පාලි හා සංස්කෘත භාෂාවන්හි ජරාමරණ යනුවෙන් හැඳින්වෙන්නේ ‘වයස්ගතවීම හා ජරාවට පත්වීම’ සහ ‘මරණයට පත්වීම’ යි. බුද්ධ ධර්මය තුල ජරාමරණ යන්නෙන් අදහස් කරන්නේ සෑම සත්වයෙක්ම සංසාර චක‍්‍රය තුල සිය නැවත උත්පත්තියට ප‍්‍රථම ජීවිතය අවසානයේ දුක් විඳීමයි.
බුද්ධ ධර්මයේ අරමුණ වන්නේ දුකින් මිදීමයි. මේ සඳහා බුදුන් වහන්සේ උගන්වන මාර්ගය චතුරාර්ය සත්‍ය තුල ගැබ්ව ඇත. මෙයින් පළවන සත්‍යය වන්නේ දුකයි. උන්වහන්සේ ‘දුක’ පිලිබඳව නැවත නැවත සිය ඉගැන්වීම් තුල මෙසේ දක්වා සිටියි.
‘මහණෙනි දුක්ඛ සත්‍යය යනු මෙයයි. උපත දුකකි, වයසට යාම දුකකි, මරණය දුකකි, අපි‍්‍රයයන් හා එක්ව විසීම දුකකි, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි, අප කැමති දේ නොලැබීම දුකකි, කෙටියෙන් කියන්නේ නම් පංච කාමයන්හි ගැලීම දුකකි.’
බුදුන්වහන්සේ සිය ඉගැන්වීමේ වත් තැනක මෙසේ වැඩිදුරටත් දක්වයි.
’වයසට යාම යනු කුමක්ද ? ජරාවට පත්වීම, හිසකේ සුදුවීම, සම රැලිවැටීම, ශක්තිය හීනවීම, වයසටයාම නම් වෙයි. ‘මරණය යනු කුමක්ද ? දිරාපත්වීම, මියයාම, මරණය, කාළය අවසන්වීම, සියල්ල හැරයාමට සිදුවීම, ශරීරය හැරයාමට සිදුවීම මරණය යනුවෙන් හැඳින්වේ.’
උත්පත්තිය විසින් ඇති කරන නිධානයන් 12 නි එකකි ජරාමරණ. එනම් ඉපදුනු සෑම අයෙකුම, විශ්වයේ සෑම ජීවියකුම, දෙවියන්, මිනිසුන් හා සත්වයින්ද ජරාමරණයට පත්වෙති. සිය ජීවිතකාළය තුල නිර්වාණාවබෝධය නොලැබූ සෑම අයෙකු මෙන්ම සෝවාන් ඵලයට පත් බෝධිසත්වයින්ද නැවත නැවත උත්පත්තිය ලබමින් සංසාර චක‍්‍රය තුල ගමන් කරනු ඇත.