කරන් පටෙල් | |
---|---|
![]() කරන් පටෙල් 2015 ITA සම්මාන උළෙලේ රතු පලස මත දී | |
උපත | 23 නොවැම්බර් 1983 |
රැකියාව | නළුවකු, නිවේදකයකු |
සක්‍රීය වසර | 2005–වර්තමානය |
කලත්‍රයා(යන්) | අංකිතා කරන් පටෙල් (2015–වර්තමානය) |
කරන් පටෙල් (උපත 23 නොවැම්බර් 1983) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. කරන් පටෙල් සිය රංගන වෘත්තිය ආරම්භ කළේ 2000දී කහානි ඝාර් ඝාර් කි වැඩසටහන ඔස්සේ ය. වර්තමානයේ ඔහු ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වන යේ හේ මොහබ්බතයින් කතාමාලවේ දිව්‍යංකා ත්‍රීපති සමග ප්‍රධාන චරිත නිරූපණයෙහි නියැළෙමින් සිටියි. මෙම කතාමාලාවේ රමන් කුමාර් භල්ලා ලෙස ඔහු නිරූපණය කළ චරිතය හේතුවෙන් සී ස්වර්ණ සම්මාන උළෙලේ දී හොඳම නළුවා (ජනප්‍රිය) සම්මානය පිට පිට වසර තුනක්ම (2014-2016) හිමි කරගැනීමට ඔහු සමත් විය. එසේම 2015 හොඳම සරාගී නළුවා සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය සහ ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද ඔහුට හිමි විය.
2015 මැයි 3 මුම්බායිහි දී කරන් අංකිතා භාර්ගවා සමග විවාහ විය.[1][2]
පටෙල් උපත ලැබූයේ 1983 නොවැම්බර් 23 දින කල්කටාවේ ය.[3][4] ඔහුගේ පියාගේ නම රාශේෂ් පටෙල් ය.[5] ඔහු සිය පාසල් අධයාපනය හදාළේ මුම්බායේ ජූහු උපනගරයේ උත්පල් ෂංඝවි පාසලේ දී ය. ඔහු සිය උපාධිය හදාරනු ලැබූයේ මුම්බායේ මිථිබායි කොලීජියෙනි. කිෂෝර් නමීක් කපූර් රංගන ආයතනයට ඇතුළත් වූ ඔහු ලන්ඩන් කලා විශ්විවිද්‍යාලයට ද ඇතුළත්ව තිබේ. මීට අමතරව ඔහු ෂියාමක් දාවර්‍ගේ නර්තන පන්ති සඳහා ද සහභාගී වී තිබේ.[6]
පටෙල් සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ කස්තුරි කතාමාලාවේ ය. මෙහි දී ඔහු විසින් රොබී සබර්වාල් නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මීට පෙර ඔහු විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ රූපවාහිනී කතාමාලා ගණනාවකට සිය දායකත්වය ලබා දී තිබිණි. ඔහු රංගනයෙහි යෙදුණු පළමු චරිතය වූයේ කහානි ඝාර් ඝාර් කී කතාමාලාවේ විග්‍යාත් නැමැති චරිතයයි. මීට අමතරව ඔහු කසෞතී සින්දගී කේ සහ කසම් සේ කතාමාලාව සඳහා ද සිය රංගන දායකත්වය සපයා ඇත.[7] 2008දී ඔහු නිවේදන වෘත්තිය වෙත පිවිසියේ කහෝ නා යාර් හේ නැමැති නව වැඩසටහනත් සමගයි.[8] වර්තමානය වන විට ඔහු යේ හේ මොහබ්බතයින් කතාමාලාවේ රමන් කුමාර් භල්ලාගේ චරිතය නිරූපණය කරනු ලබයි. ඉන්දියානු සෝප් ඔපෙරාවක් වන යේ හේ මොහබ්බතයින්[9] තුළ ඔහු නිරූපණය කළ මෙම චරිතය හේතුවෙන් සම්මාන රැසක් හිමි කරගැනීමට පටෙල්ට හැකි විය. මෙහි දී අඛණ්ඩව වසර තුනක් (2014-2016) සී ස්වර්ණ සම්මාන උළෙලේ හොඳම නළුවා (ජනප්‍රිය) සම්මානය හිමි කරගැනීමට ඔහු සමත් විය.[10][11][12] එසේම 2015 හොඳම සරාගී නළුවා සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය,[13] ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද ඔහුට හිමි විය.[14] ඔහු සහ දිව්‍යංකා ත්‍රීපති අඛණ්ඩව වසර තුනක් (2014-2016) ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ හොඳම යුවළට හිමි සම්මානය හිමි කරගැනීමට සමත්ව තිබේ.[15][16][17]
