මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය Colombo International Financial City கொழும்பு சர்வதேச நிதி நகரம் | |
---|---|
ඉදිකිරීම්හී මුල් අවධිය (2015) | |
රට | ශ්‍රී ලංකාව |
නගරය | කොළඹ |
සරිය | |
• මුළු | 2.33 කිමී2 (0.90 සතරැස් සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+05:30) |
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු (පැරණි නාමය කොළඹ වරාය නගරය) ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ට්යාර 269 ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව වරාය නගරයකි. මුහුද ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුල ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ.
කොළඹ දකුණු වරායේ ඉදිකිරීම් නිරික්ෂණයට පැමිණි අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඇතිවූ අදහසකට අනූව මෙම නව වරාය නගරයේ මූලික සංකල්පය බිහිවූ බව කියැවෙයි.[1] කෙසේනමුදු 1998 වසරේදී සිංගප්පූරුවේ CESMA විසින් මීට සමාන යමක් ඉදිරිපත් කොට තිබූ අතර 2004 වසරේදී එම සංකල්පය බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැළැස්ම යටතේ එම ස්ථානයේම කුඩා සහ ආරක්ෂිත මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතියක් ලෙස අමාත්‍ය පාඨලී චම්පික මහතා විසින් ගෙන එන ලදී.චීන ආධාර යටතේ මෙය ඉදිවෙමින් පවතින අතර භූමියෙහි ගොඩකිරීම් කටයුතු දැනට අවසන්ව පවතී.වර්තමානයේ ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භ කිරීමට යෝජනාවී ඇති අතර රුක් රෝපණ කටයුතු පර්යේෂණ මට්ටමේ පවතී.වර්ෂ 2024දී ප්‍රථම අදියර නිමකිරීමට අපේක්ෂා කෙරේ.[2][3]
නව කොළඹ දකුණු වරායේ දක්ෂිණ මායිම සහ කොටුව ප්‍රදීපාගාරය අතර කලාපයේ මෙම නව වරාය නගරය ඉදිකිරීමට අපේක්ෂිත වේ. ගොඩකිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය හෙක්ට්යාර 269 කි [4]
ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන මෙම නව වරාය නගරයේ පලමු අදියරේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 17 වන දිනදී ආරම්භ කෙරුණි.[5]
වරාය නගරයේ ව්‍යාපෘති සැලසුම චීන මහජන සමූහාණ්ඩුවේ සීමාසහිත චයිනා කොමියුනිකේෂන් ක්‍රන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඉදිරිපත් කොට තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් සිදු කරයි. ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජනය වෙනුවෙන් වූ බදු සහන ලබාදීම සිදුකෙරේ. අදියර දෙකක් යටතේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙයි.[6]
වරාය නගරයේ පළමු අදියර යටතේ දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් හෙක්ටයාර් 75ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් සිදු කරයි. පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මාස 39 ක් තුල අවසන් කිරීමට නියමිතය.[7]
දෙවන අදියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්ටයාර් 95ක ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපේක්ෂාව වී තිබේ. මෙම සමස්ථ ව්‍යාපෘතිය වසර අටකින් නිමා කිරීම සැලසුම කොට ඇත.
කොළඹ වරාය නගරය, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පත්වීමට පෙරාතුව අළුතින් ගොඩකරනු ලබන භූමියෙන් හෙක්ටයාර් 125ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයටද, ඉතිරි හෙක්ටයාර් 108ක ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබිණි. ඉන් හෙක්ටයාර් 88ක් වසර 99ක බදු පදනම මතද, ඉතිරි හෙක්ටයාර් 20 ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීම සඳහා ලබා දීමට නියමිත විය.
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)