කැපිටල් ස්කැන්ඩල් | |
---|---|
![]() කැපිටල් ස්කැන්ඩල් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Scandal in Old Seoul Scandal in the Capital Kyeongseong Scandal Modern Romance |
ප්‍රභේදය | ඓතිහාසික ප්‍රේම කථා සුඛාන්ත නාට්‍ය |
මත පදනම්ව | ලී සුන්-මිගේ Love Story in the Capital ඇසුරෙන් |
රචනය කලේ | ජින් සූ-වන් |
අධ්‍යක්ෂණය කලේ | හන් ජොන්-සෝ |
රඟපෑම | කං ජි-හ්වන් හන් ජි-මින් ර්යු ජින් හන් ගෝ-ඉයුන් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 16 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ජුං සුං-හ්යෝ ලී සුං-සොබ් |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියානු විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 6 ජුනි 2007 | – 2 අගෝස්තු 2007
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | Several Questions That Make Us Happy |
අනුගමනය වනුයේ | Sayuksin |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කැපිටල් ස්කැන්ඩල් (කොරියානු: 경성 스캔들; ප්‍රරෝ: ග්යොංසොං ස්‍යුකැන්ද්‍යුල්; සාහිත්‍යමය. "ග්යොංසොංහි අපවාදය") යනුවෙන් හැඳින්වෙන්නේ 2007 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ කං ජි-හ්වන්, හන් ජි-මින්, ර්යු ජින් සහ හන් ගෝ-ඉයුන් යන නළු නිළි පිරිස විසිනි. එරට KBS2 නාළිකාව ඔස්සේ විකාශය කෙරුණු මෙය 2007 ජූනි 6 දින සිට 2007 අගෝස්තු 2 දක්වා ධාවනය විය. එය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට විකාශය කරන ලද්දේ කථාංග 16කින් යුක්තව ය.
මෙම රූපවාහිනී කතාමාලාව සඳහා පාදක කොටගෙන ඇත්තේ ලී සුන්-මිගේ නවකථාවක් වන Love Story in the Capital (අගනුවර පෙම් කථාව)[1] නැමැති ග්‍රන්ථයයි. මෙම කතාමාලාව මගින් 1930 දශකයේ සෝල් නගරයේ යටත් විජිත පාලන සමයේ වික්‍රමාන්විත ජපන් විරෝධී ව්‍යාපාරය පසුබිමින් දිවෙන යොවුන් පෙම් කථාවක් නිරූපණය වේ. එකල සෝල් නුවර හැඳින්වුණේ "ග්යොංසොං" යන නාමයෙනි. (මේ නිසා මෙම කතාමාලාව ස්කැන්ඩල් ඉන් ඕල්ඩ් සෝල් යන නාමයෙන් ද හඳුන්වයි) මෙකල ජාතිකවාදී නිදහස් සටන්කරුවන් ජපන්-හිතවාදී දේශද්‍රෝහීන්ට විරුද්ධව සටන් වැදුණු යුගයක් විය. එසේම මෙම කතාමාලාව මගින් සම්ප්‍රදායික ජොසොන්-යුගයේ කොන්ෆියුසියානු අගයයන් ඝට්ටනය වන අයුරුත්, වඩාත් නූතනරූපී දිවියක් ගැඩගැසෙන අයුරුත් නිරූපිත ය. ශෝකය, හාස්‍යය සහ ප්‍රේමයේ සම්මිශ්‍රණයකින් යුක්තව මෙම කතාමාලාව මගින් කොරියානු ඉතිහාසයේ අඳුරුම යුගයන්ගෙන් එකක් නිරූපණය කරයි.
