කමල් අද්දරාරච්චි Kamal Addararachchi | |
---|---|
උපත | අද්දරආරච්චිගේ ගුණේන්ද්‍ර කමල් 5 පෙබරවාරි 1962 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | Actor, singer, teacher |
සක්‍රීය වසර | 1977–වර්තමාන |
කලත්‍රයා(යන්) | අනුරානි අද්දරආරච්චි |
සම්මාන | සරසවිය හොඳම නළුවා (2002) |
අද්දරආරච්චිගේ ගුණේන්ද්‍ර කමල් (උපත 1962 පෙබරවාරි 5), හෙවත් කමල් අද්දරආරච්චි, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1][2] ඒ වගේම ගායකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වේ. 1981 වසරේදී පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද චිත්‍රපටයෙහි නළුවෙකු ලෙස තම සිනමා දැක්ම ආරම්භ කලේය. 1970 දශකයේ අග භාගයේ සිට ඔහු බොහෝ චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල විවිධ චරිත සඳහා පෙනී සිටියේය. ඔහු චිත්‍රපට 40කට, ටෙලිනාට්‍ය 20කට සහ වේදිකා නාට්‍ය 6කට අධික ප්‍රමාණයක රඟපා ඇති අතර, 2002 වසරේ "අග්නිදාහය" චිත්‍රපටයේ ශෝබනාගේ චරිතය වෙනුවෙන් සරසවිය හොඳම නළුවා සම්මානය හිමිකරගෙන ඇත.[3][4]
ඔහු 1993 දී දමයන්ති ජයසූරිය සමඟ ගායකයෙකු ලෙස සප්ත කන්‍යා චිත්‍රපටයේ "උන්මාදවූ ප්‍රේමාදරේ" නම් ගීතය ගැයීය. මීට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස සිරස සුපර්ස්ටාර් රියැලිටි වැඩසටහනෙහි පළමු වාර තුනෙහි සහ හිරු මෙගා ස්ටාර්ස් හි පළමු වාරයද මෙහෙයවීය.
ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[5] පාසලේදී ඔහු කලාත්මක කටයුතු සඳහා මුලික උනන්දුවක් දැක්වූ අතර, සංගීතය, සිංහල සාහිත්‍යය, උඩරට නැටුම් සහ විවාද යන සියල්ල එකවර කිරීමට ඔහුව පොළඹවන ලදී. ඔහු පාසල් වියේදීම ‘සිංහල සාහිත්‍ය සංගමයේ’ ලේකම් ලෙස පවා කටයුතු කළේය.[6]
අනුරානි අද්දරආරච්චි සමඟ විවාහ වී සිටින ඔහුට පුතුන් දෙදෙනෙකි. කලාවට අමතරව, ඔහු ඉංග්‍රීසි ගුරුවරයකු ද විය.
1978 දී කොළඹදී වේදිකාගත කරන ලද "අනේ අබ්ලික්" නාට්‍යය කමල්ගේ පළමු කැපී පෙනෙන ප්‍රසිද්ධ නාට්‍ය රංගනය සනිටුහන් කළේය.[7] ගාමිණී ෆොන්සේකා ගේ සාගරයක් මැද චිත්‍රපටය සමඟින් රිදී තිරයට පැමිණි අද්දරආරච්චි ඉන් පසු සප්ත කන්‍යා, අග්නිදාහය, අවරගිර, කිණිහිරියා, රන්දිය දහර, කලර් හා ඇඩ්‍රස් නෑ වැනි ජනප්‍රිය චිත්‍රපට සමඟින් ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.[5]
හර්බට් රංජිත් පීරිස්ගේ හිරුට මුවාවෙන්, රන්ජන් ද සිල්වාගේ රතු රෝස, සහ වෙද හාමිනේ සහ ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය වැනි ටෙලිනාට්‍යවල ඔහුගේ රංගනයන් නිසාද ඔහු කැපී පෙනේ.[5] දඬුබස්නාමානය සඳහා 1995 වසරේ සමාරම්භක සුමති ටෙලි සම්මාන උළෙලේදී, හොඳම ටෙලිනාට්‍ය සහය නළුවාට හිමි සම්මානය මෙන්ම වඩාත් ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනාගන්නා ලදි. කමල් තමාගේ මානසික අවපීඩනයෙන් පෙළෙන විට තමා වෙනුවෙන් වටිනා උපදෙස් දීමට සැමවිටම සූදානම් වූ දිනල් සමරනක ඔහුගේ උපදේශකයා ලෙස සලකයි.[8]
2012 ජූලි මාසයේදී ඔහු මහේන්ද්‍ර පෙරේරා සහ දයාන් විතාරණ සමඟින් ටිලාන් ප්‍රනාන්දුගේ "හිතගාව" ගීතයේ මියුසික් වීඩියෝව සදහා පෙනී සිටියේය. ඔහු 2005 වසරේ සිට කිසිදු ටෙලිනාට්‍යයකට පෙනී නොසිටි අතර 2017 සිට වසර හතරකින් චිත්‍රපටයකට රගපා නොමැත.[9][10]
1995 – සුමති හොඳම සහය නළුවා සම්මානය
1995 – සුමති ජනප්‍රියම නළුවා සම්මානය
1996 – හොඳම සහය නළුවා ජනාධිපති සම්මානය
2002 – සරසවිය හොඳම නළුවා සම්මානය
කාන්තා දූෂණය කිරීම් සහ ඝාතනය කිරීම් සම්බන්ධ චෝදනා කිහිපයක්, මීට පෙර කමල් අද්දරාරච්චි වෙත එල්ල වී තිබෙයි.
{{cite web}}
: |archive-date=
requires |archive-url=
(help)