එම්. ජේ. ගෝපාලන් කුසලාන යනු, ලංකාව (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) සහ මදුරාසිය (වර්තමානයෙහි තමිල් නාඩුව) අතර, 1952-53 සහ 2007-08 අතරතුර ක්‍රීඩා කෙරුණු, වාර්ෂික පළමු-පෙල ක්‍රිකට් තරගාවලියකි.
ක්‍රිකට් සහ හොකී ක්‍රීඩකයෙක් ලෙසින් එම්.ජේ. ගෝපාලන්ගේ වසර 25 ක ක්‍රීඩා ජිවිතය සැමරීමට රිදී ජුබිලි අරමුදලක් 1952 වසරෙහිදී ඇරඹීම හා සමගම මෙම තරගාවලිය පිළිබඳ අදහස ජනිත වී ඇත. [1] මෙම අරමුදල හරහා, මදුරාසිය හා ලංකාව අතර වාර්ෂික ක්‍රිකට් කරගයක් ස්ථාපිත කෙරුණු අතර එය ගෝපාලන් අනුව යමින් නම් කෙරිණි.
ලංකාව විසින් පළමු තරගය ජයග්‍රහණය කෙරිණි. [2]මෙම තරගය, ක්‍රීඩා දිනදසුනෙහි නිත්‍ය ඉසව්වක් බවට පත්වූ අතර, 1983 වසරෙහිදී ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබූ පසු නවතා දැමිණි. . වසර 2000දී එය යලි පණගැන්වුනේ, තමිල් නාඩුව සහ කොළඹ දිස්ත්‍රික් ක්‍රිකය් සංගමයක් හා පැවති තරගයකිනි. [3]වසර දෙකකට පසුව මෙම ඉසව්වද නතර කෙරුණු අතර, යළි වසර 2007 දී ශ්‍රී ලාංකික සහ තමිල් නාඩු පාලක මණ්ඩල විසින් තරගාවලිය යළි ඇරඹීමට එකඟ වන ලදි. [4] 2007 සැප්තැම්බරයේදී තමිල් නාඩුව සහ ශ්‍රී ලාංකික XI ක් අතර තරගයක් පවත්වන ලද අතර, එය ශ්‍රී ලාංකික කණ්ඩායම විසින් ජයග්‍රහණය කෙරිණි.[5]එතෙක් පටන් මේ වන තුරු කුසලාන සඳහා කිසිදු ක්‍රීඩා කිරීමක් සිදු කෙරී නොමැත.
ගෝපාලන් කුසලාන සඳහා, පළමු-පෙල තරග 27 ක් තරග කර ඇත. තරගවැදුනු පිල් වල, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කණ්ඩායම් වල, නම් වෙනස්කම් වලට භාජනය වී ඇත.
තරග වාරය | ස්ථානය | ප්‍රතිඵලය |
---|---|---|
1952-53 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ලංකාව ලකුණු 95 කින් |
1953-54 | නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජ පිටිය, කොළඹ | ලංකා ක්‍රිකට් සංගමය ඉනිමකින් සහ ලකුණු 108 කින් |
1955-56 | නේරු ක්‍රීඩාංගණය, මුදරාසිය | ලංකාව ඉනිමකින් සහ ලකුණු 14 කින් |
1956-57 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා ක්‍රිකට් සංගමය කඩුළු 5 කින් |
1957-58 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | මදුරාසිය කඩුළු 2 කින් |
1958-59 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1959-60 | නේරු ක්‍රීඩාංගණය, මදුරාසිය | මදුරාසිය කඩුළු 8 කින් |
1960-61 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා ක්‍රිකට් සංගමය ලකුණු 169 කින් |
1961-62 | නේරු ක්‍රීඩාංගණය, මදුරාසිය | ලංකාව ඉනිමකින් සහ ලකුණු 66 කින් |
1963-64 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා පාලක මණ්ඩල සභාපතිගේ XI කඩුළු 6 කින් |
1965-66 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1966-67 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1967-68 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා පාලක මණ්ඩල සභාපතිගේ 27න් පහළ XI ලකුණු 105 කින් |
1968-69 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1969-70 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1970-71 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1971-72 | සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ | තමිල් නාඩුව ඉනිමකින් සහ ලකුණු 9 කින් |
1972-73 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | තමිල් නාඩුව ලකුණු 3 කින් |
1973-74 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1974-75 | මහාත්ම ගාන්ධි ක්‍රීඩාංගණය, සයිලම් | තමිල් නාඩුව ඉනිමකින් සහ ලකුණු 73 කින් |
1975-76 | කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ | ශ්‍රී ලංකා පාලක මණ්ඩල සභාපතිගේ XI ලකුණු 22 කින් |
1976-77 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1980-81 | මහාත්ම ගාන්ධි ක්‍රීඩාංගණය, සයිලම් | ජය පැරදුමින් තොර |
1982-83 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
2000-01 | සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ | ජය පැරදුමින් තොර |
2001-02 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
2007-08 | කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ | ශ්‍රී ලංකා ක්‍රිකට් XI ඉනිමකින් සහ ලකුණු 96 කින් |
ලංකාව/ශ්‍රී ලංකාව 10 වතාවක්ද, මදුරාසිය/තමිල් නාඩුව 5 වතාවක්ද ජයග්‍රහණය කල අතර, තරග 12 ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.