கொழும்பு கோட்டை மற்றும் கடிகாரங்கள் போஸ்ட் | |
![]() | |
පිහිටීම | කොටුව, කොළඹ, ශ්‍රී ලංකාව |
---|---|
අමුද්‍රව්‍යය | ගඩොල් |
උස | මීටර 29 |
අවසන් කළ දිනය | 1860 |
කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඔරලෝසු සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. ප්‍රදීපාගාරයක් වූවත් එය වර්ථමානය වන විට අක්‍රීය කොට තිබෙන අතර, ඒ වෙනුවට එය ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. කණුව, කොළඹ කොටුවේ චැතම් වීදිය හා ජනාධිපති මාවත අසල හන්දියෙහි පිහිටුවා ඇත.[1]
මෙම ප්‍රදීපාගාර ලාම්පුව සහිත ඔරලෝසු කණුව, ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්‍රදීපාගාරය ලෙසද සැලකේ. එසේම කොළඹ සිට පිට පළාත්වලට ප්‍රධාන මාර්ගවල දුර මනිනු ලබන්නේද මෙහි සිට බැව් සඳහන්ය. [2]
1860 වසරේදී මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසා මෙම කුළුණ ඉදිකලත්, පසුව 1865 වසරේදී ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කල බව පැවසෙයි. 1913 වසරේදී මෙහි වූ මුල් ඔරලෝසුව ප්‍රතිස්ථාපනය කරන ලදී.
පසුකාලීනව කණුව අවට ඉදිකරන ලද උස් ගොඩනැගිලි හේතුවෙන්, ප්‍රදීපාගාර ආලෝකයට බාධා පැමිණීම නිසා, 1952 වර්ෂයේදී කණුවෙහි වූ ප්‍රදීපාගාර ලාම්පුව භාවිතා කිරීම නවත්වා දමන ලදී. ඒ වෙනුවට නව ප්‍රදීපාගාරයක් කොළඹ, ගල්බොක්ක ස්ථානයේ පිහිටුවන ලදී.
{{cite web}}
: Check date values in: |accessdate=
(help)