කස්තානය | |
---|---|
ප්‍රභේදය | කඩුව |
සම්භව ස්ථානය | මහනුවර රාජධානිය |
සේවා ඉතිහාසය | |
භාවිතා කරන ලද්දේ | මහනුවර රාජධානිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
පිරිවිතර | |
තල වර්ගය | වකුටු |
කස්තානය යනු කෙටි වකුටු එක් පැත්තක් පමණක් මුවහත් ශ්‍රී ලාංකික කඩුවකි. බොහෝ විට කස්තාන සඳහා විශේෂයෙන් සිංහ හිසක ආකාරයෙන්වූ විසිතුරු මිටක් තිබිණි. මේවා පළමුව හමුවන්නේ උඩරට රාජධානියෙහි (16 වන සියවස) වන අතර, ලංකාවේ පෘතුගීසි යුගයෙන් ආභාෂය ලැබුයේ යැයි සිතෙන අතර එබැවින් යුරෝපීය පුනරුද යුධ උපකරණ වලින් සම්භවය ලැබුවේ යැයි උපකල්පනය කල හැක.
නුතන ශ්‍රී ලංකා ධජයෙහි මෙම කඩු වර්ගය දැක්වෙන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාන්‍ය නිලධාරින් විසින් භාවිතා වෙයි.