කාදලුම් කඩන්දු පෝගුම් | |
---|---|
ගොනුව:Kadhalum Kadandhu Pogum-Tamil poster.jpg චිත්‍රපට පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | නාලන් කුමාරස්වාමි |
තිර රචනය | නාලන් කුමාරස්වාමි |
නිශ්පාදනය | |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | දිනේෂ් ක්‍රිෂ්ණන් |
සංස්කරණය | ලියෝ ජෝන් පෝල් |
සංගීතය | සන්තෝෂ් නාරායණන් |
නිෂ්පාදන company | |
බෙදාහැරීම |
|
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 136[1] |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
කාදලුම් කඩන්දු පෝගුම් (සිංහල: ආදරයෙන් ද සමත් විය යුතුයි) යනු 2016 ඉන්දියානු දෙමළ-භාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන-නාට්‍ය චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ නාලන් කුමාරස්වාමි විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ සී. වී. කුමාර් විසින් තිරුකුමාරන් එන්ටර්ටේන්මන්ට් බැනරය යටතේ ය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ විජයි සේතුපති සහ මැඩෝනා සෙබස්ටියන් විසිනි.[2] 2010 කොරියානු චිත්‍රපටයක් වන මයි ඩියර් ඩෙස්පරේඩොහි නිල ප්‍රතිනිර්මාණයක් වන මෙය 2016 මාර්තු 11 දින මුදාහැරුණේ යහපත් විචාරයන් සමගිනි.[3][4] විවේක් ඔබරෝයි සහ නේහා ෂර්මා රඟන ජයන්තාභායි කි ලව් සිටෝරි (2013) හින්දි චිත්‍රපටයේ ද මීට සමාන කථාවක් ඇතුළත් ය.