ඇන්ඩෲ ද සිල්වා Andrew De Silva | |
---|---|
උපත් නාමය | ඇන්ඩෲ කොන්රඩ් ද සිල්වා |
උපත | 23 නොවැම්බර් 1974 මෙල්බර්න්, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව |
සම්භවය | ශ්‍රී ලංකාව |
ප්‍රභේද | R&B, රොක් |
සක්‍රීය වර්ෂ | 1991–වර්ථමානය තෙක් |
සම්බන්ධිත රඟපෑම් | CDB |
වෙබ් අඩවිය | ඇන්ඩෲදසිල්වා වෙබ් අඩවිය |
ඇන්ඩෲ කොන්රඩ් ද සිල්වා (1974 නොවැම්බර් 23)[1] යනු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු R&B සහ රොක් ගායන ශිල්පියෙකි.
ඔහු 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ මිස් ශ්‍රී ලංකා ඔන්ලයින් තරඟයේ විනිශ්චකාරවරයෙකු ලෙසද සහභාගී විය.[2]
ශ්‍රී ලාංකික ජන්මයක් සහිත මවුපිය යුවලකට දාව ඇන්ඩෲ ද සිල්වා, 1974 නොවැම්බර් 23 වන දින, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හීදී උපත ලැබීය.[3]
1991 - 1997 කාලය තුලදී CDB සංගීත කණ්ඩායමෙහි සාමාජිකයෙකු වශයෙන් ඔහු කළක් කටයුතු කලත්, පළිකා තත්වයකට ප්‍රතිකාර ගැනීමට වුවමනා වූ නිසා ඉන් ඉවත් වූ බව පැවසෙයි.
2013 වසරේදී ඔහු, "මිරැකල් (Miracle)" නමින් ගීතයක් නිකුත් කරන ලදී.
ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී නාලිකාවක් විසින් පැවැත්වූ, ඕස්ට්‍රේලියා'ස් ගොට් ටැලන්ට් සීසන් 6 රියැලිටි වැඩසටහනේ ජයග්‍රහණය ලබා ගැනීමට, 2012 වසරේදී ඇන්ඩෲ ද සිල්වා ට හැකිවිය. ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට ඩොලර් 250 000 ක මුදල් ත්‍යාගයක්ද හිමිවූ බව සඳහන්ය.[4]
පූර්වප්‍රාප්තිකයා Jack Vidgen |
ඕස්ට්‍රේලියා'ස් ගොට් ටැලන්ට් ජයග්‍රාහක 2012 |
අනුප්‍රාප්තික Uncle Jed |