කසම් — තේරේ ප්යාර් කි | |
---|---|
මෙලෙසද හැඳින්වේ | කසම් |
ප්‍රභේදය | ප්‍රබන්ධ නාට්‍ය ප්‍රේම කථා |
රඟපෑම | චරිත නිරූපණය බලන්න |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 2 |
කථාංග ගණන | 235 (2017 ජනවාරි 27 වන විට) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | හස්නායින් රිස්වි ශෝභා කපූර් |
කැමරා සැලැස්ම | තනි-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
බෙදාහරින්නා | Viacom 18 |
ප්‍රචාරණය | |
රූප ආකෘතිය | 576i (PAL) 1080i (HDTV) |
මුල් ධාවනය | 7 මාර්තු 2016 | – වර්තමානය
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
කසම් — තේරේ ප්යාර් කි (සිංහල: ඔබේ ප්‍රේමය ගැන දිව්රන්න) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි ප්‍රේමකථා රූපවාහිනී කතාමාලාවකි. 2016 මාර්තු 7වන දින විකාශය ඇරඹි මෙය කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 10.00ට විකාශය කෙරේ. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බාලාජි ටෙලිෆිල්ම්ස් වෙනුවෙන් ඒක්තා කපූර් විසිනි. මෙම කතාමාලාව දෙමළ බසින් "එන් කාදලේ" ලෙස හඬකවා පොලිමර් ටීවී නාළිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.
ක්රාතිකා සෙන්ගාර් සහ ෂාරද් මල්හෝත්‍රා විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. පන්ජාබය පසුබිමෙහි නිර්මාණය වී ඇති මෙම කතාමාලාව මගින් විවිධ කාල පරාසයන්හි ඔවුන්ගේ ප්‍රේමය ජයගන්නා ආකාරය නිරූපණය වේ.[1][2]
මෙම කථාව ගෙතී ඇත්තේ ළමා වියේ මිතුරන් වන තනුශ්‍රී ඛුරානා හෙවත් තනු (ක්රාතිකා සෙන්ගාර්) සහ රිෂි (ෂාරද් මල්හෝත්‍රා) වටා ය. එක් දිනෙක, රිෂි ගං ඉවුරේ ඇද වැටෙයි. තනු ඔහුව බේරා ගනියි. පසුව ඔවුන් දෙදෙනා මා කාලි දේවාලය වෙත රැගෙන යනු ලැබෙයි. එහි සිටින කත්යායණි නැමැති පූජකවරියක තනු සහ රිෂිගේ කුණ්ඩලි හොඳින් ගැළපෙන බවටත්, තනු විසින් රිෂිව සියලු බාධාවන්ගෙන් රැකගන්නා බවටත් අනාවැකියක් බවසයි. නමුත් රිෂිගේ මව වන රානෝ (විභා චිබ්බර්) තනු සහ ඇගේ පවුලට ප්‍රිය නොකරයි. රානෝ සිය සැමියාට ඇමරිකාව කරා සංක්‍රමණය වන ලෙස ඉල්ලා සිටියි.