වර්ෂය | කෘතිය | චරිතය |
---|---|---|
2000-2008 | කහානි ඝාර් ඝාර් කි | විග්‍යාත් |
2005 | කසෞතී සින්දගී කේ | කරන් |
2005 | කේසර් | රයන් |
2005 | කාව්‍යාංජලි | කණිෂ්ක් |
2006–2007 | කසම් සේ | රෝහිත් රන්විජේ චොප්රා |
2006–2007 | කරම් අප්නා අප්නා | විවාන් කපූර් |
2007–2009 | කස්තුරි | රොබී සබර්වාල් |
2007 | නාච් බාලියේ 3 | ඔහු ලෙසම |
2008 | කහෝ නා යාර් හේ | නිවේදක |
2010 | දිවාලි දිලෝ කි | නිවේදක |
2012 | Survivor India | ඔහු ලෙසම |
2012 | තේරි මේරි ලව් ස්ටෝරීස් | යුග් සකසේනා |
2013 | ජලක් දිඛ්ලා ජා (වාරය 6) | ඔහු ලෙසම |
2013–වර්තමානය | යේ හේ මොහබ්බතයින් | රමන් කුමාර් භල්ලා/ගුලාබෝ සිං |
2014–2016 | බොක්ස් ක්‍රිකට් ලීගය | ඔහු ලෙසම |
2015 | Star Plus Valentine's day | නිවේදක |
2015–2016 | ගුම්රා (වාරය 5) | නිවේදක |
2015 | නාච් බාලියේ 7 | නිවේදක[6] |
2015 | ජලක් දිඛ්ලා ජා | ආරාධිත |
2016 | I Don't Watch TV | ඔහු ලෙසම (අරේ තුළ විකාශය වේ) |
වර්ෂය | මාතෘකාව | චරිතය |
---|---|---|
2010 | City of Gold | නාරු |
2013 | Shootout at Wadala | ජමාල් |
වර්ෂය | උළෙල | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම නායා සදස්‍යා - පිරිමි | යේ හේ මොහබ්බතයින් | දිනාගති[15] |
ප්‍රියතම ජෝඩි (දිව්‍යංකා ත්‍රීපති සමග) | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (දිව්‍යංකා ත්‍රීපති සමග) | ||||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | GR8! වසරේ තිරයේ යුවළ (දිව්‍යංකා ත්‍රීපති සමග) |
නිර්දේශිත | ||
13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන | හොඳම තිරයේ යුවළ (දිව්‍යංකා ත්‍රීපති සමග) |
දිනාගති[18] | ||
7වන සී ස්වර්ණ සම්මාන | හොඳම නළුවා (ජනප්‍රිය) | දිනාගති[10] | ||
2015 | ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම සරාගී නළුවා | දිනාගති[13] | |
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම පති | දිනාගති[16] | ||
ප්‍රියතම ජෝඩි (දිව්‍යංකා ත්‍රීපති සමග) | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (දිව්‍යංකා ත්‍රීපති සමග) | ||||
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා - පිරිමි | ||||
14වන ඉන්දියානු ටෙල්ලි සම්මාන | ප්‍රධාන චරිතයක හොඳම නළුවා | දිනාගති[14] | ||
හොඳම ජෝඩි (දිව්‍යංකා ත්‍රීපති සමග) |
දිනාගති[19] | |||
8වන සී ස්වර්ණ සම්මාන | හොඳම නළුවා (ජනප්‍රිය) | දිනාගති[11] | ||
2016 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම පති | දිනාගති[17] | |
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා (පිරිමි) | ||||
ප්‍රියතම ජෝඩි (දිව්‍යංකා ත්‍රීපති සමග) | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (දිව්‍යංකා ත්‍රීපති සමග) | ||||
9වන සී ස්වර්ණ සම්මාන | හොඳම නළුවා (ජනප්‍රිය) | දිනාගති[12] |
{{cite web}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite web}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)