කෝල්වි ලෙන් | |
![]() කෝල්වි ලෙන් | |
ඛණ්ඩාංක | 24°00′43″N 75°50′53″E / 24.0118137°N 75.8480568°Eඛණ්ඩාංක: 24°00′43″N 75°50′53″E / 24.0118137°N 75.8480568°E |
---|---|
මාදිලිය | බෞද්ධ ලෙන් |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
කෝල්වි ලෙන් හෙවත් ඛෝල්වේ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ කෝල්වි ගම්මානයේ ය. මෙම ලෙන් කැන ඇත්තේ ලැටරයිට් පාෂාණයෙහි ය. මෙම බෞද්ධ අඩවියෙහි ස්තූප, චෛත්‍ය ශාලා සහ බුද්ධ ප්‍රතිමා දක්නට ලැබේ. වාස්තු විද්‍යාත්මක ලක්ෂණනුව මෙම ප්‍රදේශයේ ප්‍රමුඛව හීනයාන නිකාය ව්‍යාප්ත වී පැවති බව පෙනේ. මෙම ලෙන් තුළ ධ්‍යානී සහ හිටි බුද්ධ ප්‍රතිමා දක්නට ලැබේ.[1][2] කෝල්වා ගම්මානය අවටින් මෙවැනි තවත් ලෙන් හමුවී ඇති අතර, එය ප්‍රදේශයේ පැවති අතීත සමෘද්ධිමත් බෞද්ධ ශිෂ්ටාචාරයක තතු කියපායි.[3]
ස්වාභාවික දේශගුණික බලපෑම් හේතුවෙන් උතුරු සහ නැගෙනහිරට වන්නට පිහිටි ලෙන්වලට දැඩි හානි සිදුවී ඇත. නමුත් එහි ශේෂයන් වාස්තු විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත ය.[1] මෙම සමූහයේ ලෙන් 50ක් ඇති අතර, ඛාදනය නිසා බොහෝ ලෙන්වල කැටයම් හඳුනාගත නොහැකි වී ඇත. වර්තමානයේ මෙම ලෙන්වල මිනිසුන් වාසය නොකරයි.[4] ලෙන් කිහිපයක විවෘත හෝ කුළුණු සහිත බරාඳයක් දක්නට ලැබේ.[5]
Fergusson, James; Burgess, James (6 May 2013). The cave temples of India. Cambridge: Cambridge University Press. pp. 395–399. ISBN 978-1108055529.