ගජබා රෙජිමේන්තුව | |
---|---|
Gajaba Regiment | |
ඇරඹුනේ | 1983 ඔක්තෝබර් 14 |
රට | ශ්‍රී ලංකාව |
අංශය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
සේනාව/මූලය | සාලියපුර හමුදා කදවුර, අනුරාධපුරය |
ආදර්ශ පාඨය | "සමගිය ශක්තියයි" |
Anniversaries | ඔක්තෝබර් 14 |
ගැටුම් | ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය |
ආඥාපතිවරු | |
Colonel of the Regiment | ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා |
සංගන්‍ය ආඥාපතිවරු | මේජර් ජෙනරාල් විජය විමලරත්න |
ගජබා රෙජිමේන්තුව යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල රෙජිමේන්තුවකි . 1 වන රජරට රයිෆල්ස් බලඇණිය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණිය 1983 දී ඒකාබද්ධ කරන විට පිහිටුවන ලදී. එය නිත්‍ය බලඇණි හයකින් සහ ස්වේච්ඡා බලඇණි පහකින් සමන්විත වේ. ප්‍රධාන කාර්යාලය , සාලියපුර හමුදා කදවුර, අනුරාධපුර යන ස්ථානයෙහි පිහිටා තිබේ. එය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ රණශූරයෙකු වන පළමු වන ගජබාහු රජුගේ නමිනි.
රෙජිමේන්තුවේ 1 වන බලඇණිය 1983 ඔක්තෝබර් 14 වන දින සාලියාපුර කඳවුරේ ලුතිනන් කර්නල් (පසුව මේජර් ජෙනරාල්) විජය විමලරත්නගේ අණ යටතේ රජරට රයිෆල්ස් සහ විජයබාහු පාබල රෙජිමේන්තුව ඒකාබද්ධ කිරීමත් සමඟ පිහිටුවන ලදී. ගජබා රෙජිමේන්තුවේ නිළ ලාංඡනය පලිහක්, කෙටේරි (සටන අක්ෂ) දෙකක් සහ උඩරට වෙඩි බෙහෙත් මංජුසාවකින් සමන්විත වේ. ශ්‍රී ලංකා සිවිල් යුද්ධය හේතුවෙන් රෙජිමේන්තුව වේගයෙන් ව්‍යාප්ත වූ අතර එම කාලය තුළ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ පිරිස් 3,500 ක් මරුමුවට පත්විය.[1]
2007 ජනවාරි 11 වන දින රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ ප්රදානය කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. 2008 දී හයිටියේ එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුමට සහභාගී වීම සඳහා රෙජිමේන්තුවේ භට පිරිසක් ද යවන ලදි.
පූර්වප්‍රාප්තිකයා Gemunu Watch |
Order of Precedence | අනුප්‍රාප්තික Vijayabahu Infantry Regiment |