චන්ද්‍ර නන්දිනි | |
---|---|
![]() නිල පෝස්ටරයක් | |
ප්‍රභේදය | නාට්‍ය |
තැනුවේ | ඒක්තා කපූර් ශෝභා කපූර් |
මත පදනම්ව | චන්ද්‍රගුප්ත මෞර්ය |
රචනය කලේ | ආර්. එම්. ජෝෂි නේහා සිං |
අධ්‍යක්ෂණය කලේ | රංජන් කුමාර් සිං |
රඟපෑම | රජත් තෝකාස් ශ්වේතා බාසු ප්‍රසාද් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 286 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | බාලාජි ටෙලිෆිල්ම්ස් |
ස්ථානය(න්) | මුම්බායි, ඉන්දියාව |
කැමරා සැලැස්ම | තනි-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
බෙදාහරින්නා | ටර්නර් විකාශන පද්ධතිය |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 10 ඔක්තෝබර් 2016 – 10 නොවැම්බර් 2017 |
චන්ද්‍ර නන්දිනි යනු හින්දි ප්‍රබන්ධ නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය ඇරඹියේ 2016 ඔක්තෝබර් 10 දින සිට ප.ව. 8:30ට ය.[1] මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් සහ ශෝභා කපූර් විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් සන්නාමය යටතේ ය. මෙය රංජන් කුමාර් සිංගේ අධ්‍යක්ෂණයකි. මෙහි ප්‍රධාන චරිත වන චන්ද්‍රගුප්ත මෞර්යගේ රජත් තෝකාස් විසින් ද, නන්දිනීගේ චරිතය ශ්වේතා බාසු ප්‍රසාද් විසින් ද නිරූපණය කරයි. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ පුරාතන ඉන්දියාවේ අධිරාජයකු වූ චන්ද්‍රගුප්ත මෞර්යගේ ජීවත කථාවයි.[1][2]
කතාමාලාවේ පළමු දසුන ඇරඹෙන්නේ භාරතමාතාව විසින් චන්ද්‍ර නන්දිනි රූපවාහිනී කතාමාලාව චන්ද්‍රගුප්ත මෞර්යගේ සහ ඔහුගේ භාර්යාව මෙන්ම ඔහුගේ ප්‍රධාන සතුරාගේ දියණිය ද වූ නන්දිනීගේ කථාපුවත ලෙස හඳන්වා දීමෙනි.
පිප්ලිවානාහි කුඩා පළාතක ප්‍රාන්ත රජකු වූ සූර්යගුප්තගේ භාර්යාව වන මූරා හට චන්ද්‍රගුප්තව පිළිසිඳ ගනී. ෂූර්යගුප්ත සහ ඇයට ඔහුගේ මිතුරකු වන මගධයේ ශෂිශුංග රජු ආරාධනා කරයි. මාලිගයේ දී, ගර්භනී මූරා හට මිත්‍ර කරනවෑමියකු වන නන්ද පෙම් කරයි. මෙම වරද වෙනුවෙන් ශෂිශුංගගේ භාර්යාව වන අවන්තිකා රැජින ඔහුට පහර දෙයි. නමුත් පසුව පෙනී යන්නේ අවන්තිකා සහ නන්ද එක්වී ශෂිශුංගගෙන් සිහසුන පැහැර ගැනීමට කුමන්ත්‍රණ කරන බවයි. එසේම ශෂිශුංගගේ යැයි පැවසුණු පුත්‍රයින් 9 දෙනා සැබැවින්ම නන්දට දාව අවන්තිකා වැදූ පුත්‍රයින් ය. සූර්යගුප්ත සහ මූරා මේ පිළිබඳ දැන ගත්ත ද, ඔවුනට කිසිවක් කරගත නොහැකි වන්නේ නන්ද ඒ වනවිටත් ශෂිශුංගව මරා දමා තිබූ හෙයිනි. මෙහි වරද සූර්යගුප්ත වෙත පැටවේ. නන්ද විසින් සූර්යගුප්ත මරාදමයි. මූරා කැළය දෙසට පලා යයි. එහිදී ඇයට චන්ද්‍ර නැමැති පුත්‍රයා උපත ලබයි. නන්දට හසුවීම වැළැක්වීමට ඇය දරුවාව ගව ශාලාවක සඟවයි. අනතුරුව කණිකා නැමැති සාමාන්‍ය කාන්තාවක් චන්ද්‍රව හදාවඩා ගනියි. මූරා නන්දගේ සිරකාරියක බවට පත්වේ. මේ වනවිට නන්ද මගධයේ අධිරජු බවට පත්ව මහාරාජ මහා පද්මනන්ද යන පදවිය උසුලයි. ඔහු අවන්තිකාව විවාහ කරගනියි. ඔහු මූරාව ද විවාහ කරගන්නට උත්සාහ දැරුව ද, ඇය එය ප්‍රතික්ෂේප කරයි. සිය පුත්‍රයා තමන් වෙනුවෙන් පලිගන්නා බව පවසන ඇය, නන්දට දියණියක වූයේ නම් ඇයට ද මෙම වැරදිවලට වන්දි ගෙවීමට සිදුවන බව පවසයි. මඳ කලකින්ම අවන්තිකා රැජින දියණියක බිහි කරයි. ඇය නන්දිනී නම් වේ.
පද්මනන්ද කෲර පාලකයකු බවට පත්ව සිටියි. ඔහු සිය ජනයා වෙත බදු පනවයි. ඔහුගේ එකම දුර්වලතාවය වූයේ ඔහු සිය පණටත් වඩා ආදරය කළ දියණිය නන්දිනී ය. මූරා තවමත් නන්දගේ සිරකාරියකව පසුවෙයි. මේ වනවිට සාමාන්‍ය වැසියකු ලෙස හැදීවැඩුණු චන්ද්‍රගුප්ත සිය හදාගත් මව වන කණිකාට බෙහෙවින් ලැදි ය. සිය බේබදු හදාගත් පියාගේ පීඩාවලින් ඇයව බේරාගන්නට ද ඔහු නොපැකිළෙයි. සිය මවට මූල්‍යමය අතින් උපකාර කිරීමට සිතා ඔහු පාඨලිපුත්‍රය වෙත පිටත් වෙයි. ඔහුගේ දස්කම් දැක තුටු වූ මගධ රක්ෂස් මහාමාත්‍ය විසින් පිරිනමන ලද විශේෂ මුද්‍රාවත් සමග ඔහු පාඨලිපුත්‍රය වෙත පැමිණෙයි. නන්ද බදු වෙනුවෙන් ජනතාව පෙළනු දැක ඔහු කම්පාවට පත්වෙයි. නන්දගේ ආඥාව මත සෙබලුන් විසින් හිංසා කරනු ලබන මූරාව ද ඔහුට මුණගැසෙයි. ඔහු මූරාව මඳ කාලයකට රැකගැනීමට සමත් වෙයි. කෙසේනමුත්, ඔහුට රාජකුමාරි නන්දිනීව ද දැකගන්නට ලැබෙයි. මේ අතර චානක්‍ය චන්ද්‍රගුප්තගේ ක්‍රියාවන් දෙස බලා සිටියි. යම් දිනෙක චන්ද්‍ර හට අඛණ්ඩ භාරතවර්ෂයක් පිළිබඳ සිය සිහිනය සැබෑ කරමින් ඉන්දියාවේම ශ්‍රේෂ්ඨ දිව්‍යමය අධිරජකු වීමේ හැකියාව ඇති බව ඔහු වටහා ගනියි. අනෙක් අතින් ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියාව ආක්‍රමණයට සැලසුම් කරයි. චානක්‍ය මහා පද්මනන්දයන් හමුවී ග්‍රීක ආක්‍රමණය පිළිබඳ අනතුරු හඟවයි. නමුත් මේ පිළිබඳ අවධානයක් යොමු නොකරන පද්මනන්ද චානක්‍යව රාජසභාවේ ඉවතට ඇද දමන්නේ ඔහුට යාචකයකු යැයි අවමන් කරමිනි. චානක්‍ය ළමා චන්ද්‍ර හට රජකුට අවශ්‍ය සියලුම දක්ෂතාවයන් උගන්වයි.
