චේහ්රා | |
---|---|
![]() තේමා පාඨය | |
ප්‍රභේදය | සංත්‍රාස, විලම්බන, නාට්‍ය |
තැනුවේ | බියොන්ඩ් ඩ්‍රීම්ස් ප්‍රොඩක්ෂන්ස් |
රචනය කලේ | මාම්තා පට්නායික් තුහිනා සිංහා අකාශාදිත්ය ලාමා ෂාරද් ත්‍රීපති |
අධ්‍යක්ෂණය කලේ | රෝහිත් ද්විවේදි මාම්තා පට්නායික් |
රඟපෑම | පහළ බලන්න |
තේමා සංගීත නිර්මාණකරු | සුනිල් කෞෂික් |
ඇරඹුම් තේමාව | නැත |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 80 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කරන් අහූජා රතේශ් මරුල්කාර් |
නිෂ්පාදක(යෝ) | යෂ් පට්නායික් මාම්තා පට්නායික් |
සංස්කාරක(යන්) | ධර්මේෂ් පටෙල් බසන්ත් කුමාර් |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 24 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | SDTV: 480i |
මුල් ධාවනය | 16 මාර්තු 2009 – 3 ජූලි 2009 |
චේහ්රා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී අවිනිශ්චිත නාට්‍ය කතාමාලාවකි. මෙය 2009දී විකාශය වූයේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ ය. මෙම රූපවාහිනී කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බියොන්ඩ් ඩ්රීමිස් ප්‍රොඩක්ෂන්ස් ආයතනයේ යෂ් පට්නායික් විසිනි.[1] මෙම රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ රිතු දුදානි සහ මෝහිත් රයිනා[2] යන නළු නිළියන් විසිනි. එහි දී රිතු දුදානි විසින් බන්දිනී නැමැති ආබාධිත යුවතියකගේ චරිතය නිරූපණය කරනු ලබන අතර, මෝහිත් රයිනා විසින් ගාර්ව් නැමැති ධනවත් යොවුන් ව්‍යාපාරිකයාගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙම රූපවාහිනී කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2009 මාර්තු 16 දින ය. කථාංග 80කින් යුත් මෙම කතාමාලාව 2009 ජූලි 3 දින විකාශය අවසන් විය. මෙම කතාමාලාව මිනිත්තු 24 කථාංගවලින් සමන්විත විය.
මෙහි කථා පුවත රචනා කරන ලද්දේ මාම්තා පට්නායික්, තුහිනා සිංහා, අකාශාදිත්ය ලාමා සහ ෂාරද් ත්‍රීපති යන රචකයින් විසිනි. මෙම රූපවාහිනී කතාමාලාව අධ්‍යක්ෂණය කරන ලද්දේ රෝහිත් ද්විවේදි සහ මාම්තා පට්නායික් යන අය විසිනි. මෙහි තේමා සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ සුනිල් කෞෂික් විසිනි. මෙම කතාමාලාවේ සංස්කරණ කටයුතු සිදු කරන ලද්දේ ධර්මේෂ් පටෙල් සහ බසන්ත් කුමාර් සංස්කරණ ශිල්පීන් විසිනි.
මෙම කථාව ගලා යන්නේ ජීව ගුණයෙන් පිරිපුන්, සිය රෝද පුටුවෙහි සිට ලෝකය ගවේෂණයට උනන්දුවක් දක්වන බන්දිනී නැමැති තරුණ යුවතියක් වටා ය. චේහ්රා කතාමාලාව ඔස්සේ බන්දිනීගේ දිවිය, ඇගේ නොමියෙන ආත්මය සහ විවාහයෙන් පසුව ඇයට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් ආදිය නිරූපණය කෙරේ. විසි හතරවන වියේ පසු වන බන්දිනී සිනහ උපදවන, ජීව ගුණයෙන් පිරිපුන් සහ පරිසරයට ඇළුම් කරන තරුණියකි. හදිසි අනතුරක් හේතුවෙන් ආබාධිතභාවයට පත්වුවත්, ඇය මෙම ආබාධිතභාවයට ඇයව පහතට ඇද දැමීමට ඉඩ නොදෙන්නී ය. ඇය ඒ පිළිබඳ අන්‍යන්ගේ අනුකම්පාව සහ කනගාටුව ලබා ගැනීමට ප්‍රිය නොකරන්නී ය. ඇගේ දිවිය උඩු යටිකුරු වන්නේ ඇවට තරුණ, ජේත්තුකාර, ධනවත් සහ කඩවසම් ව්‍යාපාරිකයකු වන ගාර්ව් හමුවීමත් සමගයි. බන්දිනී අතිශයින් විස්මයට පත්වන්නේ ඇය මෙතරම් ප්‍රිය කරන තරුණයා ඇයට විවාහ යෝජනාවක් රැගෙන ඒමත් සමගයි. ඇතැමුන් සිතන්නේ එය සැබැවින්ම ඇගේ වාසනාව බවයි. තවත් සමහරුන් පවසන්නේ එය ඇගේ යහපත් කර්මයක් පලදීමක් බවයි. නමුත් එහි ඇතුළතින් බාහිරින් පෙනෙන දෙයට වඩා වැඩි යමක් ඇති බව පෙනේ.