වසර 17ක් ගෙවී යයි. රිෂි නැවත එනතෙක් තනු මහත් ආශාවෙන් බලා සිටියි. රිෂි සහ ඔහුගේ පවුල තනු ජීවත් වන පාටියාලා වෙත පැමිණති. එම දිනයේම, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් තනුගේ දෙමාපියන් මියයන්නේ ශෝකජනක අයුරිනි. රිෂිගේ පවුල තනුගේ නිවස වෙත පැමිණෙන අතර, සිය මිතුරා මියගොස් ඇති බව ඔවුන් දැන ගනී. තනුගේ නැන්දණිය වන බානි, රිෂි සහ ඔහුගේ පවුල මුම්බායි වෙත රැගෙන යයි. එහි බානිගේ දියණියන් වන ස්වාති සහ නේහා ජීවත් වේ. නමුත් ඇය පවසන්නේ සිය දියණිය වන නේහා යනු තනු බවයි. මේ අතර තනු සහ අහානා ද මුම්බායි වෙත පැමිණෙන නමුත්, බානි පවසන්නේ ඇය සිය ඥාතිවරියක වන තාන්වි බවයි. එම රාත්‍රියේ රිෂි සහ තනු හමුවෙයි. සැබෑ තනු කවුරුන්දැයි නොහඳුනන රිෂි නේහා වෙත ආකර්ෂණය වේ. දැන් රිෂිගේ සහ නේහාගේ (තනු ලෙස පෙනී සිටින) විවාහය යෝජනා වී තිබේ. විවාහ ගිවිස ගන්නා දිනයේ, තමන් නේහා සමග විවාහ ගිවස ගෙන ඇති බව දැනගැනීමෙන් පසු රිෂි කම්පාවට පත්වේ. මෙය ඔහුට දැඩි ශෝකයක් වන්නේ ඔහු තාන්වි (සැබෑ තනු) ට ප්‍රිය කරන බැවිනි. මේ වනවිට, තාන්විගේ විවාහය පවන් සමග සිදු කිරීමට යෝජනා වී තිබේ. රිෂි පවන්ට ප්‍රිය නොකරන්නේ ඔහු තාන්වි පෙම් කරන බැවිනි. මේ වනවිටත් පවන් සලෝනි සමග විවාහ වී ඇති බව රිෂි සොයා ගනියි. මෙම සම්බන්ධය නතර කරවීමට ඔහු නොයෙකුත් ප්රයත්න දැරුව ද එය අසාර්ථක වේ. නමුත් තාන්වි සහ පවන්ගේ විවාහ දිනයේ ඔහු තාන්විට නිද්‍රාකාරක ඖෂධයක් ලබා දී දේවාලයක් වෙත ඇයව රැගෙන යන්නේ ඇය සමග විවාහ වීමටයි. නැවත සිහිය ලබන විට, රිෂි තමන් සමග සිටිනු දැකීමෙන් ඇය මවිතයට පත්වේ. මඳ වේලාවකින් එතැනට පැමිණෙන කත්යායණි තාන්වි යනු තනු බව හෙළිකරවයි. තානු සිය සැබෑ අනන්‍යතාව හෙළි කරන්නී ය. රිෂි මවිතයට පත්වේ. ඔවුන් දෙදෙන විවාහ වෙති. නමුත් පවන් ඔවුන් පසුපසින් සිටියි. සිදුවීම් ගණනාවකින් පසු, ඔවුහු යළි නිවස බලා පිටත් වෙති. සිය විවාහය දෙදරා යාම පිළිබඳ කෝපයෙන් පසුවන නේහා සිය පෙම්වතා වන සැන්ඩි හට රිෂි තමන්ට අතවර කරන්නට තැත් කළ බව පවසයි. මින් කෝපයට පත්වන සැන්ඩි රිෂිව මරාදැමීමට අදහස් කරයි. තනු සහ රිෂි සිටින ස්ථානය වෙත සැන්ඩි ගමන් කරයි. ඔහු සිය ගිනිඅවිය රිෂි වෙත එල්ල කොට වෙඩි තබයි. නමුත් තනු දිව එන අතර, ඇයට වෙඩි වැදේ. රිෂිගේ දෙඅත් මත තනු සිය අවසන් හුස්ම හෙළයි. තනුගේ මරණය පිළිබඳ නේහා ප්‍රීතියෙන් පසුවෙයි.
මඳ කලකින්ම බේදි පවුල සත්‍යය දැනගනියි. ඔවුන් වහාම රිෂි සහ තනු වෙත දිව යයි. තනුගේ නිසල දේහය රිෂිගේ දෑත් මත තිබෙනු දැක ඔවුහු කම්පාවට පත් වෙති. රිෂි සියදිවි නසා ගැනීමට තැත් කරයි. නමුත් තනුගේ ආත්මය ඔහුව ඉන් වළකයි. සිය මරණයෙන් පසුව පවා, තනු රිෂිගේ දිවි බේරයි. සිය මරණය සිදුවූ දින, තනු සැන්ඩිගේ සොයුරාගේ දියණිය වන තනූජා ලෙසින් යළි උපත ලබයි.
