ගෞරව් චොප්රා | |
---|---|
![]() ගෞරව් 2017 වෝග් බියුටි අවෝර්ඩ්ස්හි දී | |
උපත | |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 2004–වර්තමානය |
ගෞරව් චොප්රා යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි.[1] ඔහු බිග් බොස් 10වන වාරයේ තරගකරුවෙකි.
2003දී, චොප්රා දෙමළ චිත්‍රපටයක් වූ ඕට්ට්‍ර්න්හි පෙනී සිටි අතර 2004දී ස්ටාර් ප්ලස් නාළිකාවේ කර්ම රූපවාහිනී කතාමාලාවේ ද පෙනී සිටියේ ය. 2006දී, ඔහු රියැලිටි නර්තන වැඩසටහනක් වූ නච් බලියේ 2 සඳහා තරගකරුවකු ලෙස ඉදිරිපත් විය. 2008දී ඔහු තවත් නර්තන වැඩසටහනක් වූ සාරා නච්කේ දිඛාහි ප්‍රථම වාරයට ඉදිරිපත් විය. 2006දී ඔහු බ්ලඩ් ඩයමන්ඩ් නම් හොලිවුඩ් චිත්‍රපටයේ චරිත නිරූපණය කළ අතර ඒසා දේස් හේ මේරාහි සමේ ඛුරානාගේ චරිතය නිරූපණය කළේ ය.
ඔහු කලර්ස් ටීවී නාළිකාවේ සෝප් ඔපෙරාවක් වූ උත්තරන්හි රඝුවේන්ද්‍ර ප්‍රතාප් රථෝර්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ඔහු 2012 කලර්ස් රන් පත් සම්මාන් උළෙලේ දී වඩාත් දම්දාර් පෞරුෂත්වයට හිමි සම්මානය හිමි කරගත්තේ ය. 2013 අප්‍රේල් මස මුදාහැරුණු රංග්ධාරී චිත්‍රපටයට ද ඔහු සම්බන්ධ විය.
2016දී ඔහු බිග් බොස්හි 10වන වාරයට සහභාගී විය.