සැවැත් නුවර ධනවත් සිටුවරයෙකුගේ භාර්යාව වු කිසාගෝතමීගේ පුවත බෞද්ධ සාහිත්‍යයේ සුප්‍රකට කථා පුවතකි. තමාගේ එකම දරුවා අහිමි වීමෙන් පසුව කිසා ගෝතමී බලාපොරොත්තු සුන්වු තත්ත්වයකට පත්වු අතර අන් අයගේ උදවු ඉල්ලා සිටියාය. ඇගේ වේදනාව ඉතා දරුණු වු බැවින් ඇය සිහිමද තත්වයකට පත්විය. යමෙක් ඇයට බුදුන් මුන ගැසෙන ලෙස දන්වා සිටියේය. බුදුරදුන් ඇයට පැවසුවේ කිසිවෙකු නොමැරුණු නිවසකින් අබ ඇට මිටක් රැගෙන එන ලෙසය. ඇගේ බලාපොරොත්තු සුන් කරමින් කිසිවෙකු නොමැරුණු ගෙදරක් සොයාගත නොහැකි විය. එමගින් ඇයට මරණයෙන් ගැලවීමක් නොමැති බව වැටහිණි. ඇය යලිත් බුදුරදුන් වෙතට පැමිණියේය. බුදුරදුන් ඇයව සන්සුන් කොට සත්‍ය අවබෝධ කර වන ලදී. ඇය ප්‍රකෘති තත්ත්වයට පත්ව අරහත් භාවයේ පළමු අධියරට පත්විය. අවසානයෙද් ඇය අරහත් තත්ත්වයට පත් වෙයි. පහත ධම්ම පද ගාථාව ඇගේ චරිතය හා සම්බන්ධ වෙයි.
යො ච වස්සතං ඡීව |
යමෙක් වසර 100 යක් වුවත් |
ගෝතමී සුත්‍රයේදී කිසා ගෝතමී භික්ෂුණිය පවසන පරිදි
අතීතයේදී මාගේ පුතුගේ මරණය අත්විදින්නට සිදුවිණ. එය මිනිසුන් පිළිබද සේවීමේ අවසානය විය මම පසු තැවිලි නොවෙමි. නොවැළපෙමි. සියල්ල විනාශ වී ඇත. මම විමුක්ති ලබා සිටිමු. අවිද්‍යාවේ අන්දකාරය පහව ගොස් ඇත. මාර සේනාව පරාජය කළේය. බැඳීම් වලින් තොරව මම වැජඹෙමි.
මෙම කථාන්තරය ජීවත් වන්නන් අතලොස්සකි. මළමිනිසුන් බහුතරයකි යන්න ආප්ත පදයක හේතු විය.