ද්‍රවිඩ ගෘහ නිර්මාණ සම්ප්‍රදායානුකූලව ඉදිකල හින්දු දේවාල කෝවිල් නම්වේ.
කෝවිල් යනු මෙළ භාෂාවේ கொயில் යන වදනින් බිඳී ආවකි.கொ යනු දෙවියන් හඟවන වදනක් වන අතර யில் යනු නිවස වාසස්ථානය යන අරුත ගෙන දෙයි.ඒ අනුව கொயில் යනු දෙවියන්ගේ වාසස්ථානය යන අරුත ගෙනදෙයි.දෙමළ භාෂාවේ එන கொயில் යන වදනට සමාන අරුත් දෙන වචන ලෙස ආලයම් දේවස්ථානම් වැනි වචන දැක්විය හැක.ඒ අනුව දෙමළ භාෂාවෙන් සිංහල බසට තත්භව වූ වචනයක් ලෙස කෝවිල් යන වචනය දැක්විය හැක.
සෑම කෝවිලකක්ම එකම අකෘතියකට අනුව නිර්මාණයවී ඇතිබව දක්නට ලැබේ.කෙසේ වෙතත් විවිධ ලෝවිල් අතර සුළු වශයෙන් දැකියහැකි වෙනස්කම්ද දක්නට ලැබේ.
කෝපුරම් (கொபுரம்) යනුවෙන් හදුන්වනු ලබන්නේ කෝවිලක දත්නට ලැබෙන ප්‍රධානතම අංගයකි.මෙය කෝවිලේ ඇති උසම නිර්මානයයි.මෙම කොපුරම් විවිධ කැටයම්වලින් අලංකාර කර ඇත.දුර සිට කෝවිල දෙස බලන පුද්ගලයෙකුට මුලින්ම දක්නට ලැබෙන්නේ කෝබුරම්ය.එබැවින් කොවිලට යාමන නොහැකි බැතිමතෙකුට උවද කොපුරම් දෙස බලා වන්දනාමාන කර හැකිය.කොවිලක ප්‍රධාන දොරටුවට ඉහලින් කෝපුරම් පිහිටා ඇත.සමාන්‍යයෙන් කොපුරම් නැගෙනහිර දිසාවට මුහුණලා පිහිටුවනු ලබයි.කොවිලට පැමිනෙන බැතිමතුන් මුලින්ම කොබුරම් දෙසබලා නමස්කාර කිරීම සිදුකරයි.