ජේ. එස්. තිස්සනායගම් | |
---|---|
දේශීය නම | ஜெயப்பிரகாஷ் சிற்றம்பலம் திசைநாயகம் |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
රැකියාව | ජනමාධ්‍යවේදී |
ජයප්‍රකාශ් සිත්තම්පලම් තිස්සනායගම් (ජේ. එස්. තිස්සනායගම් ලෙසින් හැඳින්වෙන, දෙමළ: ஜெயப்பிரகாஷ் சிற்றம்பலம் திசைநாயகம்) යනු ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදියෙකි. 2008 මාර්තු 7 දිනදී, ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්තවාද විමර්ශන අංශය විසින් ඔහු රඳවා තබා ගන්නා ලදි. කිසිදු චෝදනාවක් නොමැතිව මාස 6 පමණ කිට්ටු කාලයක් ඔහු රඳවා තබා ගැනුණි.
2010 පුවත්පත් නිදහස දිනය වෙනුවෙන් ජනාධිපති රාජපක්ෂ විසින් තිස්සනායගම් වෙත සමාව ලබා දෙනු ලබන බව 2010 මැයි 3 දිනදී ශ්‍රී ලාංකික රජය ප්‍රකාශයට පත් කළේය.
දිරිමත් සහ ආචාර්යධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් පිරිනැමෙන පීටර් මැක්ලර් සම්මානයේ පළමු ලාභියා ලෙසින් තිස්සනායගම් නම් කෙරිණි.
2009දී තිස්සනායගම් විසින් ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ ජාත්‍යන්තර පුවත්පත් නිදහස සම්මානයද දිනා ගත්තද, සිරගතව සිටීම නිසා එය පිළිගැනීම සඳහා යාමට ඔහුට නොහැකි විය. [1]
2010දී, බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මාන තුලදී වසරේ විදේශීය ජනමාධ්‍යවේදියා ලෙසින් ඔහු නම් කෙරිණි. [2] 2011දී, ඔක්ස්ෆම් නොවිබ් /PEN සම්මානය වෙතින් ඔහු පුදනු ලැබීය. [3]