වයට පත්වූ අතර ඉන්පසු ඉගැන්වීමෙන් සමුගැනීමට සිදුවිය.[2] රොස්ගේ නිකමයමෙන් පසු ඩැනියෙල් ශැපිරෝ (Daniel Shapiro) වැඩසටහන මෙහෙයවන ලදී.[2][10] ශැපිරෝ හිටපු උපදේශකවරයෙකි.[3]
ඔහුගේ අග්‍රගණ්‍ය සේවාව වෙනුවෙන් 1984 දී ඩෙනිසන් විශ්වවිද්‍යාලයෙන් (Denison University) ගෞරව ආචාර්ය උපාධියක්ද[4] 1985දී ඇමෙරිකානු ගණිත සම්මේලනය (Mathematics Association of America | MAA) මගින් සම්මානයක්[1] ප්‍රධානය කෙරුණු අතර විද්‍යාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඇමෙරිකානු සම්මේලනයේ ගෞරවණිය සාමාජිකත්වයද (American Association for the Advancement of Science Fellow) පිරිනැමිණි.[1] ඊට අමතරව 'ඔහායෝ ස්ටේටේ යුනිවර්සිටි' විශ්වවිද්‍යාලයේ අග්‍රගණ්‍ය සේවාව වෙනුවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබිය.ජාතික විද්‍යා පදනමේ විද්‍යා අධ්‍යාපන උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීමටද රොස් සමත් විය.[4]
රොස් බටහිර ජර්මනිය,ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව [1] යන රටවලද මේහා සමාන වැඩසටහන් නිර්මාණය කිරීමට දායකත්වය ලබාදුන්නේය.1973 දී ඉන්දියානු කුසලතාපූර්ණ දරුවන්ගේ වැඩසටහනට තම දායකත්වය ලබාදුන් අතර 1975 සිට 1983 කාලය දක්වා ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ (Australian National University) ග්‍රීෂ්ම ඍතු වැඩසටහනට තම ශ්‍රමයට කැපකළේය.1978 දී තවත් එවැනි වැඩසටහනක් ජර්මනියේ හෙයිදල්බර්ග් (Heidelberg, Germany) ප්‍රදේශයේ ආරම්භ කිරීමට සහය ලබාදුන්නේය.[4] ඔහුගේ මෙම ප්‍රධාන වැඩසටහනට අමතරව ඔහු ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්[2] සහ ඔහියෝ ජනපදයේ කොලොම්බස් (Columbus, Ohio) ප්‍රදේශයේ මධ්‍යම සහ උසස් පාසල් වල ශිෂ්‍යයන්ට 'හොරයිසන්ස් අන්ලිමිටඩ්' (Horizons Unlimited) නම් වැඩසටහනක් ආරම්භ කර ඇත.[4]
රොස්ගේ බිරිඳ ‘බී’ 1983දී මියගිය අතර මෙය රොස්ට දරාගත නොහැකි කම්පනයක් ඇති කළේය.[2] ඉන්පසු ඔහු ජීවත් වුයේ ඔහුගේ ගණිත වැඩසටහන නිසා යයි වරෙක ඔහුගේ මිතුරන් ප්‍රකාශ කර ඇත.[2] පසුව 1990දී රාජතාන්ත්‍රිකයෙක් වූ මැඩිලෙන් ග්‍රීන් (Madeleine Green) නම් ප්‍රංශ ජාතික වැන්දඹුවක් සමඟ විවාහපත් විය.[2]
2002 සැප්තැම්බර් 25 වන දින රොස් අභාවප්‍රාප්ත[11] වූ අතර 'නෝටිසස් ඔෆ් ද ඇමෙරිකන් මැතමටිකල් සොසයිටි' (Notices of the American Mathematical Society) සහ 'මා ෆෝකස්' (MAA FOCUS) යන ආයතන දෙක රොස් වෙනුවෙන් ගුණකථන සිදු කළහ.කාල් රුබන් (Karl Rubin) ආදී ගණිතඥයන්ද ඔහුගේ ගුණ ගායනා කරන ලදී.[3] රොස්ට දරුවන් නොසිටියේය.[1][12]
