ගාමිණී ජයවික්‍රම පෙරේරා

ගාමිණී ජයවික්‍රම පෙරේරා
Gamini Jayawickrama Perera
බුද්ධ ශාසන අමාත්‍ය
In office
20 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාඋදය ගම්මන්පිල
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ[N 1]
In office
25 අගෝස්තු 2017 – 26 ඔක්තෝම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාවිජයදාස රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාඋදය ගම්මන්පිල[N 2]
වයඹ සංවර්ධන අමාත්‍ය
In office
20 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාඑස්. බී. නාවින්න[N 3]
අනුප්‍රාප්තිකයාතනතුර පුරප්පාඩු වී ඇත
තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය
In office
4 සැප්තැම්බර් 2015 – 25 පෙබරවාරි 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාගාමිණී විජිත් විජිතමුණි සොයිසා[N 4]
අනුප්‍රාප්තිකයාසරත් ෆොන්සේකා[N 5]
ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
In office
12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාපී. දයාරත්න[N 6]
අනුප්‍රාප්තිකයාචමල් රාජපක්ෂ[N 7][N 8]
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය
In office
12 දෙසැම්බර් 2001 – 4 නොවැම්බර් 2003
ජනාධිපතිවරයාචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාසරත් අමුණුගම[N 9]
අනුප්‍රාප්තිකයාෆෙරියල් අෂ්රොෆ්[N 10]
1 වන වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍ය
In office
4 මැයි 1988 – 19 ඔක්තෝම්බර් 1993
ආණ්ඩුකාරඩී.බී. විජේතුංග
මොන්ටෙගූ ජයවික්‍රම
පූර්වප්‍රාප්තිකයාතනතුර ස්ථාපිත කර ඇත
අනුප්‍රාප්තිකයාජී. එම්. ප්‍රේමචන්ද්‍ර
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
25 අගෝස්තු 1994 – 3 මාර්තු 2020
කටුගම්පොල සඳහා ජාතික රාජ්‍ය සභා මන්ත්‍රී
In office
22 ජූලි 1977 – 8 මාර්තු 1989
පූර්වප්‍රාප්තිකයාටිකිරි බණ්ඩා සුබසිංහ
අනුප්‍රාප්තිකයා මැතිවරණ කොට්ඨාශය අහෝසියි
වයඹ පළාත් සභා මන්ත්‍රී
In office
4 මැයි 1988 – 19 ඔක්තෝම්බර් 1993
ඡන්ද කොට්ඨාසයකුරුණෑගල දිස්ත්‍රික්කය
Personal details
උපත
මල්ලවාරච්චිගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා

29 ජනවාරි 1941(1941-01-29)
කුරුණෑගල, බ්‍රිතාන්‍ය ලංකාව
විපත17 පෙබරවාරි 2024
(වයස 83)
කුරුනෑගල, ශ්‍රී ලංකාව[1]
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාරෝහිණී පෙරේරා
ළමයි2
ඥාතීන්ලින්කන් පෙරේරා (සහෝදරයා)
Alma materකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනඥ
වෘත්තියඉඩම් හිමි වැවිලිකරු

මල්ලවාරච්චිගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා[2] (Gamini Jayawickrama Perera, 29 ජනවාරි 1941 – 17 පෙබරවාරි 2024), සාමාන්‍ය වශයෙන් ගාමිණි ජයවික්‍රම පෙරේරා ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් විය. 1994 සිට 2020 දක්වා කාලසීමාව තුළ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන අතර 1977 සිට 1989 දක්වා කටුගම්පොල ආසනය සඳහා එම පක්ෂයම නියෝජනය කරමින් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයෙක් විය.[3] ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන අමාත්‍ය, වයඹ සංවර්ධන අමාත්‍ය, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය සහ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ රජයන්හි කැබිනට් තනතුරු රැසක් දැරීය.[4] ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කෙටි කලකට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වී වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු බවට පත්වී තිබුණි.[5] ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 2016 අප්‍රේල් මාසයේදී ආසියා සහ ශාන්තිකාර (පැසිෆික්) කලාපය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ සභාපතිවරයා ලෙස තේරී පත්වෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ආවේය. [6] එසේම, ඔහු කාලයක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරය දැරීය.[1]

මුල් දිවිය

[සංස්කරණය]

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1941 ජනවාරි 9 වන දින වයඹ පළාතේ කුරුණෑගල ප්‍රදේශයේදී උපත ලැබීය.[1][6] ඔහු විශාල පවුලකින් පැවත එන අතර ඔහුගේ සහෝදරයෙකු වූයේ ලින්කන් පෙරේරා වන අතර ඔහු පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කළේය.[7] ඔහු ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි.[8]

ක්‍රිකට් ලෝලියෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කර අතර එම කණ්ඩායමේ නායකයා බවට පත්විය.[9][10] 1960 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඩා කර අතර එම පිලේ නායකත්වය දැරීය.[11]

දේශපාලන දිවිය

[සංස්කරණය]

