තුවාන් හජි ඔත්මාන් බින් වොක් | |
---|---|
සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා | |
තනතුර දරමින් ඔක්තොම්බර් 1963 – ජූනි 1977 | |
ජනාධිපතිවරයා | යූසොෆ් ඉෂාක් බෙන්ජමින් ෂියර්ස් |
අග්‍රාමාත්‍යවරයා | ලී ක්වාන් යූ |
Member of Parliament පසීර් පංජං ඒමකො සඳහා | |
තනතුර දරමින් ඔක්තොම්බර් 1963 – ජූනි 1977 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 8 ඔක්තෝබර් 1924 සිංගප්පූරුව |
විපත | 17 April 2017 සිංගප්පූරු මහා රෝහල, සිංගප්පූරුව | (වයස 92)
ජාතිකත්වය | සිංගප්පූරුවියානු |
දේශපාලන පක්ෂය | ![]() |
උගත් ශාස්ත්‍රාලය | රැෆල්ස් ආයතනය |
රැකියාව | දේශපාලනඥයා මාධ්‍යවේදියා |
සමහරවිට ඔත්මාන් වොක් ලෙසින් හැඳින්වෙන, තුවාන් හජි ඔත්මාන් බින් වොක්[1] (8 ඔක්තොම්බර් 1924 – 17 අප්‍රේල් 2017), යනු සිංගප්පූරුවියානු දේශපාලනඥයෙක් විය.[2] වසර 14 ක් පුරා ඔහු කැබිනට් මණ්ඩලයෙහි අමාත්‍යවරයෙක් විය. ඔක්තොම්බර 1963 සිට ජූනි 1977 දක්වා ඔහු සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විය. සක්‍රීය දේශපාලනයෙන් විශ්‍රාම යෑමෙන් පසුව, ඉන්දුනීසියාව වෙත සිංගප්පූරුවෙහි තානාපතිවරයා ලෙසින්ද, සිංගප්පූරු සංචාරක මණ්ඩලයෙහි සහ සෙන්තොසා ප්‍රවර්ධන සංස්ථාවෙහි අධ්‍යක්ෂක මණ්ඩලයන්හිද ඔහු සේවය කළේය. සිංගප්පූරු ජාතිය ගොඩනැගීම වෙනුවෙන් ඔහුගේ දේශපාලනමය, ආර්ථික සහ සමාජයීය දායකත්වයන් වෙනුවෙන්, 1983 වසරෙහිදී ජනාධිපති දේවාන් නයිර් විසින් නීල උත්තම පදක්කම (2වන පංතිය) ඔහු වෙත ප්‍රදානය කෙරිණි.
1924 ඔක්තොම්බර් 8 දිනදී ඔත්මාන් වොක් උපත ලද්දේ එකල සිංගප්පූරු බ්‍රිතාන්‍ය යටත් විජිතයෙහිදීය. ඔහුගේ පියා, වොක් අහමඩ්, පාසැල් ගුරුවරයෙක් සහ විදුහල්පතිවරයෙක් විය.
බහු-වාර්ගිකත්වයක් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් වෙත ඔහුගේ මතවාදය සහ පීඒපී පක්ෂය විසින් සාක්ෂාත් කිරීමට අදහස් කරගැනුමට නියමිත මතවාදය එකිනෙක පෙළ ගැසී ඇති බව දුටු ඔත්මාන්, 1954 වසරෙහිදී පීඒපී පක්ෂය පිහිටුවා දින කිහිපයකින් පසුව, එම දේශපාලන පක්ෂයට බැඳුණි.
1963 වසරෙහි මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමගම, සිංගප්පූරුවෙහි පළමුවන සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා බවට පත්වීමට ඔත්මාන් හට හැකිවූ අතර, කැබිනට් මණ්ඩලයෙහි සිටි එකම මැලේ වාර්ගික සාමාජිකයා විය.
මැලේ වාර්ගික අනුග්‍රහය පතා සටන් කෙරුමට ක්වාලා ලම්පූර් -පදනමැති එක්සත් මැලේ ජාතික සංවිධානය (යූඑම්එන්ඕ) විසින් එකල පොළඹවනු ලැබූ මැලේ ප්‍රජාව විසින්, පීඒපී පක්ෂයට බැඳීම සම්බන්ධයෙන්, "මැලේ වර්ගයට ද්‍රෝහියෙක්" වූ ලෙසින් ඔත්මාන් හංවඩු ගැසුණී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1959 මැතිවරණයෙහිදී පීඒපී අපේක්ෂකයෙක් වශයෙන් කැම්පොං කම්බෑන්ගං ඡන්ද කොට්ඨාශය සඳහා තරග කරමින් සිටියදී පරාජයට පත් වීමට ඔත්මාන් හට සිදුවිය.
ඔත්මාන් වොක් හැදී වැඩුනේ නිහතමාන පවුල් පරිසරයක් තුලය.
2017 අප්‍රේල් 17 දිනදී, අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාවෙන්, දේශීය වේලාවෙන් ප.ව 12.21 ට සිංගප්පූරු මහා රෝහලෙහිදී ඔහු මිය ගියේය. පසු දිනයෙහි චොවා චූ කං මුස්ලිම් සුසානභූමියෙහිදී ඔහු මිහිදන් කෙරිණි.[3]