ග්‍රීකයන්ගේ යුධ හැකියාව පිළිබඳ ඉගෙනීමට චානක්‍ය චන්ද්‍රව ග්‍රීකවරුන් වෙත යවයි. ඔහු පර්වාටක් වෙත යාමේ දී, සෙලියුකස් නිකේටර්ගේ දියණිය වන හෙලේනාට මලේකේතු විසින් සිදුකරන ද්‍රෝහිකම් දැනගනියි. හෙලේනාගේ උපකාර ඇතිව ඔහු ග්‍රීක යුධ ශිල්ප උගනියි. අනුතරුව පලායන ඔහු පද්මනන්දට එරෙහි සටන් වැදුණ ද, පරාජයට පත්වේ. ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඔහු ඉන්දියාවේ රැඳී සිටි ග්‍රීකවරුන්ට පහර දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු හෙලේනාව විවාහ කරගනියි. නැවත ඔහු පද්මනන්දට පහර දෙන්නට තැත් කළ ද, එය ද අසාර්ථක වේ. අනුතරුව ඔවුන් විශාල සේනාවක් සංවිධානය කරන අතර, සිය හමුදාව නඩත්තු කිරීමට ධනය සැපයිය හැකි ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක වූ දුර්ධරා සමග විවාහ වන ලෙස ආචාර්ය චානක්‍ය ඔහුට පවසයි. අනතුරුව ඔහු යළි ආක්‍රමණයක් දියත් කරන අතර, එහි පළමු දිනයේම පද්මනන්ද ආසන්නයට පැමිණීමට චන්ද්‍රට හැකි වේ. නමුත් දිනය ගෙවීයන විට, නන්දිනීගේ පෙම්වතකු වූ මලේකේතු චන්ද්‍රගේ පිටට පිහියෙන් අනියි. ඊළඟ දිනයේ ඔහුගේ හමුදාව දුර්වල වන හෙයින් චන්ද්‍ර කඳුගැටයක් පසුපස පිහිටි රහස් නිවසක් වෙත පලා යයි. අනතුරුව චන්ද්‍ර සහ හෙලේනා හට මලේකේතුව හසු වේ. ඔහු චන්ද්‍රහට නන්ද රජුගේ රහසිගත සැඟවීම් ස්ථානය හෙළි කරයි. චන්ද්‍ර එම ස්ථානය වෙත පිටත් වන අතර, මලේකේතු හෙලේනාගේ දෑස්වලට වැලිගසා පලා යයි. අනතුරුව චන්ද්‍ර නන්චව සොයා ගනියි. ඔහු නන්දව මරාදැමීමට තැත්කළ ද, නන්දිනී අසිපතක් රැගෙන සිය පියා වෙනුවෙන් සටන් වදියි. නන්ද සහ නන්දිනී ඉදිරිපිට චන්ද්‍රගුප්ත නන්දගේ පුතුන් 8 දෙකු මරා දමයි. (ඉතිරි පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකි) නමුත් නන්ද සහ නන්දිනීව විනාශ නොකිරීමට ආචාර්ය තීරණය කරයි. ඔවුන් දෙදෙනා නන්දගේ සියලු වස්තුව සඟවා ඇති ස්ථානය වෙත ගමන් ගනිති. මෙවිට ඔවුන් පසුපස පැමිණෙන ආචාර්ය සහ චන්ද්‍ර, නන්දව මරාදමයි. අනතුරුව මාලිගය වෙත පලායන නන්දිනී සිය නෑණාවරියන්ට සහ මව්වරුන්ට සිදුවූ දෑ පවසයි. මූරා නිදහස ලබන අතර, චන්ද්‍ර මගධයේ රජු ලෙස අභිෂේක වේ. නමුත් නන්ද සහ ඔහුගේ පුතකු වූ ධාන් තවමත් ජීවත්ව සිටින බව හෙළීවීමෙන් පසු ඔහුට නන්දිනී සමග විවාහ වීමට සිදු වේ...
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)