රිෂි දැන් ධනවත් සාර්ථක ව්‍යාපාරිකයකුව සිටියි. නමුත් ඔහු ප්‍රේමය අගය නොකරයි. සිය සේවකය්නට ඔහු කෲර අයුරින් සලකයි. යුව්රාජ් දිව්‍යා සමග විවාහ වී නකුල් නැමැති පුත්‍රයකු සිටියි. මන්ප්රීත් සහ අහානා යුවළට ද ස්මයිලී සහ චින්ටු නැමැති දරුවන් දෙදෙනකු වේ. රිෂි හට මලිකාගෙන් විවාහ යෝජනාවක් පැමිණිය ද, ඔහු එය ප්‍රතික්ෂේප කරයි. බානි තවත් රුදුරු වී සිටින්නී ය. රානෝ වෙත ලිපියක් ලියන ඇය තමන් සහ සිය සැමියා පිළිකාවකින් පීඩා විඳින බවත්, සිය අවසන් දින කිහිපය ගතකරන බවත් දන්වා සිටියි. මේ අතර අනතුරකට ලක්ව නේහා සහ සැන්ඩි කෝමා තත්ත්වයෙන් පෙළෙන අතර, නේහාගේ දියණියන් වන විධි සහ නිධි මෙන්ම සැන්ඩිගේ ලේලිය වන තනූජා පිළිබඳ සොයා බැලීමට කිසිවකුත් නැත. රානෝට ලිපිය ලැබෙන නමුත්, ඇය ඔවුන්ව සිය නිවසේ තබා ගැනීමට අකමැති වන්නී ය. නමුත් පසුව, ඇය ඔවුනට සිය ගබඩා කාමරයේ විසීමට අවසර දෙන්නී ය.
තනූජා සහ රිෂි කිහිප වරක් මුණගැසුණ ද, ඔවුන් එකිනෙකා හඳුනා නොගනී. එක්දිනෙක තනූජා මුහුණ තදබල ලෙස පිළිස්සෙයි. ඇයට ප්ලාස්ටික් සැත්කමක් සිදු කිරීමට නිර්දේශ වන අතර, බිජි තනූගේ ඡායාරූපයක් රැගෙන එයි. තනූජාට තනූගේ මුහුණ හිමි වන අතර, සෑම දෙනාම ඇයව වරදවා වටහා ගනියි. ක්‍රමයෙන් ඇයව ඇගේ නිවසෙන් පලවා හැරෙයි. රිෂිට පෙම් කරන මලයිකා නැමැති තරුණියක් රිෂිගේ නිවසට පැමිණෙයි. එක් දිනක, තනූජා පාරේ ඇවිදිමින් සිටිය දී, ඇයව මලයිකාගේ කාරයේ ගැටේ. මලයිකා තනූජාව බේදි නිවස වෙත රැගෙන එයි.
තනූජා සහ රිෂි එකිනෙකාට සමීප වන අතර, එකිනෙකාගෙන් ඈත්ව විසීමට සිදුවේ. රිෂිට මිලයට ගැනීම පිණිස හෝටලයක් සෙවීමට තනූජා, රිෂි සහ මලයිකා පිටත් වේ. නමුත් එම හෝටලයට ත්රස්තවාදීන් පහර දෙන අතර කිහිප දෙනකු මරණයට පත්වේ. රිෂිව බේරා ගැනීමට ගොස් තනූජාට වෙඩි වැදෙයි. රිෂි ඇයව රෝහල වෙත රැගෙන යන අතර, කනූජාගේ දිවි බේරෙයි. රිෂි හට මලයිකා සමග විවාහ වන මෙන් රානෝ බල කරයි. ඔහු ඇයට යෝජනා කරන අතර, සිය තීරණය පවුලට දැනුම් දෙයි. තමන් රිෂිට පෙම් කරන බව වටහා ගන්නා තනූජා ඉන් ශෝකයට පත්වේ...
මෙම කතාමාලාව කලර්ස් ටීවී නාළිකාව හා සමගාමීව පාකිස්ථානයේ ෆිල්මේසියා නාළිකාව ඔස්සේ 2016 ඔක්තෝබර් 15 දින තෙක් විකාශය කරන ලදී.[5]