සුන්වූ වන් (කං ජි-හ්වන්) යනු අගනුවර වෙසෙන වඩාත් කුප්‍රකටම සල්ලායන්ගෙන් අයෙකි. ඕනෑම කාන්තාවක මිනිත්තු 10ක දී වරදට පොළඹවා ගැනීමට තමන්ට හැකි යැයි ඔහු පුරසාරම් පවසයි. මෙම කඩවසම්, ජේත්තුකාර සහ ධනවත් තරුණයා සිය රටේ ඉරණම කෙරෙහි කිසිසේත් වද නොවන්නෙකි. තමන්ට නා යෝ-ක්‍යුං (හන් ජි-මින්) හෙවත් "ජොමාජා" යන සුරතල් නාමයෙන් හැඳින්වෙන තරුණියව (ජොසොන් රාජවංශයේ අවසන් කාන්තාවයි) වරදට පොළඹවා ගත හැකි බවට ඔහු සිය මිතුරන් සමග ඔට්ටුවක් අල්ලයි. ඇය ප්‍රකට වී ඇත්තේ සිය පෙනුම පිළිබඳ සැලකිල්ලක් නොදක්වන සහ කාලානුරූපීව වෙනස් වීමට නොසිතන තැනැත්තියක ලෙසයි. පොත් වෙළඳසැලක් පවත්වාගෙන යන ඇය, දිළිඳු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කරන්නී ය. දැඩි අධිෂ්ඨානශීලී කාන්තාවක වන යෝ-ක්‍යුං සිය රට නුදුරු අනාගතයේ දී ජපානයෙන් නිදහස ලබාගනු ඇතැයි දැඩි විශ්වාසයකින් පසුවන්නී ය. පෙම්වතකු හමුවීම හෝ තමන්ට විවාහයක් සිදු කර ගැනීම පිළිබඳ ඇය සිතන්නේ සිය ස්වදේශික භූමිය නිදහස ලබාගැනීමෙන් පසු සිදුකළ යුතු බවකි.
මුලින් වන් සිය ඔට්ටුව එතරම් තදපල ලෙස නොගනියි. නමුත් අගනුවර සිදුවන සිදුවීම් දාමයත් සමග ඔහු තමන් යෝ-ක්‍යුං සමග ප්‍රේමයෙන් බැඳී ඇති බව වටහා ගනියි. ඇය ඔහුගේ නෙත් තමන් වටා සිදුවන සමාජ අසාධාරණයන් කෙරෙහි විවර කරවන්නී ය. ඇගේ මෙම උත්සාහයන් සමග ඔහු නිදහස් ව්‍යාපාර ක්‍රියාකාරිකයකු බවට පත්වේ. වන් පවසන්නේ "නිදහස සහ විප්ලවය සඳහා වඩාත් ශක්තිමත්ම සහ ක්‍රියාකාරීම උපාය මාර්ගය ආදරය බවයි."
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2007 | විශිෂ්ට සම්මානය, කෙටි කතාමාලාවක නළුවා | කං ජි-හ්වන් | දිනාගති | |
විශිෂ්ට ස්මමානය, කෙටි කතාමාලාවක නිළිය | හන් ජි-මින් | දිනාගති | ||
හන් ගෝ-ඉයුන් | නිර්දේශිත | |||
හොඳම සහාය නළුවා | කං නම්-ගිල් | නිර්දේශිත | ||
හොඳම සහාය නිළිය | හන් ගෝ-ඉයුන් | දිනාගති | ||
හොඳම යොවුන් නළුවා | චෝයි වූ-හ්‍යුක් | දිනාගති | ||
නෙටිසන් සම්මානය, නිළිය | හන් ජි-මින් | දිනාගති | ||
ජනප්‍රියතා සම්මානය, නළුවා | ජං ජි-හ්වන් | නිර්දේශිත | ||
ජනප්‍රියතා සම්මානය, නිළිය | හන් ජි-මින් | නිර්දේශිත | ||
හොඳම යුවළ සම්මානය | කං ජි-හ්වන් සහ හන් ජි-මින් | දිනාගති | ||
2008 | හොඳම නළුවා (රූපවාහිනී) | කං ජි-හ්වන් | නිර්දේශිත | |
හොඳම නිළිය (රූපවාහිනී) | හන් ජි-මින් | නිර්දේශිත | ||
හොඳම නවක අධ්‍යක්ෂක (රූපවාහිනී) | හන් ජූන්-සෝ | නිර්දේශිත | ||
රොකී සම්මානය | කැපිටල් ස්කැන්ඩල් | දිනාගති |