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දේශපාලනයට පිවිසෙන්නේ 1968 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස පළාත් පාලන දේශපාලනයට සම්බන්ධ වීමත් සමඟයි.[1][3] 1973දී ජාතික දේශපාලන වේදිකාවට ඔහුව කැඳවූ පක්‍ෂ නායක එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ අවධානයට ලක් වූ ඔහු ඉතා ඉක්මනින් පක්‍ෂයේ නිලයන් හරහා ඉහළට ගියේය.[6] 1977 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත අතර ඔහු කටුගම්පොළ මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් සිය ප්‍රථම පාර්ලිමේන්තු අසුන ලබා ගත්තේය.[12] ඉන් අනතුරුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1982 දී සිය අමාත්‍ය මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් අමාත්‍ය ධුරයට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාව පත් කර තිබුණි.[13]

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම පැමිණීම සහ ශ්‍රී ලංකාවේ පළාත් සභා පිහිටුවීමත් සමඟ පෙරේරා කෙටි කලකට පාර්ලිමේන්තුවෙන් ඉවත් විය. 1988 දී ඔහු වයඹ පළාතේ පළාත් සභා මැතිවරණයට තරඟ කර ජයග්‍රහණය කළ අතර එමඟින් වයඹ පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පෙරේරා පත් කිරීමට සමත් විය.[3][6]

1994 මහ මැතිවරණයෙන් ජාතික දේශපාලන වේදිකාවට නැවත පැමිණි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළේය.[14] 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේදී වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය හැරුණු විට පාර්ලිමේන්තුවේ ඔහුගේ ධූර කාලය පුරාවටම ඔහු සිටියේ විපක්ෂයේ ආසනවලය. 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේදී වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය හැරුණු විට පාර්ලිමේන්තුවේ ඔහුගේ ධූර කාලය පුරාවටම ඔහු සිටියේ විපක්ෂයේ ආසනවලය.[15] ඔහුගේ දේශපාලන දිවිය 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයක් පිහිටුවීමත් සමඟ වෙනසක් අත්විඳින්නට විය.[2] මේ පාලන සමයේදී ගාමණී ජයවික්‍රම පෙරේරා මහතා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය, බුද්ධ ශාසන අමාත්‍ය ඇතුළු විවිධ අමාත්‍ය ධූර භාර ගත්තේය.[6]

2018 වසරේ ඇති වූ ව්‍යවස්ථා අර්බුදයකින් පසුව, බලයේ සිටි රජයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කෙටිකාලීන සිරිසේන-රාජපක්ෂ ප්‍රමුඛ රජය යටතේ එම තනතුරුවලින් ඉවත් කරන ලැබුණි.[16] කෙසේ වෙතත්, පසුව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ඔවුන් නැවත බලයට පත් කිරීමට හේතු විය.[17] ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස යළි වැඩ ආරම්භ කළ අතර ඊට අමතරව වයඹ සංවර්ධන අමාත්‍ය ධුරයද ඔහුට පැවරිණි.[6] කෙසේ වෙතත්, 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් පිහිටුවීමෙන් පසු, ඔහු රජයේ වගකීම්වලින් ඉවත් වීමට තීරණය කළ අතර 2020 මැතිවරණයට ඉදිරිපත් නොවී සිටීමට තීරණය කළේය.[18]

මතභේදයට ලක්වීම්

[සංස්කරණය]

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන අමාත්‍යවරයා සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් දූෂණ, වංචා සහ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඔහු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.[19]

2021 දී ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කළේය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එවකට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය සමඟ ගනුදෙනුවක් කිරීමට වික්‍රමසිංහ උත්සාහ කරන බවට චෝදනා කළේය. ඒ අතර, 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ දරුණු පරාජය පිළිබඳවද ඔහු සිය කණගාටුව පළ කළේය.[20][21]

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රෝහිණී පෙරේරා සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔහුගේ එක් දරුවෙකු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ අසංග ජයවික්‍රම පෙරේරා විය. ඔහු බෞද්ධයෙක් විය.[5][22]

2024 පෙබරවාරි මස 17 වන දින, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වයස අවුරුදු 83 දී කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 83වැනි විය පසු වූ අතර ඔහු කලක සිට දැඩි ලෙස රෝගාතුරව සිටියේය.[5]

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු 2024 පෙබරවාරි 20 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ පන්නල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කෙරිණි.[23]

සටහන්

[සංස්කරණය]
  1. ^ බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස
  2. ^ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි
  3. ^ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසයි
  4. ^ වනජීවී සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසයි
  5. ^ තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි
  6. ^ ආහාර හා පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ලෙසයි
  7. ^ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා ලෙසයි
  8. ^ 2015 අගෝස්තු 17 සිට 2019 නොවැම්බර් 22 දක්වා තනතුර පුරප්පාඩු වී ඇත.
  9. ^ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි
  10. ^ නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත, නැගෙනහිර පළාත් අධ්‍යාපන හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d "ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 17 පෙබරවාරි 2024. 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  2. ^ a b අබයසිංහ, ශිරෝමි; විමලවීර, නිරූෂි (13 ජනවාරි 2015). "නව රජයේ ඇමැති මණ්ඩලය". දිනමිණ. 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  3. ^ a b c "ගාමිණී ජයවික්‍රම පෙරේරා". හිටපු මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 24 මාර්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  4. ^ "හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි". දිනමිණ. 17 පෙබරවාරි 2024. 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  5. ^ a b c ප්‍රේමසර ඈපාසිංහ (15 ඔක්තෝම්බර් 2013). "ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා දේශපාලනඥයෙකු බවට පත්වුණි". ඩේලි නිවුස් පුවත්පත (ඉංග්‍රීසි බසින්). 25 ජූලි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  6. ^ a b c d e f චාමිකර වීරසිංහ (17 පෙබරවාරි 2024). "ගාමිණී ජයවික්‍රම පෙරේරාට ජාතියෙන් සමුගනී". සන්ඩේ ඔබ්සවර් පුවත්පත (ඉංග්‍රීසි බසින්). 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  7. ^ ප්‍රේමසර ඈපාසිංහ (11 අගෝස්තු 2010). "නාලන්දා විද්‍යාලයේ හිටපු නායක ලින්කන් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි". ඩේලි නිවුස් පුවත්පත (ඉංග්‍රීසි බසින්). 2 දෙසැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  8. ^ "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ ආදී නාලන්දියන් පිරිසට උපහාර පිදීම". ඩේලි නිවුස් පුවත්පත (ඉංග්‍රීසි බසින්). 27 මාර්තු 2002. 2 අප්‍රේල් 2002 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2024.
  9. ^ මංජුල ප්‍රනාන්දු (2020). "28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය". ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය (ඉංග්‍රීසි බසින්). 20 නොවැම්බර් 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  10. ^ ප්‍රේමසර ඈපාසිංහ (5 සැප්තැම්බර් 2005). "සුපිරි ක්‍රීඩක ලෙස්ලි නාරංගොඩ". ඩේලි නිවුස් පුවත්පත (ඉංග්‍රීසි බසින්). 4 ජූනි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  11. ^ මංජුල ප්‍රනාන්දු (2020). "31 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය". ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය (ඉංග්‍රීසි බසින්). 20 නොවැම්බර් 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  12. ^ "1977 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 17 ජූලි 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  13. ^ "ශ්‍රී ලංකා වාර්ෂික පොත, 1982 වසරය" (PDF) (ඉංග්‍රීසි බසින්). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 1982. pp. 12–14. 4 අප්‍රේල් 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  14. ^ "1994 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 6 ඔක්තෝම්බර් 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  15. ^ "නව අමාත්‍යවරුන්". ඩේලි නිවුස් පුවත්පත (ඉංග්‍රීසි බසින්). 13 දෙසැම්බර් 2001. 2 පෙබරවාරි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  16. ^ "ශ්‍රී ලංකා අර්බුදය: බල අර්බුදයක ලේ විලක් ඇති වී ගැන බියක්". බී.බී.සී. පුවත් සේවය. 29 ඔක්තෝම්බර් 2018. 30 ඔක්තෝම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  17. ^ අබි-හබීබ්, මරියා; බැස්ටියන්ස්, ධාරිෂා (16 දෙසැම්බර් 2018). "ශ්‍රී ලංකාවේ නොපිළිගත් අගමැති ධුරයෙන් ඉවත් වෙයි". ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත. 15 දෙසැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  18. ^ අනුෂා ඔන්ඩාට්ජී (20 නොවැම්බර් 2019). "ජනාධිපතිවරණ පරාජයෙන් පසු ශ්‍රී ලංකා අගමැති ඉල්ලා අස්වෙයි". බීඑන්එන් බ්ලූම්බර්ග් පුවත් වෙබ් අඩවිය. 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  19. ^ "ජයවික්‍රම පෙරේරාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වෙයි". අද දෙරණ (ඉංග්‍රීසි බසින්). 13 අගෝස්තු 2019. 13 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  20. ^ "අසාර්ථක ආණ්ඩුව එක්ක රනිල් 'ඞීල්' දාලා වැඩක් නෑ… ආණ්ඩුව වගේම විපක්‍ෂයත් අසමත්". දිවයින පුවත්පත. 17 ජූලි 2021. 15 අගෝස්තු 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  21. ^ කතෘ මණ්ඩලය (7 අගෝස්තු 2020). "හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි". ලංකාදීප පුවත්පත. 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  22. ^ "77 එකටම මැති සබයට ආ මිතුරා බලන්න ජනපති ගිහින්". දිවයින පුවත්පත. 12 පෙබරවාරි 2024. 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
  23. ^ අබයසිංහ, ශිරෝමි (19 පෙබරවාරි 2024). "ගාමිණී ජයවික්‍රම අවසන් කටයුතු හෙට පන්නලදී". දිනමිණ. 20 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2024.