කසුන් කල්හාර | |
---|---|
![]() Kasun Kalhara at Acoustic Brew | |
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | කසුන් කල්හාර ජයවර්ධන |
උපත | නොවැම්බර් 3, 1981 රාජගිරිය, ශ්‍රී ලංකාව |
ප්‍රභේද | පර්යේෂණාත්මක, සාම්ප්‍රදායික |
වෘත්තිය | සංගීතඥ, පටිගතකරන නිෂ්පාදක |
සක්‍රීය වර්ෂ | 2000–වර්ථමානය තෙක් |
සම්බන්ධිත රඟපෑම් | ඉන්ද්‍රචාප ලියනගේ |
කසුන් කල්හාර ජයවර්ධන (උපත 03-11-1981) ශ්‍රී ලාංකික ගායකයෙක් හා සංගීතඥයෙකි. ඔහුගේ කලා දිවිය තුළ ඔහු "හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව" ඇල්බම ත්‍රිත්වයක් නිකුත් කොට ඇත.
කසුන් 1981-11-03 දින රාජගිරියේදී උපත ලබා ඇත. මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M. ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වෙති. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් විය. කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි. කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.
කසුන් නදී කම්මලවීර හා විවාහ වී ඇත. ඔවුන් දෙදෙනාට පුතකු සිටී.