රොස් ඔහුගේ විෂය පථයට පර්යේෂණික දායකත්වය දැක්වුයේ අල්ප වශයෙනි.ඔහු,ඔහුගේ දායකත්වය වැඩි වශයෙන් ලබාදුන්නේ ගණිත වැඩසටහන් හරහාය.[9] ඔහු 1957 සිට 2000 වර්ෂය දක්වා [9] කාලය තුල ශිෂ්‍යයන් 2000කට අධික සංඛ්‍යාවකට ගණිත විෂය ඉගැන්වූයේය.[2] එම වැඩසටහනට සහභාගීවුවන් විවිධ විද්‍යා ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ පර්යේෂණධුර හොබවයි.[9] මෙම වැඩසටහන සමකාලින ගණිතඥයන්ගේ නොමඳ පැසසුමට ලක්විය.[8][9][13]
බොස්ටන් විශ්වවිද්‍යාලය (Boston University) මගින් ආරම්භ කල 'තරුණ විද්‍යාඥයන් සඳහා වූ ගණිත වැඩසටහන' (Program in Mathematics for Young Scientists| PROMYS), 'සවුත්වෙස්ටි ටෙක්සාස් ස්ටේට් යුනිවර්සිටි' (Southwest Texas State University) විශ්වවිද්‍යාලය[2] මගින් ආරම්භ කල 'ඔනර්ස් මැත් කැම්ප්' (Honors Math Camp) යනු රොස්ගේ ගණිත වැඩසටහන අනුකරණය කරමින් ආරම්භ කල අනෙකුත් වැඩසටහන්ය.චිකාගෝ විශ්වවිද්‍යාලය හා ශා.අන්තෝනි හි ටෙක්සාස් විශ්වවිද්‍යාලය (University of Texas at San Antonio) ආරම්භ කරන ලද වැඩසටහන් රොස්ගේ පෙළඹීමෙන් නිර්මාණය වූ වැඩසටහන්ය.[2] බොස්ටන් විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කල ‘තරුණ විද්‍යාඥයන් සඳහා වූ ගණිත වැඩසටහන’ ආරම්භ කර ඇත්තේ ‘රොස් ගණිත වැඩසටහනට’ සහභාගී වූ ශිෂ්‍යයන් දෙදෙනෙකු විසිනි.[8] චිකාගෝ විශ්වවිද්‍යාලයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අවධියේ ඊට එවකට ගණිත අංශයේ ප්‍රධානියා වූ මහාචාර්ය පෝල් සැලී (Paul Sally) මුලදී මෙම වැඩසටහනට සහයෝගයක් නොදැක්වුවත් පසුව කෙමෙන් කෙමෙන් ඊට සහයෝගය දක්වන්නට පටන්ගෙන ඇති අතර පසුය ඔහුගේ නායකත්වයෙන් වෙනමම වැඩසටහනක් ආරම්භ වී ඇත.[2] රොස් වැඩසටහන සහ එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ‘Ross-1s’ ලෙසත් ඔවුන් යටතේ පුහුණුව ලැබූ ඊළඟ කණ්ඩායම (PROMYS හි ආදිකර්තෘවරු ඇතුළුව) ‘Ross-2s’ ලෙසත් හඳුන්වයි.[8]
1993 සිට වාර්ෂිකව ඇමෙරිකානු ගණිත සංගමයේ මෙහෙයවීමෙන් ගණිතඥයන් ගෙන්වා විවිධ නගරවල උසස් පාසල් වල ශිෂ්‍යයන්ට දේශන පවත්වන අතර මෙම දේශන 'ආර්නෝල්ඩ් රොස් දේශන මාලාව' (The Arnold Ross Lecture Series)[12] ලෙස හඳුන්වයි.මීට අමතරව ‘ඔහියෝ ස්ටේට් යුනිවර්සිටි’ විශ්වවිද්‍යාලය මගින් රොස්ගේ මිත්‍රයන් හා ‘රොස් ගණිත වැඩසටහනට’ සහභාගී වූ ශිෂ්‍යයන් එක්කර 1996දී සහ 2001දී විශේෂ දේශන[2] කිහිපයක් පවත්වන ලදී.[14]
{{cite journal}}
: Check date values in: |date=
(help)
{{cite journal}}
: Unknown parameter |registration=
ignored (help)
ආර්නොල්ඩ් රොස් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
![]() |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() |
විකිපුවත් වෙතින් පුවත් කථාංග |