පිහිටීම | කුරුණෑගල, ශ්‍රී ලංකාව |
---|---|
අවසන් කළ දිනය | ක්‍රි.ව. 1922 |
කැප කරන ලද්දේ | ක්‍රි.ව. 1914-1918 I වන ලෝක යුද්ධයේදී එක්පත් රාජධානිය වෙනුවෙන් සටන්වැද මියගිය වයඹ පළාතේ භටයින් ඉංග්‍රීසි ජාතික භටයින් 07 දෙනෙකු සිහිකිරීමට (යුද ස්මාරකයකි)[1] දෙවන ලෝක යුද්ධයේදී මියගිය භටයින් සිහිකිරීමට (1945)[2] |
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන කුරූණෑගල ඔරලෝසු කණුව එරට ඇති පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.
සම්පූර්ණයෙන් වාගේ සිමෙන්ති හා කළු ගලින් නිර්මාණය කොට තිබෙන මෙම ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාර ස්වරූපයක් ගෙන තිබෙයි.
එහි පහළ, සිව් දිශා වෙතට ඉදිකරන ලද දොරටු හතරක් වන අතර, ඉන් තුනකම ඔරලෝසු කණුව පිහිටුවීමේ අභිප්‍රාය හා ලෝක යුද්ධයෙන් මියගිය භටයින්ගේ නම් දැක්වෙන සටහන් දැක්වීමට යොදා ගෙන තිබෙයි. කුණුවෙහි ඉහලින් සිව් දිශාවන්හී 1922 වර්ෂය සටහන් කොට තිබෙයි.
ඔරලෝසු කණුවහි ඇතුළත, එහි ඉහළට නැඟීම වෙනුවෙන් ඉදිකරන ලද පඩිපෙළක් වන අතර, ඉන් පඩි 4ක් කොන්ක්‍රීට් වලින්ද, ඉතිරි පඩි 29ක් ලී වලින්ද සාදා ඇත.[3]
ක්‍රි.ව. 1914-1918 I වන ලෝක යුද්ධයේදී එක්සත් රාජධානිය වෙනුවෙන් සටන්වැද මියගිය වයඹ පළාතේ භටයින් සහ ඉංග්‍රීසි ජාතික භටයින් 07 දෙනෙකු සිහිකිරීම වෙනුවෙන් ඉදිකරන ලද්දකි. ඔරලෝසු කණුවෙහි ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් කොට තිබෙන වගන්තිය, ඒ බැව් සනාථ කරයි. (පහත දක්වා ඇති)
ක්‍රි.ව. 1914 - 1918 මහ යුද්ධයේදී අධිරාජ්‍ය උදෙසා වයඹ පළාත වෙනුවෙන් ගොස් ජීවිත දානය කළ වීර පුරුෂයන් සිහිවීම පිණිසයි.
පළමු ලෝක යුද්ධයේදී මියගිය භටයින් 11 දෙනෙකුගේ (ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු) නම් සඳහන් වන සටහනක් සහ දෙවන ලෝක යුද්ධයේදී මියගිය ඉංග්‍රීසි ජාතික භටයින් 07 දෙනෙකුගේ නම් දැක්වෙන සටහනක්ද මෙහි පවතී.
කුරූණෑගල ඔරලෝසු කණුව, කොළඹ නගරයේ ඉදිකොට තිබෙන යුද ස්මාරකයටත් වඩා පැරණි ස්මාරකයක් ලෙස හැඳින්වෙයි. එසේම යුධ ස්මාරකයක සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම පාඨ දැක්වෙන එකම අවස්ථාව ලෙසද මෙය සඳහන් වෙයි. (නමුත් කොළඹ යුද ස්මාරකයේ සිංහල හා දෙමළ වචන දෙකක් ඇති බව සඳහන්ය).[4]
{{cite web}}
: Check date values in: |date=
(help)
{{cite web}}
: Check date values in: |date=
(help)