කින්ෂුක් මහාජාන් | |
---|---|
උපත | කින්ෂුක් මහාජාන් අප්‍රේල් 17, 1986 |
උගත් ශාස්ත්‍රාලය | චිත්‍රපට සහ රූපවාහිනී පිළිබඳ ආසියානු ඇකඩමිය |
රැකියාව | නළුවකු, නිරූපණ ශිල්පියකු |
සක්‍රීය වසර | 2007 - වර්තමානය |
කින්ෂුක් මහාජාන් යනු ඉන්දියානු සෝප් ඔපෙරාවන්හි පෙනීසිටින ඉන්දියානු නළුවකු සහ නිරූපණ ශිල්පියෙකි. ඔහු වඩාත්ම ප්‍රකට වූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ කතාමාලා වූ සප්නා බාබුල් කා...බිදායි, චන්ද් චුපා බදල් මේන්,[1][2] සහ සී ටීවී කතාමාලාවක් වූ අෆ්සර් බිටියා තුළ චරිත නිරූපණය හේතුවෙනි. තෙරේ ෂෙහර් මේන් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතවලින් එකක් සඳහා ද මහාජාන් දායක විය.
කින්ෂුක් මහාජාන්ගේ ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූයේ ඩිස්නි නාළිකාවේ ධූම් මචාඕ ධූම් නම් රූපවාහිනී කතාමාලාවයි. මෙහි ඔහු ආදිරාජ් නම් චරිතය නිරූපණය කළේ ය. වර්තමානය වන විට ඔහු සුප්‍රකට නාගින් කතාමාලාවේ දෙවන කථාවාරයේ රුද්‍ර නැමැති නාගයකුගේ චරිතයක් නිරූපණය කරනු ලබයි.
මහාජාන් අධ්‍යාපනය හදාළේ දිල්ලියේ දිල්ලි මහජන පාසලෙනි. අනතුරුව ඔහු සිය උසස් අධ්‍යාපනය නොයිඩාහි චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ ආසියානු ඇකඩමිය හෙවත් AAFT ආයතනය වෙතින් හැදෑරී ය.
කින්ෂුක් මහාජාන් ව්‍යාපාරිකයකුගේ දියණියක වූ දිව්‍යා ගුප්තා සමග විවාහ විය.
නව යොවුන් වියේ දී, මහාජාන් හින්දි චිත්‍රපටයක් වූ දිල්ලි හෙයිට්ස් තුළ චරිතයක් නිරූපණය කළේ ය. පසුව ඔහු ඩිස්නි නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ ධූම් මචාඕ ධූම් තුළ චරිත නිරූපණය කළේ ය. මෙහි දී ඔහු ආදිරාජ් නම් තරුණයකුගේ චරිතයක් රඟ දැක්වී ය. ඔහු බෝෂ් ඇන්ඩ් ලොම්බ් (Bausch & Lomb), FDDI වෙළඳ දැන්වීම් සඳහා නිරූපණයෙන් දායක වී ඇත. එසේම එයාර්ටෙල්, නොකියා, බ්‍රිතාන්‍ය කවුන්සිලය, පෙඩිග්‍රී සහ GNIIT මුද්‍රිත දැන්වීම් සඳහා ද දායක වී ඇත. මීට අමතරව ඔහු කාජ්ජල් වැනි කතාමාලා සඳහා ද සම්බන්ධ වී ඇත. එහි දී ඔහු විසින් නිරූපණය කළේ දේව් නැමැති චරිතයකි.
ඔහු ජනාදරයට පාත්‍ර වූයේ සප්නා බාබුල් කා...බිදායි කතාමාලාව තුළ ඔහු නිරූපණය කළ රන්වීර් රාජ්වංශ් නැමැති ප්‍රධාන චරිතය තුළිනි. 2010දී ඔහු චන්ද් චුපා බඩල් මේන් කතාමාලාව සමග සම්බන්ධ විය. මෙහි විරේන් සූඩ් නැමැති ප්‍රධාන චරිතය ඔහු විසින් නිරූපණය කරන ලදී. 2011දී ඔහු ස්ටාර් ප්ලස් නාළිකාවේ රියැලිටි වැඩසටහනක් වූ ජී ලේ යේ පල් වැඩසටහනට දායක විය. 2012දී අෆ්සර් බිටියා කතාමාලවට රංගන දායකත්වය සැපයූ ඔහු නිරූපණ කළේ පින්තු සිං නම් ප්‍රධාන චරිතයයි. මීට අමතරව 2013 වර්ෂයේ දී දකුණු ඉන්දියානු සිනමාවට ඔහු සිය දායකත්වය සැපයූයේ තෙලිඟු චිත්‍රපටයක චරිත නිරූපණය කරමිනි. එසේම කින්ෂුක් සෝනි ටීවී නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ Encounterහි කථාංග තුනක් සඳහා පොලිස් නිලධාරියකු ලෙසින් රංගන දායකත්වය සැපයී ය.
වර්ෂය | වැඩසටහන | නාළිකාව | චරිතය | සටහන් |
---|---|---|---|---|
2007 | ධූම් මචාඕ ධූම් | ඩිස්නි | ආදිරාජ් "අද්දි" ෂෙරාවත් | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
2007 | කාජ්ජල් | සෝනි ටීවී | දේවින්දර් "දේව්" [කථාංගය 191 - කථාංගය 252] (2007 සැප්තැම්බර් 10 – 2007 දෙසැම්බර් 20) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය (දේව්ගේ නැවත උපත) |
2008-2010 | සප්නා බාබුල් කා...බිදායි | ස්ටාර් ප්ලස් | රන්වීර් රාජ්වංශි [කථාංගය 70 - කථාංගය 648] (2008 පෙබරවාරි 6 – 2010 ජූලි 12) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
2009 | යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ | ස්ටාර් ප්ලස් | රන්වීර් | රූපවාහිනී කතාමාලාව - ආරාධිත |
2010-2011 | චන්ද් චුපා බඩාල් මේන් | ස්ටාර් ප්ලස් | විරේන් සූඩ් [කථාංගය 70 - කථාංගය 261] (2010 සැප්තැම්බර් 30 - 2011 ජූනි 17) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
2011-2012 | අෆ්සර් බිටියා | සී ටීවී | පින්තු සිං [කථාංගය 1 - කථාංගය 268] (2011 දෙසැම්බර් 19 – 2012 දෙසැම්බර් 28) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
2014 | එන්කවුන්ටර් | සෝනි ටීවී | ඉන්ස්පෙක්ටර් විනෝද් මොරේ [කථාංග 13 - කථාංගය 15] (2014 මැයි 9 – 2014 මැයි 11) | කථාංගික - ප්‍රධාන චරිතය |
2014-2015 | තුම් ඒසේ හි රෙහ්නා | සෝනි ටීවී | අභිමන්‍යු මහේෂ්වරී [කථාංගය 1 - කථාංගය 96] (2014 නොවැම්බර් 10 - 2015 අප්‍රේල් 9) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
2015 | තෙරේ ෂෙහෙර් මේන් | ස්ටාර් ප්ලස් | තිලක් | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන එදිරිවාදියා |
2016 | ප්‍යාර් ටියුන් ක්‍යා කියා වාරය 07 | සිං | කරන් [කථාංගය 6] (2016 මාර්තු 18) | කථාංගික - ප්‍රධාන චරිතය |
2016 | නාගින් (වාරය 2) | කලර්ස් ටීවී | රුද්‍ර (නාගයා) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
2017-2018 | භූතු | සී ටීවී | ආරව් රන්ධාවා | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |